සුන්දර ගීයක ඇරබුම,..

thomian

Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    දිගු කලෙක පටන් මෙම හුය නිහඩවම විදිමි, යමක් ලියන්නට කෑදර කම අපරිමිත වුවත් විවේකය ඉතා මදය. හපුතල් නගින අම්බරුවන් දක්කන්නට සීපද කියන්නාක් මෙන් පෑය 24ම හින්දි බයිලා නන්ස්ටොප් ගසමින් රට දක්කන්නේ කොයිබටද යන්න සමහර මාද්‍ය මහතුන්ගෙන් ඈසිය යුතු කරුනකි. එවන් කලෙක මෙවන් හුයක් ඉඩොරයට වසින මුරුගසන් වරුසාවක් සේ ගෙනෑන්නේ මදකට හෝ අස්වෑසිල්ලකි. මෙහි නිර්මාන පලකල සෑමට හිස නමා ආචාර කරමි.

    ඊයේ සවස එක්තරා හෝටලයකට යෑමට නවම් මාවත්ට හෑරුනෙමි. බේරේ වෑව අයිනට වී ලමා මහලු තරුන වෑඩිහිටි සියලු දෙනා ප්‍රීති වනු දෑකගන්නට ලෑබිනි. ටික දුරක් යනවිට වාහනයක් නතර කරගෙන පවුලක් සිසිල් සුලන් පොදක පාවී එන සෑදෑ සුවද කමින් බොමින් විදිනු දිටිමි. නමුත් එයට පවුලක් යෑයි කිව නෝහෑකි බව වෑටහුනේ පවුලේ ජීවනාලිය වන මව එහි නොසිටිය නිසාය. පියාත් අවුරුදු 4-6 පමන පොඩි දරුවන් දෙදෙනෙක් පමනි. කල්වේලා තිබූ නිසා මාද අනෙක් පස නවතා මදක් එහි සිටි සියල්ලන්ම දෙස බලා සිටියෙමි. මවට සිදුවුයේ කුමක්ද හෝ මව නොපෑමිනියේ මන්ද යන්න සොයනවාට වඩා සන්වේදී සුයාමයකට මිනිත්තු කීපයකට හෝ සමවදින්නට සිතා දිවුල්ගේ මේ ගීත්ය සෙමින් වාදනය වන්නට ඉඩ හරින ලදී.,

    ගී කිරිල්ලියේ නුබ කොයි ඉසව්වකද නොදෑනේ
    අපි අපට අහිමි සද පෑටවුන්ට නොවෙද රිදුනේ

    මහ රෑයේ මගේ තුරුලට ගුලිවී
    උන් නුබයි සොයා හෑඩුවේ සොදුරී
    තන කිරි වෙනුවට මුලු රෑ ඈහෑරී
    මන් මගේ කදුලු පෙව්වා සොදුරී

    අප දෙමග ගියත් කුල ගෙය ඈවිලී
    පෑටවුන්ට විසයි ඒ දුක සොදුරී
    යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහී
    නුබ උන්ට එකම අම්මා සොදුරී

    කොතෙක් අටලෝ දහමින් කම්පා නොවීමට උත්සාහ කලත් ප්‍රියෙහි විප්පයෝගය ඈතිවූ කල්හී කම්පා නොවීමට තරම් සිත දියුනු කරවුන් අල්පය. ලෙයින් කදුලින් සහ මවගේ කිරි වලින් සෑදුනු ලොවේ මවු සෙනෙහසට සම කල හෑක්කක් නෑත. කොතෙක් යස ඉසුරු ඈතත් දෙමවුපියන්ට ඔවුනොවුන් අහිමි වූ කල, රිදෙන්නේ පෑටවුන්ට බව සිහිගන්වනු කෑමෑත්තෙමි.

    1.gif
    1.gif
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අප වුවද අවිවේකය මධ්‍යයේම ඇදගෙන යන හුයට සාදරයෙන් පිළිගනිමි............
    ලැබෙන පරිදි ඔබ විදින ගීත ඔබේ සිතිවිළි තුලින් රසවිදීමට කැමතිය........
    එහෙයින් සෙට් වෙත්වා........
    මේ ව්‍යායාමය හුදෙක් පෝස්ට් ගනන වැඩි කර ගැනීමට නොව සුභාවිත ගීතය රසාස්වාදනයේ නිම් වළලු පුළුල් කිරීමේ පරමාර්ථයෙනි....!!!!!!

