සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    අපේ රටේ සංගීතයත් ,නර්තන කලාවත් මේවගේ සුන්දර නිර්මල නිර්මාණ කරනවානම් එක අපේ සිතට කෙතරම් සැනසිල්ලක් වේවිද ? බලන්න මේ පුරුක දිහා .වේදිකාවක සරාගී නර්තන වින්යාසයන්ගෙන් මිදුණු සැබෑ සුන්දරත්වය පිරි මෙම කළා නිර්මාණ රසවිඳින්න පුළුවන් ලෝකෙටම .


    http://elakiri.com/forum/showthread.php?t=1510496
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මේකෙ ඔය කතාව ගැන කතා කලොත් නම් මොනව නැතත් පජාත දියණි කියන වචනෙයි ඉස්තරම්ම කුණු ටැග් ටිකකුයි නම් වැටිල තියෙනව දකිනව. විනාඩි 5ක් වගේ බලල තියෙනව ඕක. එච්චරයි.

    යාළුවා මටනම් හිතෙන්නේ ඕක අර සෙවිලි තහඩු හා ආදර දීම මගින් ප්‍රචාරය කරන ආගම අදහන අසරනයකුගේ වැඩක් .ඒ ගොල්ලෝ තමයි වැඩියෙන් එළකිරියේ ඔයවගේ කුණු හරුප ටැග් දාන්නේ හැබැයි එක හොඳක් වෙලා තියෙනවා .කුණු හරප වලින් සේඅර්ච් කරන කට්ටියට හොඳ නිර්මාණයක් ගැන ආරංචිය ලැබිල තමන්ගේ ජීවිතයට සොයා ආපුදෙට වඩා වටිනා දෙයක් හමුවෙනවා .
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    යාළුවා මටනම් හිතෙන්නේ ඕක අර සෙවිලි තහඩු හා ආදර දීම මගින් ප්‍රචාරය කරන ආගම අදහන අසරනයකුගේ වැඩක් .ඒ ගොල්ලෝ තමයි වැඩියෙන් එළකිරියේ ඔයවගේ කුණු හරුප ටැග් දාන්නේ හැබැයි එක හොඳක් වෙලා තියෙනවා .කුණු හරප වලින් සේඅර්ච් කරන කට්ටියට හොඳ නිර්මාණයක් ගැන ආරංචිය ලැබිල තමන්ගේ ජීවිතයට සොයා ආපුදෙට වඩා වටිනා දෙයක් හමුවෙනවා .

    කලින් ත්‍රේඩ් එකකත් මේ ගැන කතා කරද්දි ඒකට රිප්ලයි කරල කුණු කතා අහගත්ත රෙප් වලින්. මේකෙත් ඒ වගේම ටැග් ටිකක් තමයි. උඹට බලන්න "හොඳ කතාවක්" ඕන නම් Human planet බලපන් මචන්. මේ සුජාත දියණි කතාව මම බලල නෑ. නමුත් මේව වගේ නෙවේ, ලෝකෙ දුකේ ඇත්ත තත්වෙ පෙන්නල දෙන නියම කතාවක් human planet කියන්නෙ. :)
     

    AshFlash

    Member
    Feb 5, 2013
    4
    1
    0
    janappriya wena hama programm eke ma wage,
    meketh Ad wadi una.
    winadi 10 n 10 ta Advertisements!!!!!!!!

    MATA NAM EPA UNA BN.

