
එදා සිල් ගන්න යන්න හිටියෙ, පෙර පිනකට අම්මයි තාත්තයි එදා විතරක් වැඩි ඕන කමක් කරේ නෑ එක්කගෙ යන්න.. වෙනදටනම් බලෙන්ම අපි තුන්දෙනා එක්කගෙන යනව සිල් සමාදම් කරවන්න..ඒ මිනිස්සු දෙන්නට පින් සිද්ද වෙන්න අදටත් අපි ජීවත් වෙනව.. එදා සිල් ගන්න ගියපු වයසක මිනිස්සුයි/දහම්පාසලේ යාලුවොයි හැත්තෑ ගානක් මැරුන, පන්සල එහා පැත්තෙ මුහුද....
පාරට වතුර දාන වෙලේ බබෙක් හම්බෙන්න හදීසි hospital යන ගමන් තිබ්බ වෑන් එකක් නවත්තන්න ගමේ මිනිස්සු පාරට පැනල වාහනේ නවත්තන්න හැදුව.. ඩ්රයිවර්ට control කරගන්න බැරුව ගිහින් තාප්පෙක වැදුන බන් බලාගෙන ඉන්දෙද්දිම, ඒ අම්ම බඩේ දරුවත් එක්කම එතනම නැතිවුනා...
අත පය කැපිච්ච මිනිස්සු ලේ බේරි බේරි පාරදිගේ උස්සන් දිවුවෙ පන්සල් වලට... පාර දෙපැත්තෙ වතුර පෙවිල මැරුන අයගෙ බොඩීස් ගාලු පාර දිගට තියල තිබ්බෙ. වතූර පෙවිල නිසා බඩවල් මහත් වෙලා, කලු වෙලා, ඉදිමිලා.. පලාතම තනි සොහොනක් ඉතින්...
සති ගානක් යනකම් ගාලු පාර දිගේ යන්න බෑ තනි කුනු ගදයි පලාතම.. රෑට එහෙම ගිනි කලුවරයි.. පලාතෙම ලයිට් නෑ.. කෑම පැකට් එහෙම හම්බුනා ටික දවසකින්..
කියන්නනම් දේවල් තියෙනව පොතක් වුනත් ලියන්න පුලුවන් තරමට...