සුන්දරිය සහ මෘගයා- සත්‍ය කතාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සුන්දරිය සහ මෘගයා- සත්‍ය කතාව

    LKWvhxl.jpg

    සුන්දරිය සහ මෘගයා හෙවත් Beauty and the Beast චිත්‍රපටය මෙම වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් කල වෝල්ට් ඩිස්නි සමාගමේ සංගීතමය,මනඃකල්පිත,ගෘංගාරාත්මක චිත්‍රපටයකි.මෙම සිනමා නිර්මාණය ජේන් මැරී ලෙප්‍රින්ස් ඩි බියුමොන්ට් නම් ප්‍රංශ ජාතික ලේඛිකාවගේ Beauty and the Beast සුරංගනා කතාව ඇසුරෙන් නිමවූවකි.එමා වොට්සන්,ඩෑන් ස්ටීවන්ස් ආදී නළු නිලියන් රංඟනයෙන් දායකත්වය සපයන මෙම චිත්‍රපටය 2017 වසරේ මේවන විට ඉහළම ආදායම උපයා ඇති සිනමා පටය බවට පත්ව තිබේ.මේ කියන්නට යන්නේ Beauty and the Beast චිත්‍රපටයට මෙන්ම 18 වන ශත වර්ෂයේ නිර්මාණය වූ සුරංගනා කතාවටද පාදක වූ සත්‍ය කතාවයි.

    GlF9KDF.png



    සත්‍ය කතාවේ ශාපයක් ගැන සඳහන් වේද?

    නැත.සැබෑ සුන්දරිය සහ මෘගයා කතාවේදී කුමාරයෙක්ගේ අහංකාරයට දඬුවමක් ලෙස ශාප කිරීමට ලක්වීමක් සඳහන් නොවේ.එසේම කතා කරන ඔරලෝසු,තේ කෝප්ප,ඉටිපන්දම් රදවන ආදියත් අඩංගු නොවේ.සැබෑ මෘගයා මිනිසෙක් වන අතර ඔහුගේ නම පෙට්‍රස් ගොන්සල්විස්ය.ඔහු හයිපර්ට්‍රයිචොසිස් නම් ප්‍රවේණි ආබාධයෙන් පෙලුණු අයෙකි.ඇම්බ්‍රස් සහලක්ෂණය යන නමින්ද හඳුන්වන මෙම ප්‍රවේණි ආබාධයේදී පුද්ගලයෙකුගේ ශරීරය පුරාවට අසාමාන්‍ය අයුරින් රෝම වර්ධනය වේ.මෙම තත්ත්වය නරවෘක සහලක්ෂණය යන නමින්ද හඳුන්වයි.ගොන්සල්විස්ගේ සිද්ධියේදී ඔහුගේ ශරීරය පුරාවටම අධික ලෙස රෝම වර්ධනය වී තිබේ.ඩිස්නි චිත්‍රපටවල දැක්වෙන විශාල මස්පිඩු සහිත අසාමාන්‍ය විශාලත්වයක් සහිත ශරීරයක් නම් සැබෑ සිද්ධියේ එන පුද්ගලයාට තිබී නැත.

    CFHXO8J.jpg
    ජොරිස් හෆ්නග්ල්(1542-1601)නම් චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කල කැත්‍රින් සහ පෙට්‍රස් ගොන්සල්විස්ගේ සිතුවමක්​





    සුන්දරිය සහ මෘගයා චිත්‍රපටය පිටුපස සත්‍ය කතාවද ඩිස්නි චිත්‍රපටවල කියවෙන කාල සමයේම සිදුවුනිද?

    නැත .පෙට්‍රස් ගොන්සල්විස් සහ ඔහුගේ බිරිද කැත්‍රීන් එකිනෙකා හමුවන්නේ 1500 ශත වර්ෂයේදී ප්‍රංශයේදීය.ඔවුන්ගේ ප්‍රසිද්ධ කතාව මුලින්ම ලිය වෙන්නේ 1740 නිර්මාණය වූ ග්‍රේබ්‍රියෙල්-සුසෑන් බාර්බොට් ඩී විලෙනෙව් ගෙ ප්‍රංශ සුරංගනා කතාවක් වන Beauty and the Beast ලෙසයි. විලෙනෙවගේ කතාවේ වැඩිදෙනෙක් දන්නා සහ සිනමාවට මූලික වූ කතාන්දරය නිර්මාණය වන්නේ ඉන් වසර 16කට පසුව ජේන් මැරී ලෙප්‍රින්ස් ඩි බියුමොන්ට් අතින්ය.ඇගේ සංස්කරණය ගැහැණු ළමුන්ගේ ආකර්ෂණය දිනාගන්නා අයුරින් ලියවී තිබේ.ඩිස්නි චිත්‍රපටවල දැක්වෙන මෝස්තර ගැළපෙන්නේ 1700 ශතවර්ෂයේ මැද භාගයේ සිට අවසානය දක්වා කාලයට මිස සත්‍ය සිද්ධියට අදාල 1500 ශත වර්ෂයට නොවේ.