    :P
     

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මට තව දෙයක් තමයි කියන්න තියෙන්නේ ලංකාව තුල මීට වඩා හොඳ නිර්මාණ කරන්නන පුළුවන් පුද්ගලයෝ ජීවත්ව ඉන්නවා .මම මේ කතාකරන්න යන්නේ නිතරම රුපවාහිනියේ මූණ ඔබාගෙන ඒවාටම අරක්ගත්ත කලා කාරයෝ ගැන නෙමෙයි .ඊට වඩා විවිදත්වයෙන් සිතන්න පුළුවන් පිරිසක් අපේ ගම නියම්ම ගම්වල රැකියා හා ආර්ථික ගැටළු නිසා විශාල නිර්මාණ ප්‍රමාණයක් තමන්තුළ සඟවාගෙන ඉන්නවා ! එත් කනගාටුවට කරුණ ඒ අයගේ හැකියාවන් එලියට ගැනීමට තරම් ශක්තිමත් මහා පොලවට ආදරය කරන සැබෑ විද්වතුන් අපගේ උසස් අද්යාපන ආයතන වල හිග කමයි .එහෙත් යමෙකුගේ විශිෂ්ට හැකියාවන් දුටුවිට ඔහුගේ නිර්මාණ මංකොල්ල කා තමාගේ නිර්මාණ සේ එළිදැක්වීමට මාන බලන උගතුන්‍යයි කියාගන්න නිර්මාණ බෙලහීන පොතේ උගතුන් රටේ ඕනා තරම් සිටියිමයි .තවද යථෝක්ත සැබෑ නිර්මාණ කරුවන්ට ලැබිය යුතුව තිබූ වුර්තීන් වලට දේශපාලන බලපෑම නිසා සර්පයන්සේ දරුණු යක්ෂයින් සේ බිහිසුණු නරින් සේ කපටි මිනිසුන් හා ගැහැනුන් පත් කර තිබීමයි .මේ තත්වය නැති කිරීමට සැබෑ නිර්මාණ කරුවන් සොයා යන සවුන්දර්ය චාරිකාවක් වහ වහා ඇරඹිය යුතුය .
     

    CS MAX

    Junior member
  • Dec 10, 2010
    249
    2
    18
    Mahiyanganaya
    Ekenma

    සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ මෙගා නාට්‍ය කරුවා ඉගෙනගතයුතුදේ ?

    1)ජනප්‍රිය නාට්‍යක් සඳහා ස්ත්‍රී අඩනිරුවත අවශ්‍ය නොවේ.
    2)ලිඛිත බාශාව තවමත් නාට්‍යවලට
    3)ජනප්‍රිය නාට්‍යක් වීමට එයතුල ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන තැබීමට අවශ්‍ය නොවීම .
    4)ප්‍රිය වචන ඇතුලත් දෙබස් කන්ඩ තුලින් බාල මහලු ජනතාව අතරට යෑමට ඇති විශ්මිත හැකියාව .
    5)ජනතාව පහත් රසයක් තමන්ගෙන් ඉල්ලනේ යයි පවසා තවදුරටත් තමාගේ නිර්මාණ බෙලහීනත්වය වසාගැනීමට නොහැකිබව .
    6)තවමත් උසස් කලානිර්මාණ තුලින් සමාජය ගමන් කරන මාර්ගය අපගමනය කළහැකි බව .
    7)කායික සම්බන්ද තා පෙන්වීමකින් තෝරව පුංචි තිරය මත ප්‍රේමයේ සියුම් සුන්දර ගෙත්තමක් කරන්නේ කෙසේද යන්න .
    8)කලානිර්මාන සිදුකිරීමේදී ස්ත්‍රීත්වයට ගරුකිරීම.
    54486284.png
     

    CS MAX

    Junior member
  • Dec 10, 2010
    249
    2
    18
    Mahiyanganaya
    Ekenma

    සුජාත දියණිය නාට්‍යයෙන් ශ්‍රීලාංකික මෝඩ මෙගා නාට්‍ය කරුවා ඉගෙනගතයුතුදේ ?

