සීනි බෝතලේට කූඹි ගියාම කරන්න සුපිරි වැඩක්..

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    සීනි බෝතලේට කූඹි ගියාම කරන්න වැඩක් හම්බුනා..
    උබලනම් දන්නවත් ඇති මන් අද තමයි මේක හොයා ගත්තේ.
    ගොඩක් වෙලාවට කරන්නෙ සීනි බෝතලෙ අව්වෙ තියනව, පත්තරයක් උඩට සීනි ටික හලල කූඹි යනකන් ඉන්නව වගේ ඒවනෙ

    මන් ආතල් එකේ කෝපි එකක් හදාගන්න යද්දිම තමයි මුන් ටික කඩා වැදිල තිබුනේ..
    මට කූඹි එක්ක තරහ ගිහින් මන් කරේ උන්ව යට වෙන්න බෝතලේ කට මට්ටම් වෙනකන් තව තව සීනි පුරවපු එක..
    තව සීනි පැකට් එකක් තිබුනා ඒක කඩල ඒකෙ සීනි තමයි පිරෙව්වෙ..

    උන්ට හුස්ම ගන්න බැරිද දන් නෑ උන් ටික වෙලාවකින් මෙන්න සෙට් එක පිටින්ම උඩට ආවා..
    කිසි කරදරයක් නෑ..
    ඊට පස්සෙ ඉතින් උඩින් අයින් කරල දාන්න තියෙන්නෙ උන් ටික..

    මට තමයි දැන් මේ ක්‍රමේ පේටන්ට් අයිතිය තියෙන්නෙ දැන් උබලත් කරල බලපන් කූඹි ආවම සීනි බෝතලේට. :D
    සිනි බෝතලේට කරාබු නැට්ටක් (clove) දෙකක් තලලා දාපන් ගොන් ආතල් දෙන්නේ නැතුව ! ඒක ලංකාවේ පරණ ක්‍රමයක්. මාසයක් දෙකක් උනත් එකම කරාබු නැට්ට බාජනය ඇතුලේ තියන්න පුළුවන්
     
    • Wow
    Reactions: Flappybird