    :):):)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    කොතෙක් අටලෝ දහමින් කම්පා නොවීමට උත්සාහ කලත් ප්‍රියෙහි විප්පයෝගය ඈතිවූ කල්හී කම්පා නොවීමට තරම් සිත දියුනු කරවුන් අල්පය. ලෙයින් කදුලින් සහ මවගේ කිරි වලින් සෑදුනු ලොවේ මවු සෙනෙහසට සම කල හෑක්කක් නෑත. කොතෙක් යස ඉසුරු ඈතත් දෙමවුපියන්ට ඔවුනොවුන් අහිමි වූ කල, රිදෙන්නේ පෑටවුන්ට බව සිහිගන්වනු කෑමෑත්තෙමි.

    :yes::yes::yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    “හන්තානට පායන හද ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද ඔබට හෑකිය දකින්න”

    ගායනය - අමරසිරි පීරිස්.

    නිධාන කතාව බලාපොරොත්තු වන්න.....

    asama sinduwak.. sahodaraya ko kathawa. :D
     
    gepa

    Well-known member
  • මට ම පෙම්කර නෙත’ග නිවසන සදා නොසිඳෙන සුනිල උ&#3

    මට ම පෙම්කර නෙත’ග නිවසන
    සදා නොසිඳෙන සුනිල උල්පත
    කඳුළු බිංදුව...

    සමනළිය නෙත ලැගුම් ගෙන හුන්
    නුඹව පළවා හැරිය දා මං
    උන්හිටිය තැන් අහිමි වීමෙන්
    මවෙත වෙර බැඳ පිට ව ගිය නුඹ

    කඳුළු බිංදුව...

    නිදැල්ලේ ඔහෙ ඉගිළ ගිය ඇය
    මගේ විජිතෙන් වහං වුණු සඳ
    කොහේදෝ හිඳ ජීවතුන් මැද
    මවෙත පෙම් බැඳ පැමිණි සකිසඳ

    කඳුළු බිංදුව...

    නුවන් කුමාර කටුගම්පල නමැති මේ පද රචනාකාර කලාකරුවා කැසට් පටයකට ලියූ මුල් ම ගීත රචනය යි සේනානායක වේරලියද්ද ගායන ශිල්පියා ගේ මධුර ස්වරයෙන් ගැයුනේ.

    ගී පද රචක නුවන් කුමාර කටුගම්පල තමා ලියූ ගීය පිළිබඳ ව මෙසේ අදහස් දැක්වී ය.

    ”මේ ගීතය ලියන්නට කලින් මට මුලින්ම වේරලියද්ද මහත්මයා හමුවුණේ මට මතක හැටියට 1995 රාජ්‍ය භාෂා දින උත්සවයේදී යි. එදා වසරේ හොඳම පද රචනාව වශයෙන් මා ලියූ කවි පෙළක් තේරී තිබුණා.

    ඒ උත්සවයේදී ඒ ගීතය ගායනා කළේ සේනානායක වේරලියද්ද ගායන ශිල්පියායි. එදා මට ඔහු හමුවන විට ඔහු ගීත ගයා තිබුණේ නැහැ. එදා මට ඔහු කීවා ඉදිරියේ දී ගීත කීපයක් පටිගත කිරීමට අදහස් කර ඇති නිසා, ගීතයක් දෙකක් ලියා දෙන ලෙස. ඒ අනුවයි මං ඔහුට මේ ගීතය ඇතුළු ගීත තුනක් ලියා දුන්නේ. මේ පදමාලාව දුටු විගස ඔහු ඊට කැමැති වුණා.

    මෙයින් කියැවෙන්නේ විරහවෙන්, වේදනාවෙන් ජීවිතයට ලැබෙන කඳුළින් ජීවිතය ඉදිරියට ගෙන යෑමට රුකුලක් ලැබෙන අයුරුයි. ජීවිතයේ සියලු දේ අහිමිවීමෙන් තමාට උරුමවන කඳුළ ප‍්‍රීතියෙන් බාරගත යුතු දෙයක්. ඒ කඳුළ කලණ මිතුරකු හා සමානයි.

