සුනාමිය; නැවත හදාරමු

obama2

Member
Apr 18, 2012
424
30
0
සුනාමිය; නැවත හදාරමු

සුනාමිය; නැවත හදාරමු

Posted: 1:35 pm, December 26, 2013
snowden-.si_-685x320.jpg




ඉතිහාසය සහ කාලය යනු සංකල්ප දෙකකි. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය යනු ද සංකල්ප දෙකකි. වර්ධනය සහ දියුණුව යනු ද සංකල්ප දෙකකි. සමස්තයක් ලෙස ගත් කළ මෙම සංකල්ප සියල්ල බටහිරට අයිති ඒවාය.ඒවා පෙරදිගට ආගන්තුකය.පෙරදිග මිනිසුන්ට ඉහත සංකල්ප සමග තදාත්මක බැදීමක් නැත. ‘රාජ්‍ය’ යනු පුද්ගලික අඩවියක් බව ජුලියන් අසාන්ජ්,බ්‍රෑඩ්ලි මැනිං,සහ එඩ්වඩ් ස්නෝඩන් එනතුරු අප දැන සිටියේ නැත. රාජ්‍ය යනු සිංහල පුද්ගලික අඩවියක් බව අප මහින්ද රාජපක්ෂ එනතුරු දැන සිටියේ නැත.


අපගේ සංවිධානයට පදිංචි වීමට මුලින්ම තැනක් ලැබුනේ දෙහිවල කලුබෝවිල අසළය. එය එවකට නාවල නිහාල්ට අයිති එකකි. මිළ අඩු නිසාත්, හිතවතෙක් ලබා දුන් නිසාත් අපි එහි පදිංචි වූයෙමු. අපට මුලින්ම ලැබුණු සාමුහික දේපොල වූයේ ලී බංකුවකි. දෙවැනියට අප පදිංචි වූයේ නාවල කොස්වත්තේය. එහිදී අප විසින් සවිඥාණකව මිළට ගත් සාමුහික දේපලක් වූයේ බටහිර සම්භාව්‍ය සංගීතඥයින් සියළු දෙනාගේ සංගීත ඛණ්ඩ සහිත සංයුක්ත තැටි 26 ක එකතුවකි. ඒවා එවකට එකතු කර තිබුනේ ලස්සණ රදවනයකිනි.


දෙසැම්බර් 26 වනදා දේශපාලන සුනාමියකට සංවිධානය මුහුණ දුන් විට අපට ලී බංකුව ඉතිරි වී සම්භාව්‍ය සංගීත තැටි තොගය,එහි රදවනය සමගම අහිමි විය. පසු කලෙක අප ඊට සිදු වූ දෙය සොයා බැලුවෙමු. පළමුව එම තැටි තොගය ගොස් තිබුනේ සිංහල ජාතිවාදියාගේ නිවස අසළ තැනකටය. ඉන් පසුව එය ස්ත්‍රියක් විසින් තමන් ඉංග්‍රීසි උගත් ගුරුවරයාගේ නිවසට ගෙනගොස් තිබුණි.එය සුමංගල නම් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනංවන ලද්දකි. පසු කලෙක මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වූ වූ හිපි තරුණයෙකු නිවසට හොරෙන් පැන ගෑස් ටැංකියක් සමග මෙම සංගීත තැටි තොගයද රැගෙන ගොස් තිබුණි. ගෑස් ටැංකිය විකුණා ගත් නමුදු සංගීත තැටි තොගය ඔහුට විකුණා ගැනීමට තැනක් නොවූ බැවින් එය අඩු මුදලකට පරණ යකඩ බඩු කඩයකට විකුණන ලදි.


කාලයක් අප සමග දේශපාලනය කර පසුව ඉන් ඉවත් වී මධ්‍යම-පාන්තික අල්ටෝ පවුල් ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු තම නිවසේ මේස විදුලි පංකාවේ කැඩුණු අමතර උපාංගයක් සෙවීමට අහම්බයකින් ගොස් ඇත්තේ ඉහත සංගීත තැටි තොගය සහිත පරණ යකඩ බඩු කඩයටය. සංගීත තැටි රදවනය හරහා ඔහුට මතක් වී ඇත්තේ ‘මේ අරක නේද?’ කියාය. ඒ වන විට සියළුම සංයුක්ත තැටි වල ධාවනය වන මුහුණත ගර්හිත වී තිබුණ මුත් අඩු මිලකට ඒවා මිළට ගත් අපගේ පැරණි සගයා ඒවා තමන් ගේ ච්ත්‍ර ශිල්පී මිතුරෙකුට තෑගි කර ඇත.


එම ච්ත්‍රශිල්පී මිතුරා ඉහත සංගීත තැටි 26යේම ධාවනය වන මුහුණේ චිත්‍ර 26ක් ඇද ඒවා ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ ප්‍රදර්ශණය කර ඇත. අපගේ සංවිධානයේ අතීතයේ වැඩකළ සියළු දෙනා ප්‍රදර්ශණය නරඹා ඇති අතර එම ච්ත්‍ර වලින් ඔවුන් මහත් ප්‍රබෝධයට පත්ව ඇත. මේ කිසිවකු මේ චිත්‍රවල පස්ස පැත්ත නරඹා නැත. එබැවින් මෙම කතාව අතීත වේදනාවක් නොවේ. අතීතය පිළිබද සංඥාව මැකී ගොස් ඇති අතර ‘පසුපස’ නම් ‘සලකුණ’ (Mark) පුනරාවර්තනය වෙයි. ‘සංස්කෘතිය’ කිසිවකු ශික්ෂණය කරන්නේ නැති බව දැන් අපි දනිමු. දැන් කෙනෙක් සංස්කෘතිය කී විට අපගේ අත යන්නේ පිස්තෝලයටය.


“කලක් ඔබ ආශා කළ දෙයක් යළි හදුනා ගැනීමටවත් දැන් ඔබට නොහැකිය”


සංවිධානයකට තමන්ගේ උරුමයෙන් රැඩිකල් ලෙස කැඩී වෙන් වීම දුෂ්කර අභ්‍යසයකි. එම දුෂ්කර මාවත හැර වෙනත් දිදුලන මාවතක් නැති බවද අපි දන්නෙමු.


සිංහල බෞද්ධ ස්නෝර්ඩන් ඔබ කළ දේට ස්තූතියි!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
 
  • Like
Reactions: hacker T

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    “කලක් ඔබ ආශා කළ දෙයක් යළි හදුනා ගැනීමටවත් දැන් ඔබට නොහැකිය”
    පසුවට කියවමි ...හොද ට්‍රේඩ් එකක් වගේ ++