    සැබෑ මෘගයා කුමාරයෙක්ද?

    නැත.නමුත් ඔහු ප්‍රංශ රජ පවුල සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකි.උපන්නේ බටහිර අප්‍රිකා වෙරළාසන්නයේ පිහිටි ස්පාඤ්ඤයේ කැනේරි දූපත්වලින් විශාලතම දූපත වන ටෙනරිෆ් හි ක්‍රි.ව.1537 වර්ෂයේදීය.යෞවන වයසේදී සමාජය ඔහුට සැලකුවේ අශිෂ්ඨ වනචාරියෙකුට මෙනි.පසුව මෙම රෝමවලින් ගහන මිනිසා අල්ලාගෙන කූඩු කරන ලදි.ආහාර ලෙස ඔහුට ලැබුණේ අමු මස් සහ සත්ව ආහාරයි.ක්‍රි.ව.1547 වර්ෂයේ පැවති ප්‍රංශයේ දෙවන හෙන්රි රජුගේ රාජාභිෂේකයට ත්‍යාගයක් ලෙස ඔහුව නැව් මගින් ප්‍රංශයට යැවිණි.

    WSU6jRu.jpg
    දෙවන හෙන්රි රජු සහ බිරිද කැතෙරින් ඩී මෙඩිසි​

    වාසනාවට,පෙට්‍රස් ගොන්සල්විස් යනු කූඩුවක සිර කර තිබිය යුතු විකෘතියෙක් ලෙස දෙවන හෙන් රි රජු දුටුවේ නැත.ගේ සන්සුන් හැසිරීම දුටු රජු ඔහුව පරීක්ෂා කර බලන්නට තීරණය කලේය.රජු ඔහුට අධ්‍යාපනය ලබාදෙන්නටත් සාමාන්‍ය මනුෂයෙක් ලෙස හැසිරීමට උගන්වන්නටත් උත්සාහ කලේය.රජු ඔහුට ඔහුගේ උපන් නාමය වන පෙඩ්‍රෝ ගොන්සාලෙස් යන්න භාවිතා කරන්නට ඉඩ දුන්නේය.ඒ ඔහු එය පෙට්‍රස් ගොන්සල්විස් යන ලතින් ආකාරයෙන් භාවිතා කරන්නේ නම පමණි යන කොන්දේසිය උඩය.හට ඇඳුම් සහ පිසූ ආහාරද සැපයිණි.ඔහුට කතා කරන්න,කියවන්න සහ ලියන්න උගන්වන ලදි.එහිදී ඔහුට භාෂා තුනක් ඉගෙනීමට සිදුවිය.එම අධ්‍යාපනය එරට වංශවතෙකුට පමණ ලබාගත හැකිව තිබිණි.පෙට්‍රස් ගොන්සල්විස් සමාජයේ උසස් තත්ත්වයකට පත් කෙරුණද බොහෝදෙනා දුටුවේ ඔහු මනුෂ්‍යයෙකුට වඩා පහළින් සිටින්නෙක් ලෙසයි.

    V0yzNsw.jpg
    වම්පස:පෙට්‍රස් ගොන්සල්විස් දකුණුපස:ඔහුව චිත්‍රපටයේ නිරූපණය කර තිබෙන අයුරු​





    පෙට්‍රස් ගොන්සල්විස්ට ඔහුගේ සුන්දරිය හමුවන්නේ කෙසේද?