    මෙයට මූලික වූ එක්තරා සිද්ධියකුත් මට සිහිපත් වෙනවා. එක්තරා තරුණයෙක් ආදරයත් සෙනෙහසත් පිළිබඳව අදහසක් නොමැතිව සිටින්නේ සාංකාවෙන්. ඔහු ගේ නෙතට කඳුළු හුරු පුරුදුයි. කඳුළ ඔහුගේ මිතුරකු හා සමානයි. මේ අතර ඔහුට හමුවෙනවා ආදරයක වේදනාවෙන් පසුවන තරුණියක්. තරුණිය ගේ විරහා දුක නිවාලන්නට තරුණයා ඉදිරිපත් වෙනවා මෙහි දී කඳුළින් ජීවිතය ගත කළ තරුණිය ගේ කඳුළ නිමාවෙනවා.

    එහෙත් කඳුළ ජීවිතයෙන් පළවා හැරි පෙම්වතුන් ගේ ලෝකයට යළි කඳුළ මුසුවන්නේ ඔහු ගේ ආදරයෙන් දිවිය ලබා ඇය ඔහු අතැර අමතක කොට පලා ගිය විටයි.

    “නිදැල්ලේ ඔහෙ ඇවිද ගිය ඇය
    මගේ විජිතෙන් වහං වූ සඳ
    කොහේ දෝ සිට ජීවතුන් මැද
    මවෙත පෙම් බැඳ පැමිණි සකි සඳ

    කඳුළු බිංදුව...”

    නිදැල්ලේ ඔහෙ සුරංගනා ලෝකයක පාවී සිටි ඇය ඔහු ගේ ජීවිතයෙන් වහං වී යනවා. කඳුළ ඒ වන තුරු කොහේ දෝ ජීවතුන් අතර සිටින්නට ඇති. ඔහු පරාද වූ සඳ යළිත් පැරැණි මිතුරා ඔහු වෙතට පැමිණෙනවා. ඇත්තෙන් ම තරුණයාට සිය පෙ‍්‍ර්මය නිමා වීම ගැන කිසිදු දුකක් දොම්නසක් නැහැ. ඔහු තුළ ඇත්තේ කඳුළු බිංදුව ඔහු කරා යළිත් සම්ප‍්‍රාප්ත වූවිට දැනෙන සියුම් සතුටයි.

    කඳුළු බිංදුව ජීවත් වූයේ කාන්තාව ගේ නෙත් තුළයි. ඒ කඳුළ ඇසෙන් තුරන් කරන්නට පෙම්වතා උත්සාහ ගන්නවා. එවිට කඳුළ ඔහුට වෛර කරමින් පැනගොස් කොහේ හෝ ජීවත් වෙනවා. කඳුළ සොයා ගන්නට බැරිව කාලයක් ගතවෙනවා. කඳුළ ඒ යුගයේ සොයාගන්නවත් නැහැ. ඇය කඳුළ නැතිව සතුටින් ආදර ලෝකයේ ජීවත්වෙනවා.

    කාන්තාවට තමා ගේ නෙතග කඳුළක් තිබුණා ද කියාවත් ඒ කාලය තුළ අමතක වෙනවා. කාන්තාව තමන් හැර දමා ගිය පසු වුව ද තරුණයා ඇය පසුපස යන්නේ නැහැ. ඉන්පසුව ඔහු කඳුළත් සමඟ ජීවත් වෙනවා. ඔහුට වෛර කරමින් පිටත්ව ගිය කඳුළ යළිත් ඔහු වෙත පැමිණෙනවා.

    මා මෙයින් අදහස් කළේ කඳුළ කෙනකුට කිසිම දවසක අත්හරින්නට බැරි බවයි. පුද්ගලයන් අතර කඳුළ කොහේ හෝ ජීවත් වෙනවා. කාත් කවුරුත් නැතිව තනි වූ විට කෙනකුට සිටින හොඳම මිතුරා කඳුළයි.

    මා මෙහි ලියා තිබෙනවා “සුනිල උල්පත කඳුළු බිංදුව“ යනුවෙන්. කඳුළ පිරිසුදුයි සුනිල්වන් දිය උල්පතක් වගෙයි. ඒ උල්පත කිසිම දිනක සිදීයන්නේ නැහැ. ආදරයේ පිරිසුදුකම පවතින්නේ කඳුළ තුළයි.

