සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය වගේ සුපිරි කතා මාළාවක් කරන්න තරම් අපේ රටේ නිෂ්පාදක වරුන්ට සල්ලියක් නැහැ මචෝ.. උඹ හිතන්නෙ මොන තරම් වියදමක් දරන්න වේවිද ඔය තරම් සුපිරියට නිර්මාණයක් කරන්න.. අනික ඔය සංස්කෘතියට යන විදියෙ කතාවක් අපේ සිංහල අය කෙරුවොත් බල්ලෙක්වත් බලන්නෑ..

    මං කැමති නෑ ලංකාවෙ හොඳ ටෙලි නාට්‍ය බිහි වුනේ නැහැ කියනවට..
    මොකද මං උදාහරණ කියන්නම්..
    ගල් පිලිමය සහ බොල් පිලිමය
    උතුවන්කන්දේ සරඳියෙල්
    බෝඩිම, සෙනුරි, බැද්දෙ ගෙදර, ඉසුරුයෝගය, මැණික් නදිය ගලා බසී, කන්දේ ගෙදර, සූරිය දරුවො, සුදු පරවියෝ, කුමාරයාණෙනි, දු දරුවෝ, වෙද හාමිනේ, රතු රෝස, ගමන, ඇල්ල ළඟ වලව්ව, නිසල දිය සසල විය, ලා හිරු දහසක්, පහන් කනුව, ගංගා සහ නිස්සංක, ගං දෑල නිසලයි, තොන්ඩුව, එතුමා, යශෝරාවය, අඹ යාළුවො, කඩුල්ල, දඬුබස්නාමානය, ගිරය, හිරුට මුවාවෙන්, කැලෑ සන්නිය, දෙකොණ ගිණි, පලිගු මැණිකේ (ජැක්සන් ඇන්තනී කරලියට ආවෙ මේ ටෙලි නාට්‍යයෙන් තමා..) ඒ වගේම ලංකාවෙ මුල්ම ටෙලි නාට්‍ය දිමුතු මුතු ඔය කතා එකක් හරි බලලා තියෙනවා නම් සුජාත දියණි මොකක්ද කියලා හිතෙයි.. :)