    සැබෑ සුන්දරිය සහ මෘගයා හමුවන්නේ පෙට්‍රස් ගොන්සල්විස්ගේ ස්වාමියා වූ දෙවන හෙන්රි රජු අශ්ව පොරයකදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ක්‍රි.ව.1559 ජූනි මස 10 දා මියයාමෙන් පසුවයි.ඉන්පසු රජුගේ වැන්දඹුව වන කැතෙරින් ඩී මෙඩිසිගේ දේපලක් බවට පත්වේ.රජුගේ මරණයෙන් පසු එරට නිල නොලත් පාලිකාව බවට පත්වන ඇය පෙට්‍රස් ගොන්සල්විස් සමග ඇගේම අත්හදා බැලීමක් සිදුකරන්නට තීරණය කරයි.තමන් සතු මෘගයා සුන්දර කාන්තාවක් සමග විවාහ වුවහොත් කුමක් වේද,ඔවුන් පුංචි මෘගයින් උපදවයිද?යන කුතුහලයෙන් රැජින පසුවන්නට ඇති.ඇය පෙට්‍රස් ගොන්සල්විස්ට භාර්යාවක් සොයාගනියි.නමින් කැත්‍රින් වූ මෙම තරුණ සේවිකාව රාජකීය අධිකරණයේ සේවකයෙක්ගේ දියණියයි.

    පෙට්‍රස් ගොන්සල්විස්ට සිය බිරිද කැත්‍රින් පළමුවරට හමුවන්නේ ඔවුන්ගේ විවාහ මංගල්‍යයේදීය.මෙම යුවල දරුවන් සත්දෙනෙක් බිහිකරයි.ඉන් දරුවන් හතරදෙනෙක් සිය පියාගේ ප්‍රවේණි ආබාධයට උරුමකම් කීය.තමන් සාර්ථකව "වනචාරී පවුලක්" නිර්මාණය කලේ යන සතුටින් රැජින පසුවිය.

    ViosDQy.jpg
    වම්පස:ගොන්සල්විස්ගේ බිරිද කැත්‍රින් දකුණුපස:චිත්‍රපටයේ බෙල් නම් තරුණියගේ චරිතය නිරූපණය කරන එමා වොට්සන්​





    පෙට්‍රස් ගොන්සල්විස් සහ ඔහුගේ පවුලට කුමක්වීද?

    සැබෑ සුන්දරිය සහ මෘගයා සහ ඔවුන්ගේ දරුවන් යුරෝපයේ රටවල් සහ නගරවල සංචාරය කර අවසානයේදී ඉතාලියා පාර්මා නගරයේ පදිංචි වෙයි.ඔවුන් රනුච්චියෝ ෆාර්නෙස් යන ආදිපාදවරයා යටතේ සේවය කලහ.ආදිපාදවරයාගේ අවසරය පරිදි මෙම පවුලේ පින්තූර කිහිපයක්ම නිර්මාණය කරන ලදි.නමුත් ඒ කිසිවක ප්‍රවේණි ආබාධයට ලක් නොවූ දරුවන් තිදෙනා ඇතුලත් නොවීය.මන්ද ඔවුන් කුතුහලය දවන දෙයක් නොවූ නිසාය.අවාසනාවට ඔවුන්ගේ අනෙක් දරුවන් සිව්දෙනා පියාගේ මෙන් අසාමාන්‍ය ලෙස රෝම වර්ධනය වීම නිසා දුක්ගැහැටවලට මුහුණ දුන්නේය.ආදිපාදවරයා එම දරුවන්ව තෑගි වශයෙන් ,ඉහළ පැලැන්තියේ පවුල්වල සුරතලුන් ලෙස තබා ගැනීමට යවන ලදි(මෙවැනි අරුම පුදුම දෙයක් සතුවීම තම තත්ත්වය ඉහළ දමන බවට විශ්වාසයක් පැවතීම නිසා).

    ගොන්සල්විස් සහ කැත්‍රින්ගේ විවාහය වසර 40 වැඩි කාලයක් පැවතිණි.කැත්‍රින් ක්‍රි.ව.1623දී මියගොස් තිබේ.ඊට වසර කිහිපයකට පෙර ගොන්සල්විස් මරණයට පත්විය.ඔහුගේ මරණය සම්බන්ධව කිසිදු වාර්තාවක් නැත.සමහර විට පෙට්‍රස් ගොන්සල්විස් යනු මනුෂ්‍යයෙක් නොවේය යන අදහස සමාජය තුල පැවතීම නිසා ක්‍රිස්තියානි සම්ප්‍රදායට භූමදාන කිරීමක් සිදුනොවන්නට ඇතැයි සැලකිය හැකිය.පෙට්‍රස් ගොන්සල්විස් සම්බන්ධව අවසන් වරට සදහන් වන්නේ ක්‍රි.ව.1617 වර්ෂයේදී ඔහුගේ මුණුපුරා බෞතීස්ම කිරීමේදීය.බොහෝවිට ඔහු ක්‍රි.ව.1618 පමණ මියයන්නට ඇති.මෙම පවුල පිළිබද කතාව කලාපය පුරා පැතිර ගියේය.අවසානයේදී එය සාහිත්‍ය,සිනමාව ආදියේ අවධානයට පාත්‍ර වූ අතිශය ජනප්‍රිය ආදර කතාවකට මූල බීජය බවට පත්විය.

