සිහිනයකි ජීවිතේ (නවකථාව )

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ikmanatama iwarakaralane, honda kathawak aththtama, eelanga epiya daanakam iwaseemak nathiwena thanata apiwa aran awilla thiba :)
    Digatama liyamu ehanam :D
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඇහැලමල් කිනිත්තී

    පීත පෑ සලු පැළඳ
    විසල් තුරු මැදුරතේ
    හරිත පෑ කවුලුවෙන්
    නුඹ කැලුම් පානවා
    පෙති දෙතොල මෑත් කර
    රේණු දසනන් නගා
    කවි සිතේ අගුල් දොර හරිනවා

    නුඹේ ඳඟ කම් බලා වැඩ වැරූ නෙත් පියන්
    පලාගෙන හිරු කටුත් මගෙ ඇහේ ඇනෙණවා
    දැන දැනත් නුඹ ඉතිං රඟනවා

    සුළඟ රහසින් ඇවිත් නුඹේ බඳ දෑලතේ
    අත් ගසා නුඹ වඩා ගන්නවා
    ඉරිසියා මුරුගයන් හපනවා
    දැන් ඉතිං මට හුඟක් රිදෙනවා

    කෙලිදෙලෙන් නුඹ සමඟ
    දැවටි දැවටී ඉන්න මගෙ හිතේ හීනයක් තියෙනවා
    දිවාකර අවසරෙන් අඳුර පන්දම් අරන්
    රත්තරන් මගෙ හීනෙ දවනවා
    හිතේ අඩමානයට බොඳවි බොඳවී දෙනෙත
    නුඹ දුරින් ඉන්නවා පේනවා
    තත්පරෙන් තත්පරේ කල්පයක් මුලුල්ලේ
    දොලොස්පැය රෑ පුරා ගෙවෙනවා

    නින්ද බැණවදිනකොට අවනතව නෙත් පියලි
    යන්තමට ඉසිඹුවක් විදිනවා
    සියක් දන අතර නුඹ සොඳුරු දෙවඟන ලෙසින්
    රඟමඩල කලුසුදුව පේනවා

    මා බලන්නට එන්න කියා ඔබ ආදරෙන්
    මගෙ සවන් කුටීරෙට එබෙනවා

    කලු බිතුව බිඳ වැටී
    තෙදැති එක්ටැම් මැදුර පෙර දවස වාගේම දිලෙනවා
    ඒත් මහ හිස් කමක් දැනෙනවා
    හරිත පෑ කවුලුවද බිම බලා දොම්නසින්
    හූම් ගා සුසුම් රැලි පිඹිනවා
    ඔබේ රූ මදු සොයා නෙත් බිඟුන් උමතුවෙන්
    ගගනතේ ඉම සොයා සරනවා

    අභිශේක කොට අඳුර එලිබිඳක් නොම පෙරුව
    නිළඹ හිස් බැල්මෙන්ම ඉන්නවා
    විසල් එක්ටැම් මැදුර
    පාමුලේ ඉරිතැලුන දූ එලූ බුමුතුරුණ දිසෙනවා
    ඒ මතේ නුඹ නිදා සිටිනවා රන් රුවක් වාගේම පෙනෙනවා

    ඔබා දෙදනත පොළව බලා අදරින් නුඹ ව
    සිලෝපත සේ සුරුව වඩා දෝතට ගන්නවා
    අතැර නුඹ මිලින ගත පීත පෑ දුහුල් සලු
    එකින් එක ලිහි ලිහී වැටෙනවා
    දරදඩුව වක ගැසුන නුඹේ ජීවන හරය
    මගෙ අතේ හරි බරට රැදෙනවා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගෙ පළවෙනි නවකථාව එලකිරියට තමයි ලීවෙ.ඉතිං දිගටම මගෙත් එක්ක ඉඳපු හැමෝටම ස්තූතියි කිව්වා ඔන්න..ගුණ දොස් කීවොතින් ඉස්සරහට නිර්මාණ කරද්දි වැදගත් වෙයි.