    මෙහෙමයි මචං මේ එකක්වත් කොල්ලා දුප්පත් කෙල්ල පෝසත් ආදර කතා නෙවෙයි. මේ වල තේමාව එකට එකක් අහසට පොලව වගේ..
    ඒත් අද හැදෙන හැම ටෙලි නාට්‍යයක්ම අර මං ඉස්සර වෙලා කියපු බොලඳ ආදර කතා ඉතින් ඒවට වඩා වෙනස් දෙයක් ආපුවහම මිනිස්සු ඒවා ඉක්මනට වැලඳ ගන්නවා..
    මට හොඳටම ශුවර් දැන් ඔය ඊළඟට එක ටෙලි නාට්‍යයත් සුජාත දියනී වගේ වුනොත් මිනිස්සු ඕකෙන් ඈත් වෙනවා
    අද ටෙලි නාට්‍ය බලන මිනිස්සු වෙනසක් හොයන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි මචං මේ එකක්වත් කොල්ලා දුප්පත් කෙල්ල පෝසත් ආදර කතා නෙවෙයි. මේ වල තේමාව එකට එකක් අහසට පොලව වගේ..
    ඒත් අද හැදෙන හැම ටෙලි නාට්‍යයක්ම අර මං ඉස්සර වෙලා කියපු බොලඳ ආදර කතා ඉතින් ඒවට වඩා වෙනස් දෙයක් ආපුවහම මිනිස්සු ඒවා ඉක්මනට වැලඳ ගන්නවා..
    මට හොඳටම ශුවර් දැන් ඔය ඊළඟට එක ටෙලි නාට්‍යයත් සුජාත දියනී වගේ වුනොත් මිනිස්සු ඕකෙන් ඈත් වෙනවා
    අද ටෙලි නාට්‍ය බලන මිනිස්සු වෙනසක් හොයන්නේ
    උඹ කියන කතාවත් ඇත්ත මචං.. අනිවා ඔය වගේම එකක් තමා ආවත් එන්නෙ.. පිංතූරෙ දැක්කම කියන්න පුලුවන්..:yes: සිංහල ටෙලිනාට්‍ය ගැන කතා කරල වැඩක් නෑ.. හැම කතාවෙම අවසානය එකයි.. පොඩි පොඩි වෙනස්මක් කරලා කතාවෙ මුල සහ මැද.. එච්චරයි වෙනසකට තියෙන්නෙ.. ඒ අතින් කාලෙකට ඉහත ගියපු ටෙලි නාට්‍ය සුපිරියි..:yes: කරුමෙකට තියෙන්නෙ දැන් ඒ මිනිස්සු ටෙලි නාට්‍ය හදන්නෙ නෑ මේ මෙගා රැල්ල නිසා.. අනික හොඳ නළුවෙක්, නිළියක් මෙගා නාට්‍ය වලට ගන්න බෑ.. අලුත් එකෙක්, වැඩ නැතිව වේලෙන එකෙක් ගත්තොත් මිසක්.. රුපියල් 800කට කවුද බං දවසක් නහින්නෙ.. කුලී වැඩ කරන එකාටත් ඊට වඩා ලැබෙනවනේ..
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මම නම් ඔය විකාර කතන්දර එකක්වත් බලන්නෙ නෑ..........
    වැඩක් නැත්නම් කාලා නිදාගන්නවා ඔය හු*වල් බලන්නෙ නෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මාගේ ඉහත ප්‍රකාශය මෙන්ම ඒ උපුටා ගනු ලබූ දැන්වීම හේතුවෙන් එය ජාතික රූපවාහිනියට කඩේ යාමක් ලෙස දකින සොයුරු සොයුරියන් මෙහි නොමැති බව මගේ හැගීමයි. එසේම පෞද්ගලිකව ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්තී, දේශපාලන හා කාලීන සිදුවීම් යන වැඩසටහන් කෙරේ මා තුල නම් ඇත්තේ අතිශයින් පිළිකුලකි. නමුත් අගය කල යුත්ත කට කෑවත් අගය කල යුතුමය.
    බොරලු පාර, මෙහි කුනු දැමීම තහනම්.. මේදෙකත් ඒවගේ පට්ට පට නාට්‍ය දෙකක්. :love: දෙකම දැන් ඉවර වෙලා.
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    aththa ma kathawa

    ඔය අනිත් චෑනල මෙම නාටයට මඩ ගෙහුවට එක හොද සබ්බියත්වයක් තියෙන කතාවක් :yes::yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනිවා මචෝ.. උඹ කියන කතාවත් ඇත්ත.. ඒත් මචං අපේ එවුන් ලියන ස්ක්‍රිප්ට් එක බල්ලො බත් කන්නෑ,. දැන් ඔන්න නවකතා ඔක්කොම ටෙලි නාට්‍ය වලට හරවනවා.. මුන්ට ලියාගන්න ස්ක්‍රිප්ට් එකක් නැතුව.. විශේෂයෙන් සුජීව ප්‍රසන්න ආරච්චිගේ.. ඌ කලේ අපේ කොල්ලො කෙල්ලොන්ගෙ අතේ තිබිච්ච පිච්චිය හූරගෙන කාපු එක විතරයි.. ඌත් කලේ එක පොතකට ගහන්න තිබිච්ච කතාව පොත් අට නවයකට ගැහුවා.. උගේ මඩිය තර කරගන්න..

    අනිත් එක රන්දිකයො මෙහෙම දෙයකුත් තියෙනවා.. උතුවන්කන්දේ සරඳියෙල් ටෙලිනාට්‍ය කලාට, ගල් පිලිමය සහ බොල් පිලිමය ටෙලි නාට්‍ය කලාට ඒක ප්‍රසිද්ධ වුණේ නෑ.. නමුත් ඒක නුවනැත්තො අතරෙ ජනප්‍රිය වුණා.. සම්මාන බර ගාණක් හිමිකරගත්තා.. හැබැයි ඔය බොළඳ ආදර කතා වලටම ඇබ්බැහි වෙලා ඉන්න එවුන්ට ඒකෙන් ගොඩ එන්න බෑ.. උන් ඔය වගේ කතාවක් දැක්කොත් වෙන චැනල් එකකකට මාරු කරනවා.. ඔන්න ඕකයි අද රටේ තත්වය.. උන්ට ඕන බොළඳ ආදර කතා.. එතනින් එහාට යන්න බෑ..

