සීගිරිය

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සීගිරිය ගැන එලකිරි එකේ ඕන තරම් කතා වෙලා ඇති අපි ..... ඒ වෙනුවෙන් සවිස්තරාත්මක සටහනක් තබන්නයි යන්නෙ. මේක මට තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ...... ඒක නිසා ඔයාලත් දන්න තොරතුරු, පැන නඟින ගැටළු (සීගිරිය ගැන හොඳේ ;)) මෙතනදි සාකච්ඡා කරමු.

Sigiriya242.jpg


කස්සපයන්ගේ මාලිගය ලෙස දැනට හැඳින්වෙන සීගිරියෙ මුල් පදිංචිකරුවො එහෙමත් නැත්නම් නියම අයිතිකාරයො යක්ෂ ගෝත්‍රිකයො බව මීට පෙරත් විවිධ අවස්ථාවල අපි අතර කතාබහට ලක්වෙන්නට ඇති. සීගිරි ඉතිහාසය සොයා යද්දි එය කෝනාගම බුදුන්ගේ සමය දක්වා දිවෙන බවට තොරතුරු ලැබුණත් ඊටත් එහා ඉතිහාසයක් ඊට තිබෙන්නට බොහෝ ඉඩකඩ තිබේ.

කතරගම මහසෙන් රජ සමයේ සීගිරිය සිහමුඛ, සිහනාග නම් පාලකයන් යටතේ තිබුණ බවත් පසුව එම වකවානුවේම කළුතර රාජ්‍ය කල තාරක රජු විසින් ආක්‍රමණය කල බවත් සදහන් වෙයි.

තවත් තැනෙක සීගිරියෙ නිර්මාතෘ (ඉංජිනේරුවා) ලෙසට මය නම් අසුර ප්‍රධානියෙක් හැඳින්වෙනවා. එමෙන්ම මෙය නිර්මාණය කර ඇත්තේ වෛශ්‍රවණ (කුවේර) වෙනුවෙන් බවත් සඳහන්. ‘රාවන වත’ නම් පුරාණ පුස්කොල පොතෙත් මේ පිළිබදව විස්තර සදහන් වෙයි. මෙහිදී වැදගත් වන තවත් කරුණක් වන්නේ රාවන මෙහෙසිය මන්දෝදරියගේ පියාද මය නම් අසුර පාලකයෙක් වීමයි. එහෙත් මෙම දෙදෙනාම එක් පුද්ගලයෙකු බව අසන්නට ලැබී නැත. ආලකමන්දාව, චිත්‍රකූටය ආදී නම් වලින් හැදින්වුණු මෙම මාලිගාව සහ වෙසමුණි රජු සතුව තිබුණු පුෂ්පක විමානය පසුකළෙක සීගිරියේ විසූ රාවනයන් සතු වෙනවා.



Sigiriya312.jpg



නැවතත් විභීෂණ රාජ්‍යත්වයට පත්වීමෙන් පසු සීගිරිය, චිත්තරාජ නමැති වංශාධිපති යක්ෂයෙකු‍ට පවරා දුන් බවත් සදහන්. පසුකලෙක පණ්ඩුකාභය කුමරු රැකගන්නට උපකාර කල චිත්තරාජත් මෙම පරපුරේම අයෙක් විය හැකි නොවේද?

ඉන්පසු ආලකමන්දාව සිය වාසභවන කරගත් බව සදහන් වන්නෙ කාශ්‍යප රජු පමණයි. කාශ්‍යප රජුගේ මව ධාතුසේන රජුගේ අග මෙහෙසිය නොවන බවත් ඇය රාක්ෂ ගෝත්‍රයේ කාන්තාවක් බවත් අහන්ට ලැබෙනවා. කාශ්‍යප රජුට සිය මව් පාර්ශවයෙන් උපකාර ලැබුණු බව ඉතිහාසයේ මෙන්ම ජනකතා වලත් සදහන් වෙනවා. යකුන් විසූ ප්‍රදේශයකට ආරක්ෂාව පතා යාමත්, එහි සිට රාජ්‍ය පාලනය කිරීමත් තුලින් කාශ්‍යප රජුගේ යක්ෂ සම්භවය තහවුරු වේ. (මාතෘකාවට අදාල නොවුණත් කියන්න හිතුනෙ, පණ්ඩුකාභයගෙ කතාවත් මීට හුගාක් සමානයි කියලයි). කෙසේ වෙතත් මේ වනවිට, සීගිරිය යනු ඉතිහාසය පුරාවටම යකුන්ට උරුමව තිබූ බලකොටුවක් බව ප්‍රත්‍යක්ශ වී ඇත.

