සුනාමි දවසේ අත්දැකීම්

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    පිහිනීම සම්බන්ධව වැඩ්ඩෙක් නමෙයි හැබැයි තරමක් හොදට පීනන්න පුළුවන් මුහුද ලගම ජීවත් වෙලා ඕක බැරිනම් වැඩකුත් නෑ

    සුනාමි දවසට කලින් දවසේ අපේ නෑදෑයෝ කට්ටියක් කතරගම ගිහින් එන ගමන් අපේ ගෙවල් වල ඇවිත් හිටියා

    කොහොම හරි සුනාමි දවසේ උදේ පාන්දර නැගිටලා නිව්සීලන්ඩ් අපේ මැච් එක බැලුවා ඒකත් පරදින පාටක් තිබුන නිසා කට්ටියම මැච් එකක් ගහමු කියලා අපේ ගෙදර ඉස්සරහා ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට ගියා

    අපේ ගෙදර පිහිටීම කිව්වොත් ගෙදර පිටිපස්සෙන් පොඩි හිස් ඉඩමක් එක්ක මුහුද, ගෙදර ඉස්සරහා කොළඹ-මාතර ප්‍රධාන පාර, පාරෙන් අනිත් පැත්තේ ග්‍රවුන්ඩ් එකයි ඉස්කෝලෙයි

    කොහොම හරි 9ට විතර ගෙවල් වල අය එලියට බැහැලා අපිට උදේට කන්න කතා කලා, අපිත් උදේට කාලා මුහුදේ නාමු කියලා මැච් එකත් නවත්තලා ගෙදර පැත්තට ගියා. මමත් විකට් එකට ගත්ත පුටුව ඉස්කෝලේ පන්තියෙන් තියලා එන්න හදනකොට මං දැක්කා සෙල්ලමි කරපු අපේ කට්ටිය ඉස්කෝලේ තාප්පේ ලගට දුවනවා, මමත් ඉතින් එතනට දුවලා බලනකොට දැක්කා පොඩි මුහුදු වතුර පාරක් ප්‍රධාන පාරට ඇවිත් තිබ්බා ඒත් එක්ක ලොකු රැල්ලක් (අඩි 10 විතර එක්ක මට මතක විදියට) මුහුද පැත්තෙන් ඉස්සෙනවා දැක්කා. ඒ වෙනකොට අපිට කන්න කතා කරන්න ගෙවල් වල වැඩිහිටි කට්ටිය එලියට බැහැලා හිටිය නිසා කවුරුවත් ගෙවල් ඇතුලේ හිටියේ නෑ ඒකෙන් එලියේ හිටිය කට්ටිය ඉස්කොලේ ග්‍රවුන්ඩ් එකට දුවගෙන ඇවිත් ඉස්කොලේ බුදු මැදුර තිබුන පොඩ්ඩක් උස කණ්ඩියක් ඒකට නැග්ගා ඒතන වටේම පේනවා.

    කොහොම හරි එතනදී දැක්කා අර රැල්ලට උඩින් තව රැල්ලක් එනවා එකට අපේ මාමලගේ ගෙදර, අපේ ගෙදර සම්පූර්ණයෙන්ම කැඩුනා ඒ එක්ක එහා පැත්තේ ගරාජ් එකක නතර කරල තිබුන ලොරි දෙකක් රැල්ලත් එක්ක ඇවිත් ඉස්කෝලේ තාප්පේ වැදුනා පාර ඒ තාප්පේ සම්පූර්ණයෙන් කැඩුනා ඒත් එක්කම අපි සේරම ඉස්කෝලේ පිටිපස්සට පැන්නා, ඉස්කෝලේ පිටිපස්සේ තිබුනේ රේල්පාර ඒ වෙනකොට රේල් පාරටත් වතුර දානව,

    ඒ පැනපු පාර එහෙම්ම කට්ටිය දිව්වා, කොහෝම හරි බාගයක් දුර යද්දි මට අපේ පවුලේ අයව මග ඇරුණා ඒ නිසා මං අයේ ගෙවල් පැත්තට එනකොට පාරේ හිටිය අය මට යන්න දුන්නේ නෑ (එදා අපේ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගිහින් හිටියේ අම්මා හොස්පිටල් වැඩ අම්මා හිතලා තිබ්බේ අපි ඉවරයි කියලා) කොහොම හරි මං අයේ අපහු යද්දී තාත්ත මාව හොයාගෙන ඇවිත් මාව හම්බවුනා ඒ හම්බවෙලා තාත්තාත් එක්ක යද්දි අම්මත් හම්බවුනා, අම්මා හොස්පිටල් එකේ ඉදින් යුනිෆෝම් පිටින් ඇතුල් පාරවල් වලින් අඩාගෙන ඇවිත් තිබුනේ, කොහොම හරි මං දවස් දෙකක් විතර එදා සෙල්ලම් කරපු ඇදුම පිටින් හිටියේ. නැදෑයොත් එක්ක අපේ ගෙවල් තුනේ 20දෙනෙක් හිටියා ඒ කාටවත් කරදරයක් උනේ නෑ