    IXgMswe.jpg
    පෙට්‍රස් ගොන්සල්විස්ගේ දරුවන් සිව්දෙනෙකු හයිපර්ට්‍රයිචොසිස් තත්ත්වයෙන් යුතුව ඉපදුණු අතර ඔවුන් උසස් පවුල්වල සුරතලුන් බවට පත්විය​





    සැබෑ මෘගයා වූ පෙට්‍රස් ගොන්සල්විස්ට බලපෑ හයිපර්ට්‍රයිචොසිස් තත්ත්වයෙන් පෙළන පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් ලෝකයේ සිටියිද?

    මෙම ප්‍රවේණි ආබාධයෙන් පෙළෙන පුද්ගලයින් 50 දෙනෙක් දැන ලොව පුරා ජීවත්වන බව වාර්තා වී තිබේ.හයිපර්ට්‍රයිචොසිස් යන්න සුලභව ව්‍යවහාර කෙරෙන්නේ නරවෘක සහලක්ෂණය - werewolf syndrome යන නමින් වුවද මේවා එකිනෙකට වෙනස් තත්ත්වයන් බවයි කියවෙන්නේ.කලින් සඳහන් කල පරිදි පුද්ගලයින් තුල දෙයාකාරයකින් බලපායි.සාමාන්‍ය හයිපර්ට්‍රයිචොසිස් යනු සම්පුර්ණ ශරීරය පුරාම අධික ලෙස රෝම වර්ධනය වීමයි.ස්ථානගත හයිපර්ට්‍රයිචොසිස් යනු ශරීරයේ එක් කොටසක අධික ලෙස රෝම වර්ධනය වීමයි.

    3P1TztS.jpg





    මුල් සුරංගනා කතාවත් ඩිස්නි සමාගමේ සුන්දරිය සහ මෘගයා චිත්‍රපටත් අතර වෙනස කුමක්ද?

    ඩිස්නි Beauty and the Beast චිත්‍රපටවල එන තරම් මැජික් අංග ජේන් මැරී ලෙප්‍රින්ස් ඩි බියුමොන්ට්ගේ ප්‍රංශ සුරංගනා කතාවේ අඩංගු නොවේ.උදාහරණ:කොග්ස්වර්ත් සහ ලුමීයර් යන චරිත සුරංගනා කතාවේ නැත.මාලිගාවේ සිටි සේවකයින් සියලුදෙනා ශාපය නිසා මායාකාරි ගෘහභාණ්ඩ බවට පත්වීමද සිදුවන්නේ ඩිස්නි චිත්‍රපටවල පමණි.තවද සුරංගනා කතාවේ එන මෘගයා ජීවත්වන්නේ තනිවම සහ ඉතා හුදකලාවයි.

    ඩිස්නි Beauty and the Beast චිත්‍රපටවල එන ගැස්ටන් නම් චරිතය ජේන් මැරී ලෙප්‍රින්ස් ඩි බියුමොන්ට්ගේ සුරංගනා කතාවේ නැත.මුල් කතාවේ බෙල්ට(සුන්දරිය)වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් ඇයට දරුණු ලෙස සලකයි.මෘගයා ඇයට පවුලේ උදවිය දැක බලාගෙන ඒමට අවසර දුන් විට ඇගේ සහෝදරියන් සතියකට වඩා ඇයව නිවසේ රදවා ගැනීමට උපක්‍රම යොදයි.මෘගයා මිය යනවා ඇය සිහිනයෙන් දකින අතර ඔහුගේ බාහිර පෙනුම නොසලකා තමන් ඔහුට ආදරය කර බව ඇය අවබෝධ කරගනියි.ඇය යළි මෘගයාගේ මාලිගයට යන විට ඇය යළි පැමිණීමට නියමිතව තිබූ දින සිට ආහාර වර්ජනයේ යෙදුන මෘගයා මියයයි.ඇය මෘගයා ඉදිරියේ සිය ආදරය ගැන පාපෝච්චාරණය කරන අතර මෘගයා මනුෂ්‍යය ශරීරයකින් යලි පණ ලබයි.

    rv7PggW.jpg



    නරවෘක සහලක්ෂණය සම්බන්ධ වාර්තා වැඩසටහන සහ අනෙකුත් වීඩියෝපට

    පහත වාර්තා වැඩසටහන ඔස්සේ හෙළි කරන්නේ නූතන යුගයේ මොක්සිකෝවේ ජීවත්වන හයිපර්ට්‍රයිචොසිස් ප්‍රවේණි ආබාධයෙන් පෙළන පවුලක් සම්බන්ධවයි.මෙම පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් තුල එක්තරා මට්ටමකින් හයිපර්ට්‍රයිචොසිස් තත්ත්වය පෙනෙන්නට තිබේ.





