තානාපති කාර්යාල සේවිකාව අනිසි ලෙස රඳවා තබාගැනීම ගැන සවිස්ටර්ලන්ත රජය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි
මෙරට ස්විටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් රඳවා තබාගැනීම සහ ප්‍රශ්නකිරීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන්නැයි ස්විස්ටර්ලන්ත රජය විසින් ඉල්ලීමක්කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවෙත රාජ්‍ය තාන්ත්‍රික පණිවිඩයක් යොමුකරමින් ස්විස්ටර්ලන්ත විදේශ අමාත්‍යාංශය මෙම ඉල්ලීම කර ඇතැයි වැජිදුරටත් වාර්තා වේ.
පසුගිය සඳුදා දින, ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පැය 3කට අධික කාලයක් ඇය වෑන් රථයක් තුළ රඳවා ගනිමින් ප්‍රශ්නකිරීම් සිදුකර ඇති බවත් ඇගේ ජංගම දුරකථනයේ ඇති දත්ත පිටපත් කරගැනීමක් සිදුකර ඇති බවත් මාධ්‍ය වාර්තා පලවිය. මෙවැනිම ආකාරයට පසුගිය සමයේ සුදුවෑන් සංස්කෘතිය තුලද ක්‍රියාත්මක විය. නව රජය බලයට පත්වීකෑ කිරිබත්වල සුවඳ වියැකී යාමට පෙර යළි සුපුරුදු ක්‍රියාවන් පටං ගැනීම අරඹා ඇත.
මෙරට ආන්දෝලනාත්මක අපරාධ සිද්ධි සම්බන්ධව විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා පසුගිය දා සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් ස්විස්ටර්ලන්තයට යෑමේ සිද්ධිය, මෙම පැහැරගැනීමට සහ ප්‍රශ්නකිරීම්වලට හේතුවන්නට ඇතැයි ඇතැමුන් සැක පලකරයි.
මේ අතර මෙරට ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙම සිද්ධිය සම්බන්ධව සාකච්ඡාකිරීමට නියමිත බව ද වාර්තා වේ.