    සුනාමියෙන් පස්සේ රට ඇතුලෙන් ගෙවල් දුන්නට අපි ගත්තේ නෑ, මුලින් අපිට එතනගේ අයේ හදන්න දුන්නෙත් නෑ මීටර් 100 නීතිය නිසා පස්සේ ඒක මීටර් 50ට අඩු උන නිසා වෙරළ සංරක්ෂණයෙන් අවසර අරගෙන ආයේ එතනම ගේ හැදුවා, කලින් තිබුනගේ හදලා පදිංච් වෙලා මාස 5ක් වෙන කොට තමයි සුනාමි ඇවිත් ගලවගෙන ගියේ

    මාමලා දෙන්නත් රට ඇතුලට වෙන්න ඉඩම් අරගෙන ගෙවල් හදාගෙන පදිංචියට ගියා, අපි තවම එතන ඉන්නවා ඇත්තටම දැන අපි විතරයි ඒ හරියේ ගෙයකට තියෙන්නේ අනිත් සේරම කඩවල් සහ හොටෙල්

    දැන්නම් ගෙදර ඉස්සරහා ඉස්කෝලේ සුනාමි අනතුරු ඇගවීම කරන කණුවකුත් තියෙනවා හැබැයි වැඩ කරනවද දන්නේ නෑ දැන්

    තව දෙයක් ගෙදර හදාගන්න රජයෙන් කියලා අපිට ලැබුනේ රුපියල් ලක්ෂ 2.5ක් විතරයි අනිත් සේරම අපෙන්

    මේ ලොකු කතාවක් ගොඩක් කෙටි කරලා කිව්වේ ඇත්තටම කිව්වොත් අපි සුනාමි එනකොට තරමක් යමක්කමක් ඇතුව හොදට හිටිය අය ඒත් සුනාමියෙන් අපි නැති වෙලාම ගියා පස්සේ ඔළුව උස්ස ගත්තේ හරි අමාරුවෙන්, අම්මත් ටිකක් අසනීප උනා හිතේ අමාරුවට

    කතාවක් තියෙනවා සුනාමියෙන් ඇති මිනිස්සු නැති උනා නැති මිනිස්සු ඇති වුනා කියලා (ඒ කිව්වේ තරමක් හොදට යමක් කමක් ඇතුව හිටිය අය අන්තෙටම වැටුනා නැතුව හිටිය අය ගොඩ ගියා කියන එක) ඒ කතාවේ ඇත්තක් තියෙනවා මගේ අත්දැකීම් එක්ක
    ස්කෝලෙ ශාරිපුත්‍රද රෝහනේද
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    mata ethakota 12i wayasa. tsunami walinnam aulak une nehe. TV eke balan hitiya as uda daagena. tsunami messo kiyala jathiyak eeta passe raata lite eliyata enna gatta mathakada umbalata??? :baffled:

    2030 ට කලින් ආයෙ ලොකු සුනාමියක් ලන්කාවෙ අපි කිට්ටුව වදිනවා කියලා ප්‍රිඩික්ශන්ස් තියේ. ඒක නිසා හැමෝම පරිස්සමින් හිටහල්ලා!:dull:
    ------ Post added on Dec 26, 2022 at 3:49 PM
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    කතාවක් තියෙනවා සුනාමියෙන් ඇති මිනිස්සු නැති උනා නැති මිනිස්සු ඇති වුනා කියලා (ඒ කිව්වේ තරමක් හොදට යමක් කමක් ඇතුව හිටිය අය අන්තෙටම වැටුනා නැතුව හිටිය අය ගොඩ ගියා කියන එක)
    වේස මයිනා ගොඩගියා
     