    වේරලියද්දයන් ගේ ගායනයෙන් මේ වදන් පෙළට රිසි පරිදි ගලායන්නට ඉඩදී තිබෙනවා. වචනවලින් තීව‍්‍ර වන අදහසට ගැලැපෙන පරිදි මෙහි රිද්මය ගලා යනවා. ගීතයට අවශ්‍ය වන බර කටහඬක් වේරලියද්දට තිබෙනවා. ඔහු එහිදී ගායනය විටින් විට උච්ච හා මන්ද්‍ර ස්වරයෙන් වෙනස් කරමින් ගීතයේ අරුත උද්දීපනය කරන අයුරු අපූරුයි. ඒ අපූර්වත්වය ගීතයට ගම්භීරත්වයක් මාධුර්යයක් ඇති කරනවා. එහි සංගීතයත් ගීතයේ අරුතට මනාව ගැලැපෙනවා.
     
    gepa

    Well-known member
  • හන්තානට පායන සඳ මමම දාන්නදෝ???අවුලක් නැත්නම්...ගී පද රචකය අපේ කැම්පස් එකට ඇවිත් කියපු විස්තරේ තමා තියෙන්නේ
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    වේරලියද්දයන්ගේ හඩ මා ඈසුරු කල හෑගුම්භරම හඩකි. පලමු කෑසට් පටය 'මල්වියනෙන්' අප පාසල් යන අවදියේ අමාරුවෙන් ඉතිරි කරගත් සුලු මුදලකින් මිලදීගෙන ගෙදරට හොරා ශ්‍රවනය කලේ නෑතිනම් 'ලවු පිස්සුව' 'බූට් එක' යනාදී උපකල්පනයන්ට ගොදුරු වීමට ඉඩකඩ තිබූ නිසාවෙනි. එකල මෙම වදන් වෑල් වල අරුත් හරි හෑටි පසක් නොවූවද ඒ ලයාන්විත තනු මොකක්දෝ අමුතු රහක් දනවන්නට විය. අදටත් රාත්‍රී පලවන හෝ දෙවන ප්‍රහරය එලබි කල 'මගේ ජීවිතේ පුරා' 'මටම පෙම්කල' 'සුන්දර උයන් පෙතක' 'කොහේ කොතෑනක' වෑනි ගේය සවනත වෑකෙන කල දනවන්නේ අතීත සුවද මුසුවූ ශෘන්ගාරත්මක විරහ රසයකි. එයම නිවීමට හේතුවේ.

    වේරලියද්දයන් ගෑන කීමට ඈත්තේ මෙපමනකි, බොදු ගීයට, සුභාවිත ගීයට උරුම ඒ හඩ ප්‍රසන්ග වේදිකාවේ වෑනෙන්න ගහන බීට් එකට හා වන්දිබට්ටකම් වලට පාවාදී ඔහු කර ඈත්තේ ඔහුටත් රටටත් අපරාදයකි. 'මල්වියනින්' පසු තවමත් එවෑනි ඈල්බමයක් නෑත. එසේ නොවන්නට ඔහුද අද සුභාවිත ගදබ කුලකයේ තවත් අවයවයක්ය.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හන්තානට පායන සඳ මමම දාන්නදෝ???අවුලක් නැත්නම්...ගී පද රචකය අපේ කැම්පස් එකට ඇවිත් කියපු විස්තරේ තමා තියෙන්නේ

    ඕකත් අහන්න දෙයක්ද සහෝදරයා දාන්න දාන්න..... :):):):)
     
    gepa

    Well-known member
  • හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...

    සස්ලිට් ඇතුලු පිරිසගෙන් අහල ඕන් දාන්නයි යන්නේ හන්තානට පායන සඳ නිධාන කතාව..මේක කිව්වේ ගී පද රචකයා ගී විචාරයකට අපේ කැම්පස් එකට ආපු වෙලාවක.

    හන්තානට පායන සඳ කියන ගීතය ලියවෙන්නෙ තනි සිදුවීමක් මුල් කරගෙන නම් නෙවෙයි.සිදුවීම් ගොඩක එකතුවකට.ධම්මික බන්ඩාරයන් සරසවි අධ්‍යාපනය ලබන්නේ කොලඹ සරසවියේ. පේරාදෙනිය සරසවියට නොගියට එතුමාට එන්න ලැබෙනවා විටෙන් විට පේරාදෙනිය සරසවියට එතුමගෙ මිතුරන් හමුවෙන්න.කොලඹ ක‍ටුක ජීවිතෙත් එක්ක පේරාදෙනියෙ පරිසරය එතුමට හොඳට හිතට අල්ලනවා.සරසවිය අයිනෙන් ගලාගෙන යන මහවැලි ගඟ,සීතල සුලඟ,හන්තාන කඳු වලල්ල කොලඹ ක‍ටුක පරිසරයෙ කාලය ගත කරපු එතුමන්ට රසඳුනක් වෙලා.හන්තානට පායන සඳ මෙතුමා දකින්නෙත් පේරාදෙනිය සරසවියෙ නේවාසිකාගාරයක නිදහසේ ඉන්න වෙලාවක.ඒ ගැන එතුමන්ගේ වචන වලින්ම කියනවානම් ,

    "එතකොට අපි මේ සරසවිය ආශ්වාදය කලා.ඔහොම ආශ්වාදය කරන අතරතුර ඇත්තමයි මම දැක්ක හන්තානට පායන සඳ."