    උඹ කියන්නෙ රන්දිකයො ඔය සුජාත දියණි කතාව අපේ රටේ එකක් වුණා නම් ඔය තරම් ප්‍රසිද්ධ වෙයිච..?


    අපේ රටේ මේ කතව ගැහුවා නම් ෆ්ලොප් එකෙන්ම..
    මොකද ඒ කරපු කැප කිරීම් අපේ දැන් ඉන්න උන්ගෙන් වෙන්නේ නෑ..ෂූටින් අස්සේ තව ෂූටින් යනකොට..කොහෙද ඕවා කරන්නේ..අනික එකාට එකා කැපිල්ල..හැදුවත් චතුරිකාව හරි නෙහාරව හරි දාලා තමා හදන්නේ...කරලා මින් චුන් හෝ ට මේනකව ගත්තොත්..ඊට පස්සේ නෙහාරා මේනක පෙම පරදී මේනක චතුරිකා මංගල සීනු හැඬවේ කියයි..

    සුජාත දියණි ආදර කතාවක් නෙමෙයි..කතාව ඇතුලෙන් ආදරයක් සියුම්ව්ම ගලාගෙන යනවා..මේ කතාවේ තීම් එක හොද තැනක ඉඳල වහල් කුලයටම වැ‍ටුන පවුලට අවු 5ක දරුවෙක් එයාගේ දෙමව්පියොත් නැතිව කුන කාගෙන කොහොම හරි තමන්ගේ ටාගට් එකට යන්න හදන එක..පස්සේ තේරෙනවා තනතුරකට වඩා මිනිසත් කම උතුම් කියන එක..ඇත්තටම ඒ කතාවේ සෑහෙන්නම සියුම් තැන් ගැන පවා හොඳට හිතලා වැඩ කරලා තිබුනා.සුපිරි ස්ක්‍රිප්ට් එකක්,අධ්‍යක්ෂනයක්,සෑහෙන්නම කැපවීමකින් කරපු රඟ පෑමක්..


    ලංකාවෙත් ඔය තුනම එකට එකතු උන දවසට මිනිස්සු ඒ දේවල් නොබල ඉන්නේ නෑ.හැම නාට්‍යයකම ඉන්නේ එකෙම සෙට් එක කෝක බැලුවත් එකයි වගේ..වෙනස් වෙන්නේ ඇදුමයි නමයි විතරයි...චරිතේ ගොඩක් ඒවගේ එකයි..සූර සරදියෙල් හොඳ නිර්මාණයක් ඒත් ඒක ඊටත් වඩා හොඳට කරන්න තිබුනා..මිනිස්සු අකමැතීම කියන්නත් බෑ..මට මතකයි ස්වයංජාත යන දවස් වලත් ගොඩක් ගෙදල් වල ඒ වෙලාවට ඒ නාට්‍යය බැලුවා..දූ දරුවෝ,සූරිය දරුවෝ නාට්‍යයත් ඒ වගේ මිනිස්සු මිස් නොකර බැලුවා..මිනිස්සු ඒ නිර්මාණ වලටත් ඒවා නිර්මාණය කල පුද්ගලයන්ටත් මිනිස්සු අදටත් ආදරෙයි පෞද්ගලිකවම මම ඒක දන්නවා..ඒත් මේ යන ‍රැල්ලත් එක්ක ඔවුන්ට යන්න අවශ්‍යතාවයක් නෑ..සෑහෙන්න කාලයක් නිහඩව බලන් සිටියා..