    සුන්දරිය සහ මෘගයා මුල් සුරංගනා කතාව vs Beauty and the Beast

    ඩිස්නි සමාගමේ Beauty and the Beast චිත්‍රපට පදනම් වන්නේ 1700 ශත වර්ෂයේ ලියවුනු සුරංගනා කතාවක් මතයි.මුල්ම කතාව ග්‍රේබ්‍රියෙල්-සුසෑන් බාර්බොට් ඩී විලෙනෙවි විසින් ක්‍රි.ව.1740 ලියන ලදි.නමුත් වඩාත් ප්‍රසිද්ධියට පත් කතාව ජේන් මැරී ලෙප්‍රින්ස් ඩි බියුමොන්ට් විසින් ඉන් වසර 16 පසුව ලියන ලද්දකි.පහත වීඩියෝ පටයෙන් ඉදිරිපත් කෙරෙන්නේ Beauty and the Beast මුල් සුරංගනා කතාව සහ ඩිස්නි සමාගමේ Beauty and the Beast චිත්‍රපට අතර සංසන්දනයකි.






    1991 Beauty and the Beast සජීවීකරණ චිත්‍රපටය සහ 2017 Beauty and the Beast චිත්‍රපටය

    1991 වර්ෂයේ නිකුත් කල BBeauty and the Beastකාටූන් චිත්‍රපටය සහ සැබෑ මිනිසුන් සහ සජීවීකරණ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කල 2017 වර්ෂයේ නිකුත් කල Beauty and the Beast චිත්‍රපටය අතර සංසන්දනයක් මෙම වීඩියෝපටය ඔස්සේ ඉදිරිපත් කෙරේ.



    සුරංගනා කතාවට වඩා ඒ පිටුපස ඇති සත්‍ය කතාව කොතරම් සංවේදී එකක් දැයි දැන් ඔබට වැටහෙනවා ඇති.ප්‍රවේණි ආබාධයක් නිසා පුද්ගලයෙකුට සමාජයෙන් ලැබුණු ගැරහුම්,විදින්නට වූ වද හිංසා,කරුණාවන්ත රජෙක් නිසා වංශවතෙක් බවට පත්වූ ඒ විකෘති මිනිසා,රජුගේ මරණයෙන් පසු ඔහුගේ ජීවිතය,රැජිනගේ අත්හදා බැලීම්වලට ලක්වන ඔහු, විරූපිකයෙක් සමග විවාහ වන්නට වන සුන්දර තරුණියක්,විරූපිකයා සමග ඇය ගෙවන ජීවිතය,ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ආදී වශයෙන් ගෙන සත්‍ය කතාව සිනමාවට ගෙනාවේ නම්....බොහෝවිට එය මෙම Beauty and the Beast චිත්‍රපටය තරම් වාර්තා නොතියාවි,එතරම් මුදලක් උපයන්නේ නැති වේවි.



    Source:historyvshollywood.com

    -HarshaLulzSec-
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එල ;) +8

    එමා අක්ක ඉන්න හින්ද බලන්න ඕනේ මේක ආව ගමන් :yes:

    Mka awithvdan tkk kal bn.. eap ekt awith a/pura willmax pennala dn mhen ghnuth msyak withrd khd.:oo: down krla blpan..

    Aya rply kotnn bha mekem kynnm ela kollo wisthre.. rep +
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Mka awithvdan tkk kal bn.. eap ekt awith a/pura willmax pennala dn mhen ghnuth msyak withrd khd. down krla blpan..

    Aya rply kotnn bha mekem kynnm ela kollo wisthre.. rep +


    Reply kotnna bha qwa nisa kotnnam una bn..:(

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.:(
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    La belle et la bête (2014)

    ප්‍රංශ චිත්‍රපටයකුත් තියෙනවා. :yes:
    මේක බලද්දී නම් ටිකක් බය හිතෙනවා.

    La belle et la bête (2014)

    IzXIvLp.png