    1)ජනප්‍රිය නාට්‍යක් සඳහා ස්ත්‍රී අඩනිරුවත අවශ්‍ය නොවේ.
    2)ලිඛිත බාශාව තවමත් නාට්‍යවලට
    3)ජනප්‍රිය නාට්‍යක් වීමට එයතුල ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන තැබීමට අවශ්‍ය නොවීම .
    4)ප්‍රිය වචන ඇතුලත් දෙබස් කන්ඩ තුලින් බාල මහලු ජනතාව අතරට යෑමට ඇති විශ්මිත හැකියාව .
    5)ජනතාව පහත් රසයක් තමන්ගෙන් ඉල්ලනේ යයි පවසා තවදුරටත් තමාගේ නිර්මාණ බෙලහීනත්වය වසාගැනීමට නොහැකිබව .
    6)තවමත් උසස් කලානිර්මාණ තුලින් සමාජය ගමන් කරන මාර්ගය අපගමනය කළහැකි බව .
    7)කායික සම්බන්ද තා පෙන්වීමකින් තෝරව පුංචි තිරය මත ප්‍රේමයේ සියුම් සුන්දර ගෙත්තමක් කරන්නේ කෙසේද යන්න .
    8)කලානිර්මාන සිදුකිරීමේදී ස්ත්‍රීත්වයට ගරුකිරීම.

    54486284.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අපේ රටේ මේ කතව ගැහුවා නම් ෆ්ලොප් එකෙන්ම..
    මොකද ඒ කරපු කැප කිරීම් අපේ දැන් ඉන්න උන්ගෙන් වෙන්නේ නෑ..ෂූටින් අස්සේ තව ෂූටින් යනකොට..කොහෙද ඕවා කරන්නේ..අනික එකාට එකා කැපිල්ල..හැදුවත් චතුරිකාව හරි නෙහාරව හරි දාලා තමා හදන්නේ...කරලා මින් චුන් හෝ ට මේනකව ගත්තොත්..ඊට පස්සේ නෙහාරා මේනක පෙම පරදී මේනක චතුරිකා මංගල සීනු හැඬවේ කියයි..

    සුජාත දියණි ආදර කතාවක් නෙමෙයි..කතාව ඇතුලෙන් ආදරයක් සියුම්ව්ම ගලාගෙන යනවා..මේ කතාවේ තීම් එක හොද තැනක ඉඳල වහල් කුලයටම වැ‍ටුන පවුලට අවු 5ක දරුවෙක් එයාගේ දෙමව්පියොත් නැතිව කුන කාගෙන කොහොම හරි තමන්ගේ ටාගට් එකට යන්න හදන එක..පස්සේ තේරෙනවා තනතුරකට වඩා මිනිසත් කම උතුම් කියන එක..ඇත්තටම ඒ කතාවේ සෑහෙන්නම සියුම් තැන් ගැන පවා හොඳට හිතලා වැඩ කරලා තිබුනා.සුපිරි ස්ක්‍රිප්ට් එකක්,අධ්‍යක්ෂනයක්,සෑහෙන්නම කැපවීමකින් කරපු රඟ පෑමක්..


    ලංකාවෙත් ඔය තුනම එකට එකතු උන දවසට මිනිස්සු ඒ දේවල් නොබල ඉන්නේ නෑ.හැම නාට්‍යයකම ඉන්නේ එකෙම සෙට් එක කෝක බැලුවත් එකයි වගේ..වෙනස් වෙන්නේ ඇදුමයි නමයි විතරයි...චරිතේ ගොඩක් ඒවගේ එකයි..සූර සරදියෙල් හොඳ නිර්මාණයක් ඒත් ඒක ඊටත් වඩා හොඳට කරන්න තිබුනා..මිනිස්සු අකමැතීම කියන්නත් බෑ..මට මතකයි ස්වයංජාත යන දවස් වලත් ගොඩක් ගෙදල් වල ඒ වෙලාවට ඒ නාට්‍යය බැලුවා..දූ දරුවෝ,සූරිය දරුවෝ නාට්‍යයත් ඒ වගේ මිනිස්සු මිස් නොකර බැලුවා..මිනිස්සු ඒ නිර්මාණ වලටත් ඒවා නිර්මාණය කල පුද්ගලයන්ටත් මිනිස්සු අදටත් ආදරෙයි පෞද්ගලිකවම මම ඒක දන්නවා..ඒත් මේ යන ‍රැල්ලත් එක්ක ඔවුන්ට යන්න අවශ්‍යතාවයක් නෑ..සෑහෙන්න කාලයක් නිහඩව බලන් සිටියා..