    සුජීව ප්‍රසන්න ආරච්චි ලියන්නේ නව කතාද කියලා නම් මම දන්නේ නෑ..තරුණ කොල්ලෝ කෙල්ලෝ උණෙන් වගේ කියවනවා.මට නම් පෙරවදනෙන්ම පොත එපා උනා..ඉතින් හරයක් බලාගෙන නෙමෙයි නේ..අර සංසලා හිටපු කතාව හැදුවේ..ම්ම්..ඒත් මේ ලෙඩේ ලංකාවට සෑහෙන්නම රිදෙන්න බෝ කලේ සිරස නෙමෙයි ද රන් දෙපැයක් ගෙනත්..කොහොම හරි සිරසට පාර වැදෙනකොට හොඳටම පාර දෙන්න ITN එක ගේමට බැස්සා මම හිතෙන්නේ දැන් සරටම මෙගා ‍රැල්ල යන්නේ ITN එකේ.රූපවාහිනිය ITN එකට නොරිද්දා වෙන විදියට තැනක් හදා ගන්න..වෙනම ම වැඩකට බැස්සා..ලංකාවට අඩු වියදමකින් සෑහෙන්නම ප්‍රොෂිට් එකක් හොයන වැඩක්..සුජාතා දියණි හරහා සෑහෙන ගානක් රූපවාහිනිය හොයා ගත්තා..ඒ ආදායමෙත් 40% ක් අනිවාර්යයෙන්ම ළමයින් වෙනුවෙන් යෙදිය යුතුමයි..

    තාම හිතා ගන්න බෑලු මොකද්ද ඒ මුදලින් කරන්නේ කියලා(එච්චරටම ලොකු ගානක් එකතු වෙලා ඒ කියන්නේ)..ඕක මාටියා හැගුවොත් නම් ලංකාව ලොවෙත් පජාත වෙනවා..මොකද ඕකෙන් සතයක් වත් කොරියාව ගත්තේ නෑ..මිත්‍රත්ත්ව පදනම මත් දුන්නේ..ඒ වගේම චංගුමීට රඟපාන නිළිය ඇතුලු ‍ෆිල්ම් Crew එකම ලෝකය පුරා ඔය නාට්‍යය විකාශනය වෙනකොට ඊකෙන් ආදයමක් දුප්පත් අසරණ ළමයින්ට වෙන් කලා...ලෝකේ අනික් රටවල් මාටියා ගහලා නෑ.. (අඩුම ගානේ අප්‍රිකාව වත්..) අපේ උන් ඒකත් ගැහුවා කියලා යනකොට නියමෙට තියෙයි..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සුජාත දියනියගේ තවත් පැතිකඩක්
    මමනම් ඕක බැලුවේ නෑ මචෝ
    උබේ අදහස් ටික නියමයි
    බලන් යද්දි හරි නේ!!!

    රෙප් + !!!
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මේකෙ ඔය කතාව ගැන කතා කලොත් නම් මොනව නැතත් පජාත දියණි කියන වචනෙයි ඉස්තරම්ම කුණු ටැග් ටිකකුයි නම් වැටිල තියෙනව දකිනව. විනාඩි 5ක් වගේ බලල තියෙනව ඕක. එච්චරයි.
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මම නම් ඔය විකාර කතන්දර එකක්වත් බලන්නෙ නෑ..........
    වැඩක් නැත්නම් කාලා නිදාගන්නවා ඔය හු*වල් බලන්නෙ නෑ

    මමත් ඔය එකම එක teledrama එකක්වත් බලන්නෙ නෑ. උඹේ කතාව 100% ඇත්ත. ඕව බලනකොට නැති ප්‍රශ්ණ ඇති වෙලා ඒව ගැන හිතනව සමහර උන්. අද අහවලා මැරෙයිද කතාවෙ අද කෙල්ල යාලු වේයිද. අද ගහගනීද.. පිස්සු මගුල්.. :dull::dull::dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ කියන කතාවත් ඇත්ත මචං.. අනිවා ඔය වගේම එකක් තමා ආවත් එන්නෙ.. පිංතූරෙ දැක්කම කියන්න පුලුවන්..:yes: සිංහල ටෙලිනාට්‍ය ගැන කතා කරල වැඩක් නෑ.. හැම කතාවෙම අවසානය එකයි.. පොඩි පොඩි වෙනස්මක් කරලා කතාවෙ මුල සහ මැද.. එච්චරයි වෙනසකට තියෙන්නෙ.. ඒ අතින් කාලෙකට ඉහත ගියපු ටෙලි නාට්‍ය සුපිරියි..:yes: කරුමෙකට තියෙන්නෙ දැන් ඒ මිනිස්සු ටෙලි නාට්‍ය හදන්නෙ නෑ මේ මෙගා රැල්ල නිසා.. අනික හොඳ නළුවෙක්, නිළියක් මෙගා නාට්‍ය වලට ගන්න බෑ.. අලුත් එකෙක්, වැඩ නැතිව වේලෙන එකෙක් ගත්තොත් මිසක්.. රුපියල් 800කට කවුද බං දවසක් නහින්නෙ.. කුලී වැඩ කරන එකාටත් ඊට වඩා ලැබෙනවනේ..