    උඹ සෑහෙන්න හොඳට ලියලා තියෙනවා . මගේ ජීවිතේ සමහර කොටස් මේ කතාවේ තියෙන නිසාද දන්නේ නෑ බොක්කටම වැදුනා . පොඩි පොඩි අඩු පාඩුකම් වගයක් දැක්කා .
    මතක එකක් කියන්නම් . කවීෂව මදාරා ගෙදරින් බස්සලා පැය දෙකක් යන්න ඕනේ කිව්ව එක . කවීෂ වැඩට යන්නේ වාහනේ නේද ? එතකොට හැම දාම පැය 2 විතර වැඩට එළවන එකෙක්ද ?
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    උඹ සෑහෙන්න හොඳට ලියලා තියෙනවා . මගේ ජීවිතේ සමහර කොටස් මේ කතාවේ තියෙන නිසාද දන්නේ නෑ බොක්කටම වැදුනා . පොඩි පොඩි අඩු පාඩුකම් වගයක් දැක්කා .
    මතක එකක් කියන්නම් . කවීෂව මදාරා ගෙදරින් බස්සලා පැය දෙකක් යන්න ඕනේ කිව්ව එක . කවීෂ වැඩට යන්නේ වාහනේ නේද ? එතකොට හැම දාම පැය 2 විතර වැඩට එළවන එකෙක්ද ?

    ස්තූතියි මචං,
    ගොඩ දෙනෙක් කාල රාමුවක් ඈඳ ගන්නෙ නැතුව තමයි ලියන්නෙ ඒක ලේසි සහ කතාවෙ ගලා යාමට බාදාවක් නෑ.මම ගොඩක් තැන් වල මාර කට්ටක් කෑව සමහර කොටස් ගලපන්න ගිහින්.:love:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ස්තූතියි මචං,
    ගොඩ දෙනෙක් කාල රාමුවක් ඈඳ ගන්නෙ නැතුව තමයි ලියන්නෙ ඒක ලේසි සහ කතාවෙ ගලා යාමට බාදාවක් නෑ.මම ගොඩක් තැන් වල මාර කට්ටක් කෑව සමහර කොටස් ගලපන්න ගිහින්.:love:

    මොනවා උනත් එළ . මට තේරුනා සමහර තැන් හරියටම ගැලපිලා නෑ කියලා . තව 2-3 ලියනකොට ඕක හරි යනවා. office එකේ වැඩත් පැත්තකට දාලා එක හුස්ටම කියෙව්වේ.
    ඒක නෙමේ මේක උඹේම නිර්මාණයක්ද නැත්තම් කාගේ හරි කතාවක පොඩි සම්බන්දයක් තියෙනවද ?
    නාට්‍යක් වගේ ගහන්න එළ කතාව
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මොනවා උනත් එළ . මට තේරුනා සමහර තැන් හරියටම ගැලපිලා නෑ කියලා . තව 2-3 ලියනකොට ඕක හරි යනවා. office එකේ වැඩත් පැත්තකට දාලා එක හුස්ටම කියෙව්වේ.
    ඒක නෙමේ මේක උඹේම නිර්මාණයක්ද නැත්තම් කාගේ හරි කතාවක පොඩි සම්බන්දයක් තියෙනවද ?
    නාට්‍යක් වගේ ගහන්න එළ කතාව

    එහෙමනම් නෑ බං මම හිතලම තමයි ලීවෙ කැම්පස් හිටපු කාලෙ සමහර චරිත ගොඩනගද්දි නම් අරයා වගේ මෙයා වගේ කියල හිතල ලියුව ඒත් කන්සෙප්ට් එක මටම හිතිච්ච දෙයක්.එලකිරියට ලියද්දි කට්ටියගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා ඒ නිසා වැඩ අස්සෙ නිදිමරාගෙන තමයි ලීවේ .පොතක් විදියට පබ්ලිෂ් කරන්නත් හිතෙනව බලමු.ස්තූතියි මචෝ අප් කලාට.