    සුජීව ප්‍රසන්න ආරච්චි ලියන්නේ නව කතාද කියලා නම් මම දන්නේ නෑ..තරුණ කොල්ලෝ කෙල්ලෝ උණෙන් වගේ කියවනවා.මට නම් පෙරවදනෙන්ම පොත එපා උනා..ඉතින් හරයක් බලාගෙන නෙමෙයි නේ..අර සංසලා හිටපු කතාව හැදුවේ..ම්ම්..ඒත් මේ ලෙඩේ ලංකාවට සෑහෙන්නම රිදෙන්න බෝ කලේ සිරස නෙමෙයි ද රන් දෙපැයක් ගෙනත්..කොහොම හරි සිරසට පාර වැදෙනකොට හොඳටම පාර දෙන්න ITN එක ගේමට බැස්සා මම හිතෙන්නේ දැන් සරටම මෙගා ‍රැල්ල යන්නේ ITN එකේ.රූපවාහිනිය ITN එකට නොරිද්දා වෙන විදියට තැනක් හදා ගන්න..වෙනම ම වැඩකට බැස්සා..ලංකාවට අඩු වියදමකින් සෑහෙන්නම ප්‍රොෂිට් එකක් හොයන වැඩක්..සුජාතා දියණි හරහා සෑහෙන ගානක් රූපවාහිනිය හොයා ගත්තා..ඒ ආදායමෙත් 40% ක් අනිවාර්යයෙන්ම ළමයින් වෙනුවෙන් යෙදිය යුතුමයි..

    තාම හිතා ගන්න බෑලු මොකද්ද ඒ මුදලින් කරන්නේ කියලා(එච්චරටම ලොකු ගානක් එකතු වෙලා ඒ කියන්නේ)..ඕක මාටියා හැගුවොත් නම් ලංකාව ලොවෙත් පජාත වෙනවා..මොකද ඕකෙන් සතයක් වත් කොරියාව ගත්තේ නෑ..මිත්‍රත්ත්ව පදනම මත් දුන්නේ..ඒ වගේම චංගුමීට රඟපාන නිළිය ඇතුලු ‍ෆිල්ම් Crew එකම ලෝකය පුරා ඔය නාට්‍යය විකාශනය වෙනකොට ඊකෙන් ආදයමක් දුප්පත් අසරණ ළමයින්ට වෙන් කලා...ලෝකේ අනික් රටවල් මාටියා ගහලා නෑ.. (අඩුම ගානේ අප්‍රිකාව වත්..) අපේ උන් ඒකත් ගැහුවා කියලා යනකොට නියමෙට තියෙයි..
    :yes::yes: rep 5+.. කතාව රස වින්ද කාටවත් බාශාව ප්‍රශ්නයක් උනේ නැහැ. කතාව ගොඩක් හොදයි. හැබැයි ඒ වගේම හොද කතාත් ඉදහිට හැදෙනව. මම කලින් කිව්ව වගේ මේ බ්‍රහස්පතින්ද ඉවර උනු ජාතිකයෙ ගිය බොරලු පාර මෙගා නාට්‍ය සුපිරියටම තිබ්බ.. ලංකාවෙත් හොද නිර්මාන බිහිවෙනව. :cool:
     
    • Like
    Reactions: Randike Mendis

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    9) ජඩමාධ්‍ය මගින් බලෙන් පටවන බටහිර ලිබරල්කරනය, සිංහල බෞද්ධ කාන්තාවන් විසින් පිළිකුල් කරන අතරම, ඔවුන් සම්ප්‍රදායිකත්වයේ සුන්දරත්වය අගයන බව.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Elakiri සමාජය තුල "සුජාත දියණී" සම්බන්දයෙන් මා දුටු ප්‍රථම ධනාත්මක ඇගයීම ඔබ විසින් සිදුකර ඇත. එයට බොහොම ස්තුතියි. (මීට පෙර පළවූ ලිපි තිබීමට පුළුවන. ඔවුන් සමාවනු මැන...)

