සිහින_රැකියා

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    කියමනක් තියනවනේ "ඔබ ආදරය කරන රැකියාවක් තෝරාගත්තොත්, ඔබට ජිවිතයේ කිසි දිනක වැඩ කිරීමට සිදු නොවනු ඇත" කියලා ඒ වගේ රැකියා කීපයක් තමයි මම අද බෙදා ගන්න හිතුවේ.

    1. DISNEY IMAGINEER

    27854_hd.jpg


    Estimated pay: $30,000-$130,000 per year
    Location: North America & Asia
    Difficulty: You actually need to be an engineer for this

    IMAGINEER කියන වචනය හැදිලා තියෙන්නේ (imagination + engineer) කියන වචන දෙකේ එකතුවෙන්. එකෙන්ම හිතා ගන්න පුළුවන්නේ මොන වගේ රැකියාවක් ද කියලා. ඔබ දකින සිහින යථාර්තයක් බවට පත් කිරීමේ හැකියාවක් තිබෙන ඉංජිනේරුවෙක් නම් ඔබට ගැලපෙනම රැකියාව මෙයයි.

    2. PROFESSIONAL CUDDLER

    27855_hd.jpg


    Estimated pay: $30,000-$100,000 per year
    Location: Anywhere you like
    Difficulty: You’re literally getting paid to hug people

    අපේ අයියලාට නම් කියාපු රැකියාවක් මේක. මේකේ job description එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔබ බදා ගන්න දක්ෂ පුද්ගලයෙක් නම් මේ රැකියාව ඔබටයි. (බදා ගැනීම විතරයි හොඳේ. එතනින් එහාට මොකුත් බෑ ;))

    3. PRIVATE ISLAND CARETAKER

    27856_hd.jpg


    Estimated pay: $15,000-$120,000 per year
    Location: Some lonely island, far away from civilization
    Difficulty: Private islands need lots of upkeep, but your downtime is on an island

    සුපිරි ධනවතුන් විසින් මිලදී ගන්නා ලද පෞද්ගලික දුපතක් බලා ගැනීම තමයි කරන්න තියෙන්නේ. අපි ජිවත් වෙන්න සිහින දකින මේ වගේ තැනක රැකියාවක් කරන්න ලැබෙන එකත් වාසනාවක් නේ.

    5. WATER SLIDE TESTER

    27858_hd.jpg


    Estimated pay: Around $26,000 per year
    Location: Around the world
    Difficulty: You go down waterslides all day

    පොඩි කාලේ හීන දැක්ක කෙනෙක් ගේ ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් රැකියාවක් තමයි මේක. කරන්න තියෙන්නේ water slide ටෙස්ට් කරන එක විතරයි. කරන්න තියෙන්නේ මේ water slides වල උස,වේගය,ගොඩබෑම,ජල මට්ටම සහ උෂ්ණත්වය වැනි දේ පරික්ෂා කිරීම තමයි. මේවා කරන එකට අමතරව පාර්ක් එකේ තිබෙන ඕනිම ride එකක් නොමිළේම යන්නත් හැකියාව ලැබෙනවා.

    6. PROFESSIONAL NETFLIX WATCHER

    27859_hd.jpg


    Estimated pay: Around $20,000 per year
    Location: At home
    Difficulty: Your main challenge will be not falling asleep

    දවසෙම TV බලනවට සල්ලි දෙනවනම් කියලා හිතිලා තියනවද? අන්න ඒ වගේ අයට නියම ජොබ් එකක් මේක. ලංකාවටත් netflix ආවනේ මේ ලඟදි. කරන්න තියෙන්නේ netflix shows බලලා ඒවා වර්ගීකරණය කරන එක විතරයි.

    7. LUXURY BED TESTER


    27860_hd.jpg


    Estimated pay: Around $20,000 per year
    Location: Luxurious hotels around the world
    Difficulty: Your job is to sleep in comfy beds

    මට නම් සෙට් උනොත් දෙසැරයක් හිතන්නේ නෑ යනවමයි මේකට නම්. කරන්න තියෙන්නේ සැපපහසු ඇඳවල් ටෙස්ට් කරන එක විතරයි. ටෙස්ට් කරනවා කියන්නේ ඉතින් නිදා ගන්න තමයි තියෙන්නේ.

    8. PROFESSIONAL TRAVELER


    27861_hd.jpg


    Estimated Pay: Around $50,000 per year
    Location: Planet earth
    Difficulty: Traveling a lot can be tough, but you get to see the world for free

    ලෝකේ වටේ නිකම් යන්න තිබ්බනම් කොහොමද? ලෝකේ වටේම යනවට පඩියකුත් ගෙවන සිහින රැකියාවක් තමයි මේක. ගොඩක් අය බලලා ඇති නෙහ් BBC එකේ ගියපු planet earth series එක. අන්න ඒ අය තමයි මේ සිහින රැකියාව කරන අය.


    Source : www.goodnet.org

    තවත් දෙයක් අද මට පලවෙනි වතාවට රෙප් පවර් හම්බුනා 8ක් ම. අද ඉදන් සලකන්නම් හැමෝටම. ආදරෙයි!

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියෙන රැකියාවයි සිහින රැකියාවයි හරි වෙනස් අප්ප..
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔයිට අමතරව මගෙ යාළුවෙක් ඉන්නවා. මිනිහාගේ ජොබ් එක තමයි බෝයින් ෆලයිට් වල සීට් චෙක්කරන සුවපහසුව හොයාබලන එක. මිනිහට එක එක රටවලට යන්න වෙනවා. වියඳමට සල්ලිත් දෙනවා.