    • Angry
    • Like
    Reactions: shenat and Any.key

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මං එතකොට 5 වසරෙ. එදා උදේ ශ්‍රී ලංකා-නවසීලන්ත වන්ඩේ මැච් එක සිරසෙ බලබල හිටියෙ. 8.45 ට විතර සිරසෙ බ්‍රේකින් නිව්ස් ගියා මුහුද ගොඩගලනවා කියලා. එතකොටම වගේ කරන්ට් එක ගියා. මාත් ගාල්ලෙ හැබැයි අපේ පැත්තට නම් සුනාමි හින්දා ඩැමේජ් එකක් වුණෙ නෑ.
    මම 4 වසරේ. අම්බලන්ගොඩ. අපේ පැත්තට නම් සුනාමි අවෙත් නෑ. හැබැයි අම්බලන්ගොඩ beach side නම් damage උනා ටිකක්.
    අපේ ගෙදර දානයකට ආපු ගාල්ලේ බයි නෑයෝ ටිකක් උදේම යන්න ඉදල පරක්කු වෙලා උදේට කාලම යන්න හිටියා. ගියා නම් අර කෝච්චිය සෙට් වෙන්නේ... මම පරදින්න යන nz මැච් එකක් බල බල හිටියේ.. :baffled:
    ඔය train එක යවන්න එපා කියලා අම්බලන්ගොඩ station එකට call කරලා තියනවා මරදාන control centre එකෙන්. ඒ වෙලේ station master සහ අනෙක් උන් train එකේ ගෙනාපු මී කිරි බාන ගමන් ඉඳලා තියන්නේ... Office එකේ කවුරුත් ඉඳලා නෑ call එක ගන්න.. උන් කිරි ටික බාගෙන train එක යැව්ව..
    අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.
    Rape සීන් නම් උනා කියලා හිතන්න අමාරුයි.. ගමේ හිටපු උනුත් ඇවිල්ලා train එකට නැගලා තිබුණා. කව්ද බං හිතන්නේ train එකක් පෙරළෙයි කියලා.
    හැබැයි රත්තරං බඩු ඇඟිලි, කන් පිටින් ගිහින් තිබුණා
    ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේ. ඕක කරපු උන් දෙන්නට දන්න විදිහට මරණ දඩුවම හම්බ වුණා.
    මරණ දඩුවම දෙන්න කලින් එකෙක් ද කොහේ පිළිකාවක් හැදිලා මැරුණා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,001
    113
    34
    Kalutara
    oww a kale mona blue ray da bung? :lol: :P

    Quality ewa oya ada kale wage issara heuwee na bung. dan ne bung api 2160P, 1080P ewa hoyanne

    mata mathaka VCD eka 2 da koheda thibaa Hall ekee gihilla 1 month walin withara issara films balanawaa :yes:

    Issara mama nam owa danneth na podi kale video quality

    Tsunami ekan passe baluwa Deep Impact kiyala ekake. ekath oya Tsunami seen ekake thiyanne.

    Ara Tusnami ekee ralla passata yanne, anna eka okee thibaa :eek::shocked:


    2005දි සීඩී ප්ලේයර් එකක් ගත්තෙ. කොහොම හරි සුනාමියෙන් පස්සෙ සුනාමි වීඩියෝ කියල සීඩී ගහල විකුනන්න ගත්ත රෙකෝඩ්බාර් අයියලා. සුනාමියෙ වීඩියෝ තිබ්බෙ එව්වයෙ. යුද්ධෙටත් එහෙමයි. මල්ටි බැරල් ගහන එහෙම වීඩියෝ වික්කා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මාත් ගාල්ලෙ හැබැයි අපේ පැත්තට නම් සුනාමි හින්දා ඩැමේජ් එකක් වුණෙ නෑ.
    :rofl: :rofl:

    ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේ. ඕක කරපු උන් දෙන්නට දන්න විදිහට මරණ දඩුවම හම්බ වුණා.

    1974n passe ekektawath marana dandane dunne na ban.
    ------ Post added on Dec 26, 2022 at 4:20 PM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,896
    113
    126
    Hogwarts
    Muhuda goda galapu wele welle idapu ewn ape pettata duwan eddi muhuda hindunaa kiyagena, api diwwa muhuda hidichha eka balanna… keri arthal muhuda meter 50k witra athata hidilia tibba… 3 minutes wage. Ita passe eka normal rellak gahaala back to normal una. Mat ita passe duwala awa aye gedara
     
    • Haha
    Reactions: Keshan94

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :rofl: :rofl:



    1974n passe ekektawath marana dandane dunne na ban.
    ------ Post added on Dec 26, 2022 at 4:20 PM
    ඇයි හිනාවෙන එමෝජි එකක් දාලා. බොරු කියනවා කියලා හිතුව ද? නිවුස් වල ඒ දවස්වල අහපු දැකපු විදිහ කිව්වෙ. කොහොමත් ජීවිතාන්තෙ දක්වා දක්වා දෙන එකටත් කටවචනෙට කියන්නෙ මරණ දඩුවම දෙනවා කියලා තමයි නිවුස්වල.
     