    "සුජාත දියණී" හඩ කැවූ නාට්‍ය මාලාව මා එක දිගට නරබා නැත. අඩුම තරමේ එක් කොටසක් එක දිගට රස විද නැත. නමුත් රස නොවිදද නැත. මා විසින් නරබා ඇති සුළු ප්‍රමාණයෙන් මෙන්ම, අන් අයගේ අගය කිරීම් තුලින් මෙහි යම් හරයක් ඇතිබව මගේ විශ්වාසයයි.

    ප්‍රථමයෙන් මා ජාතික රූපවාහිනියට ස්තුතිය පුද කරන්නෙමි. මෙතෙක් මා ලබා ඇති අත්දැකීම් අනුව උපන්දා පටන් අද දක්වා නාට්‍ය හා රංගකලාව වෙනුවෙන් යමක් ජනතාවට ලබාදී ඇත්නම් එය හරවත් දෙයකි. එය අවිවාදයෙන් පිළිගත යුතුමය. ඊට උදාහරණ ගෙන දැක්වීම අවශ්‍ය නොවන බව මගේ හැගීමයි.

    එදා ටයි මාමා නොහොත් ටයිටස් තොටවත්තයන්ගෙන් නම් වූ ඒ මහා රූක්ෂයේ අංකුරයකින් පැන නැග අද මහා රුක්ෂයක් බවට පත්ව ඇති ඒ අතුල රන්සිරිලාල් මහතාණන්ගේ සංස්කරණයෙන්, අධ්‍යක්ෂණයෙන්, පිටපත් ලිවීමෙන් ඔප් නැංවූ "සුජාත දියණී" වර්තමන් ජන සමාජයට තවත් එක් "රොබින් හූඩ්" කථා මාලාවක් වුවාට සැක නැත. මා එසේ කියන්නේ එදා අපි නරබූ "රොබින් හූඩ්" වීරයාත්"සුජාත දියණී" ත් එකම මවකට දාව පියවරු දෙදෙනෙකුගේන් උපන් දරු දෙදෙනෙකු නිසාය. රොබින් හුඩ් ගේ පියා ටයි මාමා නම්,
    සුජාත දියණීගේ පියා අතුල රන්සිරිලාල් මහතාය. දරු දෙදෙනාගේ මව ජාතිකරූපවාහිනියයි.

    මාගේ ඉහත ප්‍රකාශය මෙන්ම ඒ උපුටා ගනු ලබූ දැන්වීම හේතුවෙන් එය ජාතික රූපවාහිනියට කඩේ යාමක් ලෙස දකින සොයුරු සොයුරියන් මෙහි නොමැති බව මගේ හැගීමයි. එසේම පෞද්ගලිකව ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්තී, දේශපාලන හා කාලීන සිදුවීම් යන වැඩසටහන් කෙරේ මා තුල නම් ඇත්තේ අතිශයින් පිළිකුලකි. නමුත් අගය කල යුත්ත කට කෑවත් අගය කල යුතුමය. (ජැක්සන් ඇන්තනී මහතා වෙනුවෙන්ද එය වලංගු වේ)

    76737959.jpg



    ඕනෑම කෙනෙකුට සිය අදහස් දැක්වීමේ අයිතියක් ඇත. ඔබගේ අදහස මා හට පැහැදිලිය. එය ගෞරවයෙන් පිලිගනිමි. නමුත් ඔබගේ භාෂාව හැසිරවීමේ යම් අසාමාන්‍යතාවක් පැහැදිලිවම පෙනෙන්නට ඇතිනිසා ඒ ගැන සැලකිලිමත් වනු මැන.

    එසේම මේ වනවිට පිටු නාමයක් හෝ දහයක් පුරා Elakiri පවුලේ සාමාජිකයන්ගේ අදහස් - උදහස් මෙහි අන්තර්ගතය. එහෙයින්, පළමුව ඔබගේද අදහස මෙහි කුඩා ලෙසින් හෝ සටහනක් තබා, දෙවනුව "Karma" කොටසට ගියානම් අගය තවත් වැඩිය. ස්තුතියි. :)
     
    • Like
    Reactions: Randike Mendis