    ඕක සිතුවිල්ලක් විදියට එතුමගෙ හිතේ ඇඳිලා තියනවා.නමුත් ඒ දවස් වල මේක මුල් කරගෙන ගීතයක් ලියන්න තරම් වටපිටාවක් තිබිලා නැ.
    ඔහොම කාලය ගතවෙලා යනකොට ධම්මික බන්ඩාරයන් නගර වල පංති පවත්වන්න පටන් ගන්නවා.ඔහුගෙ පංතියකදි දැකල තියනව දෙන්නෙක් අතර පොඩි ප්‍රේම පැලැටියක් වැඩෙනවා. අහිංසක විදියට වැඩේ සිද්ද වෙනවලු.කාටවත් කරදරයකුත් නැතුව ඉගෙන ගන්න ඒවටත් බාධාවක් නැතුව වැඩේ සිද්ද වෙන නිසා කවුරුත් බාධා කරන්න ගිහින් නැ, අවවාද දීලත් නැ.කොහොම හරි ඒ වසරේ දෙන්නම උසස් පෙල ලියලා ප්‍රථිපල වලින් ගැනු ලමය පේරාදෙනි සරසවියට තේරෙනවා.ඒත් පිරිමි ලමයා සරසවියට තේරෙන්නෙ නැ.ඔහොම ඔය සිදුවීම් පෙලත් සිද්ද වෙලා එතුමටත් ඕක අමතක වෙලා යනවා.

    ආයෙත් අවුරුදු දෙකකින් විතර යම්කිසි නගරයක් එතුමා ඉන්නකොට අත් දිගට ඇඳගත්තු සපත්තු දෙකක් දාගෙන ආපු සේල්ස් රෙෆ් කෙනෙක් සාර්ට මාව මතකද අහනවා.එතුමටත් වැඩි වෙලා නොගිහින් මතකෙට එනවා මේ අර කාලෙකට ඉස්සර එතුමගෙ පංතියට ආපු ලමය කියලා.ඔහොම කතා කරකර ඉන්නකොට
    එතුමා අහල තියනවා

    "දැන් කොහොමද සම්බන්දේ...ගැනු ලමය එහෙම කොහොමද "කියලා..
    "සර් මම ඒක නැවැත්තුවා.." මෙයා දුකින් උත්තර දීල…

    "ඇ ලමයො සාමාන්‍යයෙන් ගැනු ලමයා කැම්පස් ගියාම සාමාන්‍යයෙන් වෙන්නෙ පිරිමි ලමයව අත අරින එකනේ..මොකද උනේ ගැනු ලමයා

    අකමැතිද මේක කරගෙන යන්න??"
    "නැ සර් එයා කැමති මේක කරගෙන යන්න ,ඒත් මමයි අකමැති.."

    "ඇ මොකද ලමයො ඒ??........" සර් අහල තියනවා.

    මෙහෙම අහනකොට අරය හොඳ උත්තරයක් දීල
    "සර් දැන් එයා විශ්ව විද්‍යාලෙනෙ ඉන්නේ.දැන් එයාට හොඳ අනාගතයක් තියනවා.දැන් මම එයාව බලන්න නිතර කැම්පස් එකට යන්න එන්න ගත්තොත් ඒක එයාගෙ තත්වෙට බාධාවක්.මම එයාගෙ අධ්‍යාපන මට්ටමට ගැලපෙන්නෙ නැ.ඉතින් මම කල්පනා කලා එයාගෙන් වෙන් වෙන්න "

