අනිවා මචෝ.. උඹ කියන කතාවත් ඇත්ත.. ඒත් මචං අපේ එවුන් ලියන ස්ක්‍රිප්ට් එක බල්ලො බත් කන්නෑ,. දැන් ඔන්න නවකතා ඔක්කොම ටෙලි නාට්‍ය වලට හරවනවා.. මුන්ට ලියාගන්න ස්ක්‍රිප්ට් එකක් නැතුව.. විශේෂයෙන් සුජීව ප්‍රසන්න ආරච්චිගේ.. ඌ කලේ අපේ කොල්ලො කෙල්ලොන්ගෙ අතේ තිබිච්ච පිච්චිය හූරගෙන කාපු එක විතරයි.. ඌත් කලේ එක පොතකට ගහන්න තිබිච්ච කතාව පොත් අට නවයකට ගැහුවා.. උගේ මඩිය තර කරගන්න..
අනිත් එක රන්දිකයො මෙහෙම දෙයකුත් තියෙනවා.. උතුවන්කන්දේ සරඳියෙල් ටෙලිනාට්‍ය කලාට, ගල් පිලිමය සහ බොල් පිලිමය ටෙලි නාට්‍ය කලාට ඒක ප්‍රසිද්ධ වුණේ නෑ.. නමුත් ඒක නුවනැත්තො අතරෙ ජනප්‍රිය වුණා.. සම්මාන බර ගාණක් හිමිකරගත්තා.. හැබැයි ඔය බොළඳ ආදර කතා වලටම ඇබ්බැහි වෙලා ඉන්න එවුන්ට ඒකෙන් ගොඩ එන්න බෑ.. උන් ඔය වගේ කතාවක් දැක්කොත් වෙන චැනල් එකකකට මාරු කරනවා.. ඔන්න ඕකයි අද රටේ තත්වය.. උන්ට ඕන බොළඳ ආදර කතා.. එතනින් එහාට යන්න බෑ..
උඹ කියන්නෙ රන්දිකයො ඔය සුජාත දියණි කතාව අපේ රටේ එකක් වුණා නම් ඔය තරම් ප්‍රසිද්ධ වෙයිච..?