මැවිසුරු;12576706 said:උපරිමයි.... මචන්ලා උපරිමයි...
අද කාලේ මේ වගේ දෙවල් දකිනකොටත් සන්තොසයි...
Internet එකේ කාලෙ කකා ඉන්න එවුන්ට මේවා පේනවනම් තමයි වැඩිය හොඳ..
මම මේ ත්‍රේඩ් එක හොඳටම විඳිනවා....
තාම 107 පිටුවෙ ඉන්නේ..
හොඳ විචාරයක් දැක්කාම ඒ සින්දුවෙ දවස් ගානක් ජීවත් වෙනවා...
ගීතය අහනවා...කියනවා...මුමුනනවා...ගිටාරයෙන් වාදනය කරනවා..
මේ ත්‍රේඩ් එක පටන ගත්තු කෙනාගේ ඉඳලා,ඉන්න හැමෝටම පින්..මම විඳින සතුටට...
මෙකේ හැම පිටුවකම වැදගත් දෙයක් තියනවා..
විෂේශයෙන්ම කියන්න ඕන..
Saslit, dathkimbula, user52
විචාර අති අනර්ගයි...
සුපිරි වැඩක් දිගටම කරන්න....
( මම මේකේ comment කරන්න ඕන නිසාම profile එකක් හැදුවා )

ඔය තියෙන්නේ මචං..හව දන්න දේවල් ලියන්න.ඔබට ජය...70 දශකය තුල අපේ රටේ අයට විදුලි දුම්රිය,රූපවාහිනිය විතරක් නොවේ පාවෙන දූපත් හා පාවෙන අවන්හල් ද ඉතාමත් නුහුරු දේවල්.
නමුත් මේ හැමදෙයක්ම ඇතුලත් අපූරු ගීතයක් ඒ දවක් වල ලියවුනා.මේ ගීතය රචනා කලේ දයානන්ද කුමාරසිරි යි.
මෙහි ඇති තවත් අපූරුම දේ තමයි ගී පද රචක දයානන්දටත් මේ දේවල් අලුත් දේවල් වීම.
මේ ගීතය ඔහුගේ අත්දැකීමක් නොවෙයි.නමුත් ඔහු දුටු සිදුවීමක් මූලික කොටගෙන තමයි මේ ගීතය ලියවුනේ.දයානන්ද ඒ කාලයේ සේවය ක...ලේ කෘශිකර්ම සංවර්දන හා පර්යේශණ අමාත්‍යංශයේ.ඔහු කඳානේ සිට රැකියාවට යන්නේ එන්නේ දුම්රියේ.එක දවසක් ඔහු මිතුරෙකු එනකම් කොටුව දුම්රිය පොලේ රැදී සිටියා.ඔහු ඒ වෙලාවේ දැක්කා තරුණ ගැහැණු ලමයෙක් බියෙන් ලැජ්ජාවෙන් සහ නොසන්සුන් ගතියෙන් යුතුව දුම්රිය එන මග බලන් ඉන්නවා.ටික වේලාවකින් පැමිනි දුම් රියකින් තරුණයේක් බොහොම කඩිමුඩියේ අර තරුණිය ලගට ආවා.
අර තරුණයාගෙන් එක වරම තරුණිය ඇහුවා * මොකද අනේ මෙච්චර වෙලා කලේ,මම දැන් කීයේ ඉදන්ද බලන් ඉන්නේ* ඔය අතරෙදි තරුණිය ලේන්සුවෙන් කඳුලු පිසින ආකාරයද මොහු විමසිලිමත් ලෙස බලා සිටියා.
තරුණයා මේ මොහොතේදි ඇයගෙන් අහනව *මොනවා කරන්නද? ඉලෙක්ට්‍රික් දුම්රියක් තිබ්බා නම් මට විගහට එන්න තිබ්බා.ඒත් මේක ආවේ හෙමින් මම මොනව කරන්නද කියලා*
ඔන්න ඔය විදිහට තමයි මේ ගීතය ලියන්න පසුබිම සැකසුනේ.මේ අදහසත් හිතේ තියාගෙන පොත් පත් වලින් දැන උගත් දේත් උපයෝගී කරගෙන ඔහු මෙම ගීතය ලිව්වා.
විදුලි දුම්රියේ චංචල නාදය
සවනත වැකෙන සඳේ...
කඳුළු පිරි දෙනෙතින් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ...
සීත කඳුකරේ මීදුම අදිකයි
පමා වුණෙමි සොඳුරේ...
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළදේ...
ආදර සුවඳින් දසතම මත්වෙන
වසන්ත සුළඟෙ හැපී...
සාගර විලමත පාවෙන උයනේ
මී විත පුරමු අපි...
මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ දුර සඳ මඬලේ
සිනමා මැදුරක නරඹමු නිසංසලේ...
