සුනාමි මතකය 😔

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mama match eka balabala hitiye new zealand vs sri lanka ude. ekaparata sirasa breaking news giya. mulin kivve මුහුද ගොඩ ගැලීමක් වාර්තා වෙනවා කියලා. ඊට පස්සෙ ඔක්කොම වැඩසටහන් නවත්තලා news යන්න පටන් ගත්තා. o/l ivaravela gedara hitiye
     
    Last edited:
    • Like
    Reactions: thushiq64

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    pelawatte hitiye...hawasa kelani palaama uda nawattela baluwa wathura level eke wedi wela hinda...ochchara scene ekak kawruth danan hitiye na ra wenekal
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ මාර දුක් දවසක්. මමත් ඔයිට විනාඩි 10 පස්සේ ගාල්ලේ.. ගන්න දෙයක් නැ. කෙලින්ම වැවක් වගේ මුළු ගාල්ලම. ඔය කිව්වා සින් ඔක්කොම මම දැක්ක. හැබැයි වතුරට අහු උනේ නැ. ඔය පොලේ එක කඩයක් වත් ඉතුරු උනේ නැ. පොළ පිටිපස්සේ තිබ්බ පොඩි මුඩුක්කුවක්, ඒ පවුල් වල ඔක්කොම වගේ මැරිලා තිබ්බ.

    උඹ කොහෙද ගාල්ලේ?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :dull: එදා සිල් ගන්න යන්න හිටියෙ, පෙර පිනකට අම්මයි තාත්තයි එදා විතරක් වැඩි ඕන කමක් කරේ නෑ එක්කගෙ යන්න.. වෙනදටනම් බලෙන්ම අපි තුන්දෙනා එක්කගෙන යනව සිල් සමාදම් කරවන්න..ඒ මිනිස්සු දෙන්නට පින් සිද්ද වෙන්න අදටත් අපි ජීවත් වෙනව.. එදා සිල් ගන්න ගියපු වයසක මිනිස්සුයි/දහම්පාසලේ යාලුවොයි හැත්තෑ ගානක් මැරුන, පන්සල එහා පැත්තෙ මුහුද....

    පාරට වතුර දාන වෙලේ බබෙක් හම්බෙන්න හදීසි hospital යන ගමන් තිබ්බ වෑන් එකක් නවත්තන්න ගමේ මිනිස්සු පාරට පැනල වාහනේ නවත්තන්න හැදුව.. ඩ්‍රයිවර්ට control කරගන්න බැරුව ගිහින් තාප්පෙක වැදුන බන් බලාගෙන ඉන්දෙද්දිම, ඒ අම්ම බඩේ දරුවත් එක්කම එතනම නැතිවුනා...

    අත පය කැපිච්ච මිනිස්සු ලේ බේරි බේරි පාරදිගේ උස්සන් දිවුවෙ පන්සල් වලට... පාර දෙපැත්තෙ වතුර පෙවිල මැරුන අයගෙ බොඩීස් ගාලු පාර දිගට තියල තිබ්බෙ. වතූර පෙවිල නිසා බඩවල් මහත් වෙලා, කලු වෙලා, ඉදිමිලා.. පලාතම තනි සොහොනක් ඉතින්...

    සති ගානක් යනකම් ගාලු පාර දිගේ යන්න බෑ තනි කුනු ගදයි පලාතම.. රෑට එහෙම ගිනි කලුවරයි.. පලාතෙම ලයිට් නෑ.. කෑම පැකට් එහෙම හම්බුනා ටික දවසකින්..

    කියන්නනම් දේවල් තියෙනව පොතක් වුනත් ලියන්න පුලුවන් තරමට...
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    අඩෝ මාර දුක් දවසක්. මමත් ඔයිට විනාඩි 10 පස්සේ ගාල්ලේ.. ගන්න දෙයක් නැ. කෙලින්ම වැවක් වගේ මුළු ගාල්ලම. ඔය කිව්වා සින් ඔක්කොම මම දැක්ක. හැබැයි වතුරට අහු උනේ නැ. ඔය පොලේ එක කඩයක් වත් ඉතුරු උනේ නැ. පොළ පිටිපස්සේ තිබ්බ පොඩි මුඩුක්කුවක්, ඒ පවුල් වල ඔක්කොම වගේ මැරිලා තිබ්බ.

    උඹ කොහෙද ගාල්ලේ?
    වදුරබ මචන්... මාපලගම පාරේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,220
    113
    ප*යාගල
    sorry.com
    උඹ සුනාමි එන කාලේ මොන්ටිසෝරි යනවද?
    මම 5 වසරෙ. එදා තාත්තා වැඩට ගිහින් ගිටියෙ ගාල්ලෙ කොටුව ඇතුලෙ SLT එකේ. එයා නම් කොහොමහරි ගාල්ලෙන් ඇතුලට වැඩකට ගිහින් ඉදල තියෙන්නෙ. ඊටපස්සෙ රැ වෙලා ගෙදර ආවා. අපෙ ගෙදර කවුරුත් න ගියෙ නැ හැබැයි පවුලෙ සෙට් එකක් ගියා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැලිගම හිටිය නෑ කෙනෙක් දරුවන්ට උගන්නන්න පවුල පිටින්ම ඇවිත් ගාල්ලේ නැවතිල හිටිය.
    ඒ අයට හොඳටම ඉගෙනගන්න ළමයි දෙන්නෙක් හිටිය.
    පවුල පිටින්ම අතුරුදන්. 😔😐