    ඊළඟට යන්න හදන නාට්‍යය සුජාතා දියණි එකේ තීම් එකට වඩා සෑහෙන්න වෙනස් තීම් එකක් යටතේ යන්නේ...සටන් ගිල්පය හරහා ගලා යන කතාවක් තියෙන්නේ..කෙලින්ම යුග දෙක වෙනස්...ඒ වෙනස බලන අයට තේරෙයි අපේ උන් ඒකෙත් ඩබින් කෑවොත් ඒකත් ඉවරයි..කලින් එක තනිකරම ලියන බාසවෙන් කලේ...ඉංගීසි සිංහලට ට්‍රාන්ස්ටේල් කරලා අවස්ථා සම්බන්ධය නැතිව අඩුම ගානේ ඒ ටික අරන් ගිහින් සන්සස්ගල සර් ට වත් දුන්නා නම් වචන ටික දාලා වාක්‍ය හදලා දෙයි..එච්චර හොඳට හදලා නිකන් දීපු නිර්මාණෙත් ලංකාවෙන් චොර කර ගත්තා..බඩ් කිරීමෙදී පුහුණුව තිබුන කීපදෙනෙකු ඇරෙන්න අනික් අය සාර්ථකම උනේ නෑ..ඒ වගේම ඔරිජිනල් ටර්ක් එක කොපි කරලා සිංහල එකක් ගැහුවට මියුසික් කරන්න ගිහින් ඒකත් චොර කර ගත්තා..මිනිස්සුන්ට ඔය ගමන්ම ඔරිජිනල් එකත් Eng සබ් දාලා පෙන්නුවා නම් මිනිස්සුන්ට වෙනස හොඳට තේරෙයි..ඒත් ඊට වඩා හොඳට දෙවෙනි නිර්මාණයට ලෑස්ති වෙලා තියෙනවා..

    මොනව උනත් අපේ රටේ හොඳ දෙයක් අඩුම ගානේ එක දවසකට උනත් කමක් නෑ..මතක හිටින දෙයක් එක්ක ආවොත් එදා ඉඳල හැම දේම වෙනස් වේවී.ඒ දවස එකතෙක් T.V off කර බලා සිටිමු...

    සුජාතා දියණි රටවල් 66ක පෙන්නලත් වැඩිම Episode ගානකට කැඩුවේ ලංකාවද කොහෙද (78 ක්) ඔරිජිනල් එක 54 Episodes..නාට්‍යය වැඩිම මඩක් කෑවෙත් අපේ රටෙන්..එකෙක් වත් ඒ ගැන වචනයක් වත් කියන්නේ නෑ..රටෙන් 10%ක් හරි මේක හොඳ නෑ කියනවා නම් ඒ ඇයි කියලා හොයලා බලන්න ඕන..8% විතරම අකමැති ඩබින් සීන් එකටයි.ලියන බාසවෙන් ගිය එකටයි ගිය වෙලාව නිසයි..ඔරිජිනල් ප්‍රින්ට් එකෙන් විනාඩි 35ක් අරන් පැයක් වෙනකන් අදිනවා..මිනිස්සු වැඩ ඇරිලා දෙයියනේ කියලා ගෙට ගොඩ වෙන්නේ 6:00- 7:30ත් අතර...ඒ දේවල් වලට නාට්‍යයට කරන්න දෙයක් නෑ..කීපදෙනෙක් කතාව බෝරිං කියලා තිබුනා..තව කට්ටිය මේක බලලා වත් නෑ.. ඒත් අකමැති,උයන පිහන දේවල් නේ ඕකේ තියෙන්නේ අපි මොනා කරන්නද..දන්න දේවලුත් නෙමෙයි හදන්නේ..මුලදි මෙකේ හදන කෑම ගැන විස්තර ගියා..පස්සේ ඒවා ඩබින් නැතිව ස්කිප් උනා..(ගෙවල් වල ඉන්න කට්ටිය ඒව උයන්න ගිහින් මොන දේවල් කර ගත්තද දන්නේ නෑ..)
     
    • Like
    Reactions: BonziBUDDY