පාවෙන සඳකැන් සිසිලෙන් නෑවෙන
ආදර සඳුන් වනේ... නරඹමු සුරඟුන්
රඟදෙන රැගුමන් පියඹන අවන් හලේ...
මිනිසා හට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ ජයපැන් තොලගා
අමරණීය වන කුමරුන් මමය ඔබේ....

ඇත්තටම ධනුෂ්ක ඔයා පටන් ගත්ත නූලනියමයි මචන්.දිගටම අපිත් එක්ක ඉන්න.ඔය දාන්න කියන දේවලුත් අපිත් එක්ක බෙදා ගන්න..![]()
මැවිසුරු;12578925 said:ඇත්තටම ධනුෂ්ක ඔයා පටන් ගත්ත නූල
පින්ක් පැන්තර්, ලොක්ක අය්යා,චමල්89, භනුක නදීශ etc
වගේ අය නැත්නම් මෙච්චර දික් වෙන එකක් නෑ...
ඒ හැමෝටම ස්තුති කරන්න ඕන...
මමත් මොකක් හරි එකකින් දායක වෙන්න බලන්නම්කො.....![]()

70 දශකය තුල අපේ රටේ අයට විදුලි දුම්රිය,රූපවාහිනිය විතරක් නොවේ පාවෙන දූපත් හා පාවෙන අවන්හල් ද ඉතාමත් නුහුරු දේවල්.
නමුත් මේ හැමදෙයක්ම ඇතුලත් අපූරු ගීතයක් ඒ දවක් වල ලියවුනා.මේ ගීතය රචනා කලේ දයානන්ද කුමාරසිරි යි.
මෙහි ඇති තවත් අපූරුම දේ තමයි ගී පද රචක දයානන්දටත් මේ දේවල් අලුත් දේවල් වීම.
මේ ගීතය ඔහුගේ අත්දැකීමක් නොවෙයි.නමුත් ඔහු දුටු සිදුවීමක් මූලික කොටගෙන තමයි මේ ගීතය ලියවුනේ.දයානන්ද ඒ කාලයේ සේවය ක...ලේ කෘශිකර්ම සංවර්දන හා පර්යේශණ අමාත්‍යංශයේ.ඔහු කඳානේ සිට රැකියාවට යන්නේ එන්නේ දුම්රියේ.එක දවසක් ඔහු මිතුරෙකු එනකම් කොටුව දුම්රිය පොලේ රැදී සිටියා.ඔහු ඒ වෙලාවේ දැක්කා තරුණ ගැහැණු ලමයෙක් බියෙන් ලැජ්ජාවෙන් සහ නොසන්සුන් ගතියෙන් යුතුව දුම්රිය එන මග බලන් ඉන්නවා.ටික වේලාවකින් පැමිනි දුම් රියකින් තරුණයේක් බොහොම කඩිමුඩියේ අර තරුණිය ලගට ආවා.
අර තරුණයාගෙන් එක වරම තරුණිය ඇහුවා * මොකද අනේ මෙච්චර වෙලා කලේ,මම දැන් කීයේ ඉදන්ද බලන් ඉන්නේ* ඔය අතරෙදි තරුණිය ලේන්සුවෙන් කඳුලු පිසින ආකාරයද මොහු විමසිලිමත් ලෙස බලා සිටියා.
තරුණයා මේ මොහොතේදි ඇයගෙන් අහනව *මොනවා කරන්නද? ඉලෙක්ට්‍රික් දුම්රියක් තිබ්බා නම් මට විගහට එන්න තිබ්බා.ඒත් මේක ආවේ හෙමින් මම මොනව කරන්නද කියලා*
ඔන්න ඔය විදිහට තමයි මේ ගීතය ලියන්න පසුබිම සැකසුනේ.මේ අදහසත් හිතේ තියාගෙන පොත් පත් වලින් දැන උගත් දේත් උපයෝගී කරගෙන ඔහු මෙම ගීතය ලිව්වා.
විදුලි දුම්රියේ චංචල නාදය
සවනත වැකෙන සඳේ...
කඳුළු පිරි දෙනෙතින් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ...
සීත කඳුකරේ මීදුම අදිකයි
පමා වුණෙමි සොඳුරේ...
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළදේ...
ආදර සුවඳින් දසතම මත්වෙන
වසන්ත සුළඟෙ හැපී...
සාගර විලමත පාවෙන උයනේ
මී විත පුරමු අපි...
මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ දුර සඳ මඬලේ
සිනමා මැදුරක නරඹමු නිසංසලේ...
පාවෙන සඳකැන් සිසිලෙන් නෑවෙන
ආදර සඳුන් වනේ... නරඹමු සුරඟුන්
රඟදෙන රැගුමන් පියඹන අවන් හලේ...
මිනිසා හට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ ජයපැන් තොලගා
අමරණීය වන කුමරුන් මමය ඔබේ....