    • Like
    Reactions: shenat and hrm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    මම හිටියේ වසන්ත කරන්නාගොඩගේ ගෙදර ක්‍රිස්මස් ලන්ච් එක්කට ඇවිත් . නිකං කඩි ගුල ඇවිස්සුනා වගෙ. නේවි එකේ උන් පිස්සු බල්ලො වගේ පෝන් එක උස්සන් එනවා අරුට මුද ගොඩ දාල කියලා
     
    • Like
    Reactions: chanakamanjula

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    Awuwata welaa kohomada ban oya paththe cool eke inne? 🤔
    chill eke ban.

    756bd6434900ba95bceea29119a4119e.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    අපි නම් හිටියේ රට ඇතුලට වෙන්න. ඒත් සුනාමි වුන වෙලාවේ කොච්චියේ රේප් සීන් ගොඩන් වුනා කියලා ආරංචියි. ඇත්තද දන්නේ නැහැ.
    වෙන්න ඇති සිංහලු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පහත් ජාතියක්
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    poya dawasak. ITN channel eka daala thibune. Eka paaratama kattiya Kalabala una. Gedara ayata muhuda goda galanawa qwama hinaa una podi ekaage boru kiyala.

    ps: matara patthe da koheda kandak uda pansalaka bana program ekak thibune.
    අළුත්ගම කන්දේ විහාරේ බන්. මමත් කළුතර යන්න ලෑස්ති වෙලා හිටියේ. 10.30 වගේ සිරසේ breaking news ගියා. අදවගේ තාමත් මතකයි. මම 5 වසරේ වගේ එතකොට. 😢😢😢
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    poya dawasak. ITN channel eka daala thibune. Eka paaratama kattiya Kalabala una. Gedara ayata muhuda goda galanawa qwama hinaa una podi ekaage boru kiyala.

    ps: matara patthe da koheda kandak uda pansalaka bana program ekak thibune.

    අළුත්ගම කන්දේ විහාරේ බන්. මමත් කළුතර යන්න ලෑස්ති වෙලා හිටියේ. 10.30 වගේ සිරසේ breaking news ගියා. අදවගේ තාමත් මතකයි. මම 5 වසරේ වගේ එතකොට. 😢😢😢

    මාත් 5 වසරේ. මටත් මතක ITN එකේ පෝය ප්‍රෝග්‍රෑම් එක අස්සේ ඕක ලයිව් පෙන්නපු එක. මාමලා දකුණට ට්‍රිප් එකක් ගිහින් තිබ්බා. අපේ අම්මලා කලබල වෙලා හෙව්වා. එයාලට අවිලක් උනේ නෑ.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මාතර


    From fb,
     

    Attachments

    • FB_IMG_1672053748013.jpg
      FB_IMG_1672053748013.jpg
      84.1 KB · Views: 122
    • FB_IMG_1672053745134.jpg
      FB_IMG_1672053745134.jpg
      109.9 KB · Views: 118
    • FB_IMG_1672053742374.jpg
      FB_IMG_1672053742374.jpg
      106.9 KB · Views: 122
    • FB_IMG_1672053739692.jpg
      FB_IMG_1672053739692.jpg
      121.8 KB · Views: 123
    • FB_IMG_1672053737282.jpg
      FB_IMG_1672053737282.jpg
      111.8 KB · Views: 117
    • FB_IMG_1672053734643.jpg
      FB_IMG_1672053734643.jpg
      128.8 KB · Views: 126
    • FB_IMG_1672053731469.jpg
      FB_IMG_1672053731469.jpg
      116.1 KB · Views: 125
    • FB_IMG_1672053722814.jpg
      FB_IMG_1672053722814.jpg
      74.5 KB · Views: 122
    • FB_IMG_1672053719883.jpg
      FB_IMG_1672053719883.jpg
      89.7 KB · Views: 119
    • FB_IMG_1672053712392.jpg
      FB_IMG_1672053712392.jpg
      106.7 KB · Views: 119