    ඉතින් මේ සිදුවීම පද රචකයට හොඳට දැනිල තියනවා.ඒත් එක්කම ඔහු බලපු චිත්‍රපටියක් ගැනත් පෙලින් පෙල මතකයට ඇවිත්.චිත්‍රපටිය හුලවාලි.හුලවාලි කියන්නේ සැඩොල් ගමක කතාවක්.ඒ සැඩොල් ගමේ නායකයා දාර.දාරගේ බිරිඳ මේ හුලවාලි ගමට තොරොම්බල් අරන් එන බිබිලේ ඇත්තො එක්ක හාදකමක් ඇති කරගන්නවා.මේක ගැන දාර ටික ටික දැනගෙන අන්තිමට දෙන්නවම එක තැනකදි එකට අල්ලගන්නවා.අල්ලගෙන බිබිලේ ඇත්තො අහනවා ,

    "උබ මගේ බිරිඳට ආදරෙයිද..එහෙනම් උඹ මගෙ ගැනිව අරන් පලයන්.හැබැයි මේකිට කරදරයක් එහෙම උනොත් මම උඹව ඉතුරු කරන් නැ..."

    ඔහොම කියපු දාර බිරිඳගෙ ඔක්කොම බඩු ටිකත් එක්ක රෙදි ටික පොට්ටනියකට දාල පටවලා තමන්ගෙ බිරිඳ බිබිලෙ ඇත්තොත් එක්ක පිටත් කරල යවනවා.අන්තිමට බිරිඳ අරන් ගියාට පස්සේ ඇයට ගෙනියන්න අමත වෙච්ච ඇගේ එක පෙරවන රෙද්දක් දාරට හම්බ වෙනවා.දාර මේ සලුව අතේ තියාගෙන හොඳටම අඬනවා.

    මම මේ කියපු ඔය සිදුවීම් තුන මුල් කරගෙන තමයි අන්තිමට හන්තානට පායන සඳ ගීතය එතුමා අතින් ලියවෙන්නේ.අමරසිරි පීරිස් ගායකයනන්ගේ කට හඩට තවත් ගීතයේ රසවත් බව වැඩි වෙලා සාර්තක නිර්මානයක් මේ ඇසුරින් ගොඩනැගෙනවා.ඔහොම තමයි මේ ගීයේ නිධාන කථාව.
    තවත් ඒවා පුලුවන් විදියට දාන්නම්..හැමෝටම ජය
     
    Last edited:

    :yes::yes:
     
    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    අඩෝ උබලා සිරා කොල්ලො ටිකක් නේ....මම ලගදි මේක දැක්කේ some how i miss it...... පට්ටයි මචෝ...... keep it up....:):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වේරලියද්දයන්ගේ හඩ මා ඈසුරු කල හෑගුම්භරම හඩකි. පලමු කෑසට් පටය 'මල්වියනෙන්' අප පාසල් යන අවදියේ අමාරුවෙන් ඉතිරි කරගත් සුලු මුදලකින් මිලදීගෙන ගෙදරට හොරා ශ්‍රවනය කලේ නෑතිනම් 'ලවු පිස්සුව' 'බූට් එක' යනාදී උපකල්පනයන්ට ගොදුරු වීමට ඉඩකඩ තිබූ නිසාවෙනි. එකල මෙම වදන් වෑල් වල අරුත් හරි හෑටි පසක් නොවූවද ඒ ලයාන්විත තනු මොකක්දෝ අමුතු රහක් දනවන්නට විය. අදටත් රාත්‍රී පලවන හෝ දෙවන ප්‍රහරය එලබි කල 'මගේ ජීවිතේ පුරා' 'මටම පෙම්කල' 'සුන්දර උයන් පෙතක' 'කොහේ කොතෑනක' වෑනි ගේය සවනත වෑකෙන කල දනවන්නේ අතීත සුවද මුසුවූ ශෘන්ගාරත්මක විරහ රසයකි. එයම නිවීමට හේතුවේ.

    වේරලියද්දයන් ගෑන කීමට ඈත්තේ මෙපමනකි, බොදු ගීයට, සුභාවිත ගීයට උරුම ඒ හඩ ප්‍රසන්ග වේදිකාවේ වෑනෙන්න ගහන බීට් එකට හා වන්දිබට්ටකම් වලට පාවාදී ඔහු කර ඈත්තේ ඔහුටත් රටටත් අපරාදයකි. 'මල්වියනින්' පසු තවමත් එවෑනි ඈල්බමයක් නෑත. එසේ නොවන්නට ඔහුද අද සුභාවිත ගදබ කුලකයේ තවත් අවයවයක්ය.
    ඇත්තෙන් ම මොනවට කියම් ද ඒ ගැන.
    වේරලියද්දයන් ගායනා කළ "නළල වියළවා විගසින් - තිළකයක් තියා අලුතින්" ගීය ඇසූ විට මූ මොන තරම් උත්කෘෂ්ඨ කටහඩක උරුමකරුවෙක්දැයි අපට ම දුක සිතේ...........
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සස්ලිට් ඇතුලු පිරිසගෙන් අහල ඕන් දාන්නයි යන්නේ හන්තානට පායන සඳ නිධාන කතාව..මේක කිව්වේ ගී පද රචකයා ගී විචාරයකට අපේ කැම්පස් එකට ආපු වෙලාවක.

    හන්තානට පායන සඳ කියන ගීතය ලියවෙන්නෙ තනි සිදුවීමක් මුල් කරගෙන නම් නෙවෙයි.සිදුවීම් ගොඩක එකතුවකට.ධම්මික බන්ඩාරයන් සරසවි අධ්‍යාපනය ලබන්නේ කොලඹ සරසවියේ. පේරාදෙනිය සරසවියට නොගියට එතුමාට එන්න ලැබෙනවා විටෙන් විට පේරාදෙනිය සරසවියට එතුමගෙ මිතුරන් හමුවෙන්න.කොලඹ ක‍ටුක ජීවිතෙත් එක්ක පේරාදෙනියෙ පරිසරය එතුමට හොඳට හිතට අල්ලනවා.සරසවිය අයිනෙන් ගලාගෙන යන මහවැලි ගඟ,සීතල සුලඟ,හන්තාන කඳු වලල්ල කොලඹ ක‍ටුක පරිසරයෙ කාලය ගත කරපු එතුමන්ට රසඳුනක් වෙලා.හන්තානට පායන සඳ මෙතුමා දකින්නෙත් පේරාදෙනිය සරසවියෙ නේවාසිකාගාරයක නිදහසේ ඉන්න වෙලාවක.ඒ ගැන එතුමන්ගේ වචන වලින්ම කියනවානම් ,

    "එතකොට අපි මේ සරසවිය ආශ්වාදය කලා.ඔහොම ආශ්වාදය කරන අතරතුර ඇත්තමයි මම දැක්ක හන්තානට පායන සඳ."

    ඕක සිතුවිල්ලක් විදියට එතුමගෙ හිතේ ඇඳිලා තියනවා.නමුත් ඒ දවස් වල මේක මුල් කරගෙන ගීතයක් ලියන්න තරම් වටපිටාවක් තිබිලා නැ.
    ඔහොම කාලය ගතවෙලා යනකොට ධම්මික බන්ඩාරයන් නගර වල පංති පවත්වන්න පටන් ගන්නවා.ඔහුගෙ පංතියකදි දැකල තියනව දෙන්නෙක් අතර පොඩි ප්‍රේම පැලැටියක් වැඩෙනවා. අහිංසක විදියට වැඩේ සිද්ද වෙනවලු.කාටවත් කරදරයකුත් නැතුව ඉගෙන ගන්න ඒවටත් බාධාවක් නැතුව වැඩේ සිද්ද වෙන නිසා කවුරුත් බාධා කරන්න ගිහින් නැ, අවවාද දීලත් නැ.කොහොම හරි ඒ වසරේ දෙන්නම උසස් පෙල ලියලා ප්‍රථිපල වලින් ගැනු ලමය පේරාදෙනි සරසවියට තේරෙනවා.ඒත් පිරිමි ලමයා සරසවියට තේරෙන්නෙ නැ.ඔහොම ඔය සිදුවීම් පෙලත් සිද්ද වෙලා එතුමටත් ඕක අමතක වෙලා යනවා.

    ආයෙත් අවුරුදු දෙකකින් විතර යම්කිසි නගරයක් එතුමා ඉන්නකොට අත් දිගට ඇඳගත්තු සපත්තු දෙකක් දාගෙන ආපු සේල්ස් රෙෆ් කෙනෙක් සාර්ට මාව මතකද අහනවා.එතුමටත් වැඩි වෙලා නොගිහින් මතකෙට එනවා මේ අර කාලෙකට ඉස්සර එතුමගෙ පංතියට ආපු ලමය කියලා.ඔහොම කතා කරකර ඉන්නකොට
    එතුමා අහල තියනවා

    "දැන් කොහොමද සම්බන්දේ...ගැනු ලමය එහෙම කොහොමද "කියලා..
    "සර් මම ඒක නැවැත්තුවා.." මෙයා දුකින් උත්තර දීල…

    "ඇ ලමයො සාමාන්‍යයෙන් ගැනු ලමයා කැම්පස් ගියාම සාමාන්‍යයෙන් වෙන්නෙ පිරිමි ලමයව අත අරින එකනේ..මොකද උනේ ගැනු ලමයා

    අකමැතිද මේක කරගෙන යන්න??"
    "නැ සර් එයා කැමති මේක කරගෙන යන්න ,ඒත් මමයි අකමැති.."

    "ඇ මොකද ලමයො ඒ??........" සර් අහල තියනවා.

    මෙහෙම අහනකොට අරය හොඳ උත්තරයක් දීල
    "සර් දැන් එයා විශ්ව විද්‍යාලෙනෙ ඉන්නේ.දැන් එයාට හොඳ අනාගතයක් තියනවා.දැන් මම එයාව බලන්න නිතර කැම්පස් එකට යන්න එන්න ගත්තොත් ඒක එයාගෙ තත්වෙට බාධාවක්.මම එයාගෙ අධ්‍යාපන මට්ටමට ගැලපෙන්නෙ නැ.ඉතින් මම කල්පනා කලා එයාගෙන් වෙන් වෙන්න "

    ඉතින් මේ සිදුවීම පද රචකයට හොඳට දැනිල තියනවා.ඒත් එක්කම ඔහු බලපු චිත්‍රපටියක් ගැනත් පෙලින් පෙල මතකයට ඇවිත්.චිත්‍රපටිය හුලවාලි.හුලවාලි කියන්නේ සැඩොල් ගමක කතාවක්.ඒ සැඩොල් ගමේ නායකයා දාර.දාරගේ බිරිඳ මේ හුලවාලි ගමට තොරොම්බල් අරන් එන බිබිලේ ඇත්තො එක්ක හාදකමක් ඇති කරගන්නවා.මේක ගැන දාර ටික ටික දැනගෙන අන්තිමට දෙන්නවම එක තැනකදි එකට අල්ලගන්නවා.අල්ලගෙන බිබිලේ ඇත්තො අහනවා ,

    "උබ මගේ බිරිඳට ආදරෙයිද..එහෙනම් උඹ මගෙ ගැනිව අරන් පලයන්.හැබැයි මේකිට කරදරයක් එහෙම උනොත් මම උඹව ඉතුරු කරන් නැ..."

    ඔහොම කියපු දාර බිරිඳගෙ ඔක්කොම බඩු ටිකත් එක්ක රෙදි ටික පොට්ටනියකට දාල පටවලා තමන්ගෙ බිරිඳ බිබිලෙ ඇත්තොත් එක්ක පිටත් කරල යවනවා.අන්තිමට බිරිඳ අරන් ගියාට පස්සේ ඇයට ගෙනියන්න අමත වෙච්ච ඇගේ එක පෙරවන රෙද්දක් දාරට හම්බ වෙනවා.දාර මේ සලුව අතේ තියාගෙන හොඳටම අඬනවා.

    මම මේ කියපු ඔය සිදුවීම් තුන මුල් කරගෙන තමයි අන්තිමට හන්තානට පායන සඳ ගීතය එතුමා අතින් ලියවෙන්නේ.අමරසිරි පීරිස් ගායකයනන්ගේ කට හඩට තවත් ගීතයේ රසවත් බව වැඩි වෙලා සාර්තක නිර්මානයක් මේ ඇසුරින් ගොඩනැගෙනවා.ඔහොම තමයි මේ ගීයේ නිධාන කථාව.
    තවත් ඒවා පුලුවන් විදියට දාන්නම්..හැමෝටම ජය

    මේ දවස් වල මම වෑඩියෙන්ම අහන්නෙ මෙමෙ ගීතය සහ ආත්මාගේ ආයෙමත් ආදරෙන් ගීතයි.. ස්තූතී සහෝ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මහින්ද මහත්තයට කොලබ වරාය ඉක්මනට හදල බාරදෙන්න ඕනෙනිසා.. මේ දවස් වල කන්න, නිදාගන්නවත් වෙලා නෑ.. ඒත් පුලුවන් හෑම වෙලාවකම මේක කොහොම හරි කියවනව.. හිතන්න එපා මමත් මේක දාල ගිහින් කියල.. සමහර විට වෙන වෙනම අදහස් පලකරන්න බෑරිවෙයි.. ඒත් මම මේකත් එක්ක ඉන්නව