මැවිසුරු;12578925 said:ඇත්තටම ධනුෂ්ක ඔයා පටන් ගත්ත නූල
පින්ක් පැන්තර්, ලොක්ක අය්යා,චමල්89, භනුක නදීශ etc
වගේ අය නැත්නම් මෙච්චර දික් වෙන එකක් නෑ...
ඒ හැමෝටම ස්තුති කරන්න ඕන...
මමත් මොකක් හරි එකකින් දායක වෙන්න බලන්නම්කො.....![]()
සහෝ ඔබ මේ නූල ආරම්බයේ සටම සිටියා .. ඔබ දෙවැනි වන්නෙ මම, ධනුෂ්ක සහ දත් කිඹුලාට පමණයි... ඒ නිසා ඔබ වෙනුවෙන් නොවේ ඔබේ පියා වෙනුවෙන් මම ගීතයක් දමනවා... එතෙක් පිටු දෙකක් විතර පස්සට ගිහින් මම පියවරු වෙනුවෙන් දැමූ ගීතය නැවත කියවා රස විදින්න.... එදාට වඩා රසයක් ඔබට යළි දැනේවි... ඔබට නොවේ අනේ ඔබේ පියාණන්ට බුදු සරණ පතමි..... මන්ද යත් ඔබගේ පණ නල ඔහුමත්තේ බව මා දන්නා බැවිනි...
හදවතින්ම දනුශ්ක සොහුරාට සුබ පතමි!!!! හොදම සංගීත නූල පමනක් නොව එලකිරියේ හොදම නූල ලෙස මේ අපේ ගීත විචාර පවුල නම් කෙරුවත් එහි අරුමයක් හෝ දෝශයක් නෑත

මැවිසුරු;12580521 said:වරදක් කලත්..හිතකින් නොවේ..- රිදවන්නේ පලි ගන්නෙ ඇයි...
ඔබ මෙන් ඇයත්...ඇය මෙන් ඔබත්.. - මට මාගෙ.. ඇස් දෙක වගේ...
ඔබෙ ගිනි නිවා... ඇගෙ හිත දවා.. - අප එක්වෙලා කුමටදෝ...
වෙනසක් නොවී... මගෙ හිස් අතින්.. - පිසලන්නෙ, කොයි කඳුලුදෝ....
අසරණ..ඔබයි... තනිවුනු ඇයයි... - මට සාප... කර යාවි දෝ...
ඔබෙ ලොකයෙන්.. ඇගෙ ලොකයෙන්... - සමුගන්න සිදු වේවිදෝ.....
මේකේ තෙරුම ගැන මොකද හිතන්නෙ???
සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.
සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී,තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා.පාවෙන දේදුනු කියල උපමා කරන්නෙ ඒ මිනිසුනට.
කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ,මේ තහනම් ඇසුර කැලැතුනු රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැනියත් පමනයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනව.ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන වුනත් සමාජයේ ගැරහුමට ලක්වෙනව.
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙදදී,මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනව.ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට ගෙනියනව.එතකොට ඒ ගැහැනියගේ දරුවා නිවසේ තනි වෙනව.කැකුලකට ආරෝපණය කරල තියෙන්නේ ඒ දියනිය.අම්මව ඇසුරුකරන්න ළමයට තියෙන කාලය සීමා වෙනව.
දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදූ ,ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඇය ගැන කියනව,ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනව.
ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ,ඈ ගැන ආරංචි වුනු මිනිස්සු ගව්වක් ඉහලට බලාපොරොත්තු තියා ගෙන තමා ඈ ගාවට එන්නෙ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
අහසත් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදූ,නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරනනේ කැමැත්තෙන් නෙමෙයි.තමන්ගෙයි දරුවගෙයි ජීවිතය වෙනුවෙන්.ඒක මේ පදයෙන් ගම්‍ය වෙනවා.
ඈ ගෙන යද්දී නටඹුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දූ,ඒ පැමිණෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර වුනු ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයෙක් එනව.මේ විදියට ඈට තම ජීවිතය ගැට ගහගන්න මිනිස්සු රාශියකගෙ ආශාවන් පිරිමහන්න වෙනව.
හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා,ඇගේ රැකියාව නිසා දරුවාට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනව.දියනියට සිදුවෙනව අකාලයේ අම්මව අතහැරල ඈතකට යන්න.
මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක් සත්සමුදුරකට මුහුව ගියා,මේ කාන්තාව තමන්ගෙ දියණිය වෙන තැනකට යවන්නෙ ගොඩක් දුකෙන්.ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි.කදුලක් සත්සමුදුරකට එකතු වෙනව වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියනිය ඈතකට යැවීමට සිදුවීම දක්වන්න පුළුවන්.
ඔබට උරුම වුනු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා,මේ කාන්තාව තමන්ගෙ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගෙ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා ඉන්නවා.
මම දන්න විදියට මේ ගීතයේ තේරුම ගොනුකරා.වැරදි එහෙම තියෙනවනම් සමාව ඉල්ලනවා.