සීපා ගිවිසුම ගැන ලාංකිකයෙකු ලෙස මගේ අදහස නම් ඒක ලංකාවට වාසිදායක එකක් කරගන්න පුලුවන්. ඒ වගේම ඉන්දියවට වාසිදායක එකක් කරගන්නත් පුලුවන්. ඒ නිසා ලංකාවට ලොකු අවදානමක් තියෙනව. උදාහරනයක් ලෙස ලාංකික හා ඉන්දියානු සේවකයන් අතර අනුපාතයක් පවත්වා ගතයුතුයි. දළ වශයෙන් 4:1 ක්.
දැන් මම සේවය කරන ආයතනය (රටවල් 26ක විහිදුන තොරතුරු තාක්ෂනය හා සම්බන්ධ ) දකින විදියට සීපා ගිවිසුම ආයතනක් විදියට අපිට ලොකු වසියක් තියෙනව. මක් නිසාද යත් අඩු මිලට ඉන්දියානු සේවකයන් ගේ සේවාව, දක්ෂ හා තීකෂණ් බුද්ධියක් සහිත ලංකිකයන්ගේ අධීක්ෂණය හා පරිපාලනය යටතේ ලබාගැනීමට හැකිවීම. කෙටියෙන් කියනවනම් ඉන්දියනු ගවයන් හා ලංකික ගව පාලකයන් යොදා කිරි නිපදවිමට යොමු වීම වැනිය. නමුත් ලාංකිකයන් ගවයන් ගේ තැනට පත්වීමේ ලොකු අවදානමක් තියෙනව. ගිවිසුම අපිට වැදගත් නමුත් ඒක අපිට වාසිදායක් විය යුතුයි.