සුන්දර මා ඔය යකා බැදි ඇල්ල..
සුන්දර මා ඔය යකා බැදි ඇල්ල..
උපන්දා ඉදන් ගමේ කෙලවරකින් ඔහේ ඇදෙන "මා -ඔය " හැමදාම දකින කුකුලාගෙ කරමල වගේ අහලගම් හතක කාට කාටත් ඒ හැටි අරුමයක් උනේ ම නැත. අවුරුද්දකට වතාවක් දෙකක් ගෙදර ලිදේ වතුර අඩුවෙනකොට පිහිට හොයන් දුවන්නට මිසක ගමේ කාටත් මා ඔයේ ඒ හැටි විශේෂයක් නම් නැත....
ගෙදරට හොරෙන් අඩියක් ගසන කොල්ලො කුරුට්ටෝ නම් අඩුවක් නැතිව ගං ඉවුරේ ජෝගි නටා අස්පස් කරන එක විතරක් ඉතුරුකොට යති....වීදුරු කටු,ප්ලාස්ටික් බෝතල්,පොලිතීන් ආදිය හිතුමතේ හැමතැනම දමා යන්නෙ බොන්න එන එවුන්ගේ වැරැද්දක් නිසානොව උන්ගේ මහ උන්ගේ ගැටළුවක් නිසා බව ගමේ තලතුනා උදවිය නිතර කියන්නකි...
කවුරු කවුරුත් නොසලකා හැර ඇති දෙය නම් කදුකරයෙන් පටන් අරන් 130km ආසන්න දිගකින් යුතුව මීගමුව කොච්චිකඩේ න් මුහුදට එක්වෙන මා-ඔයේ අතිශය සුන්දර සහ අයිතිහාසිකම ස්ථානයක් හෙමින් හෙමින් ඉතිහාසයට පමණක් එකතුවෙමින් තිබෙන බවය....එය එසේ මෙසේ ඉතිහාසයක් නොව ක්‍රි.පූ.2 වන සියවස දක්වාම දිවෙන්නකි....
එවක මාගම රාජධානියේ රජ කල කාවන්තිස්ස යන් ස්වකීය දෙටු පුත් ගාමණී අභය වෙනුවෙන් සේනා රැස් කල බව මහාවංසය සාක්ෂි සපයයි.එසේ රැස්කල දසමහා යෝදයින් ගෙන් කෙනෙකු වන ගෝඨයිම්බර යන්..එවක මා ඔය හරස්කොට වේල්ලක් බැද මාකදුර වෙල් යාය අස්වද්දන්නට "බල ඇළ" නම් ඇළක් කරවා ඇත...ජනප්රවාදයට අනුව වේල්ල සාදන වාරයක් පාසා රාත්‍රියේ එක්තරා යකෙක් (මෙය යක්ශ ගෝත්‍රික යෙක් විය යුතුය) වේල්ල බිද දමා ඇත...කිහිපවරක් සිදුවූ මේ අකරතැබ්බයන්ට පිළියම් ලෙස දිනක් සුපුරුදු පරිදි වේල්ල පිළිසකර කල ගෝඨයිම්බර යෝදයා රාත්‍රී කාලේ සැගවී බලා සිට ඇත...කිසිත් නොදත් යකා නොහොත් යක්ෂ ගෝත්‍රික යා සුපුරුදු පරිදි වේල්ල කඩා බිදීමට සූදානම් වද්දී සැගවී සිටි ගෝඨයිම්බර යෝදයා යක්ෂ ගෝත්‍රික යාව අල්ලා වේල්ලට තබා බැද දමා පිටවගොස් ඇත..එතැන් පටන් අද දක්වාම මෙතැන "යකා-බැදි ඇල්ල" නමින් ජනප්රවාදයට එක්ව ඇත...එය හුදු ජනප්රවාදයට පමණක් සීමා නොවන්නේ ක්‍රි.පූ 2 වන සියවසේ පටන් අද වෙනතෙක් එහි ජීවමාන සාක්ෂි හරි අපූරුවට පවතින බැවිනි...
නටඹුන් වූ වේල්ල
ක්‍රි.පූ.2 වන සියවසට අයිති හරි හතරැස් කලුගල් කුට්ටි
වේලි ප්‍රාකාරය...
"මා-ඔය" මැද ඉතිරිව ඇති නටඹුන් වූ වේල්ලත් ...ඉවුරු දෙකෙහි තවමත් ඉතිරිව ඇති හරි හතැරැස් දැවැන්ත කලු ගල් කුට්ටිවලින් සැදී වේලි ප‍්‍රාකාරත්...පාසිවලින් වැසීගිය "බල ඇළත්" සාඩම්බර ඉතිහාසයක නිහඩ සාක්ෂි කරුවන් ය.... පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත මෙවැනි ස්ථාන ගැන නිසි අවධානයක් නොමැතිකම ම අනාගතයේ ඉතිහාසයෙන් වටිනා උරුමයන් වියැකී යන්නට හේතුවක් වනවාට සැක නැත... (ඉතිහාසයේ සිදුවීම ලියාදක්වන්නට කාලය හරහා පණිවිඩ එවූ ගෝඨයිම්බර යෝදයා ට පිං පිණිස...)
කරුණු කාරනා හරි හැටි ගලපපු ප්‍රභාත් මල්ලීට හදපිරි ප්‍රණාමය