Sigiriya48-Fresco42.jpg


සීගිරි පර්වතයේ සිටින සුරූපී අප්සරාවන්ගේ සිතුවම්ද ඈත අතීතයේ පටන්, එනම් කාශ්‍යප යුගයට පෙර සිට එහි වූ බවට තොරතුරු ලැබෙන අතර, කාශ්‍යප රජ සමයේදී, රජුගේ දියණියන් වූ බෝධි සහ උත්පලවණ්නා විසින් මෙම සිතුවම් ප්‍රතිසංස්කරණය කල බවත් අසන්නට ලැබේ. මේ අතර සීගිරිය අසල පිහිටි පිදුරන්ගල (රනින් පිදූ ගල) විහාරයද කාශ්‍යප රජු විසින් කරවන ලද්දක් බව සඳහන්ය.

මෙහිදී අප විසින් සැලකිය යුතු තවත් කරුණක් නම් මුගලන් කුමරුට සහය පතා ඉන්දියාවට පලා යාමට සිදුවීමයි. ඉන් සනාථ වන්නේ ලක්වැසියන්ගේ සහය කාශ්‍යප රජු වෙත තිබුණ බව නොවේද? ඇරත් පියරජු ඝාතනය කලානම් ජනතා සහය කස්සප රජුට ලැබේද? රටවැසියන් කැරලි ගැසූ බවක්වත් සඳහන් නොවන්නේ මන්ද? එමෙන්ම රටින් පලායන මුගලන්ට කාශ්‍යප රජු සමඟ සටනකට එන්නට වසර 18 ක්ම ගතවේ. වංසකතාවල සඳහන් පරිදි කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙක් ලෙස රටවැසියන්ගෙන් කොන්වී සිහගිරට වී සිටියේ නම් 18 වසරක් රාජ්‍ය කරනට තරම් ශක්තියක් ලැබේද? අප විසින් නැවත සිතා බැලිය යුතු, තතු සොයාගෙන නිරවුල් කරගත යුතු දෑ බොහෝය. වංශකතාකරුවා විසින් පීතෘ ඝාතක හංවඩුව ගසන ලද මේ මහා පඬිවරයාගේ, කලාකරුවාගේ සැබෑ තතු අප විසින් සොයා ගත යුතු කාලය එළැඹ ඇත.



උපුටා ගැනීම -
1_13_02_09_11_24_31-Copy.jpg

 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Sigiriya27-PitaDiyaAgala3.jpg

පිටදිය අගල

Sigiriya20-Maanelpokuna82.jpg

මානෙල් පොකුණ

Sigiriya2322.jpg

සීගිරි නගරය

Sigiriya26-Wathuramal32.jpg

වතුර මල්

Sigiriya33-Sthupa2.jpg

ස්ථූපය

Sigiriya34-Bodhigaraya2.jpg

බෝධිඝරය

Sigiriya35-Deraniyagalaguhaawa42.jpg

දැරණියගල ගුහාව
අතීතයේ මුළු සීගිරි පර්වතය වටා සිතුවම් තිබුණ බවට තවත් සාධකයක්.
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
මම ළගදි සීගිරි ගිය වෙලේ ගත්ත පිංතූර තියනවා..මම ඒක මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් දෙන්නං..:yes:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Sigiriya48-Fresco102.jpg

බිතු සිතුවම්

Sigiriya49-Ketapathpawra52.jpg

කැටපත් පවුර සහ සීගිරි කුරුටු ගී

Sigiriya50-Sinhakata32.jpg

සිංහ කට

Sigiriya51-BambaraWadha2.jpg

බඹර වද (දැන්නම් මේවා නෑලු :( )

Sigiriya54-Summit112.jpg

ගල මුදුනේ ඇති උයන

Sigiriya54-Summit122.jpg

පැමිණි මාවත ගල මුදුනට පෙනෙන අයුරු
මාර්ගය දෙපස සමමිතික ගොඩනැගිලි වලින් සැදි අපූරු නගර සැලසුම
 

Savyna

Junior member
  • Mar 8, 2009
    677
    24
    18
    33
    Brooklyn, NY
    i dont know what the sinhala is saying. but the pictures are cool and it seems like these are historical sites for your country...really cool =)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,326
    1,933
    113
    Kalutara
    Well these are the things to b posted in EK :yes: :D
    බොහෝම ස්තූතියි අමල්ක අක්කෙ මේ හැම විස්තරයකටම :D
    මේ ගැන වැඩිදුර කතා කරන්න අමිල අයියත් හිටියනම්
    :oo:
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Well these are the things to b poted in EK :yes: :D
    බොහෝම ස්තූතියි අමල්ක අක්කෙ මේ හැම විස්තරයකටම :D
    මේ ගැන වැඩිදුර කතා කරන්න අමිල අයියත් හිටියනම්
    :oo:
    හැබෑව හැබෑව :cool: :sorry: