<< සුපිරි කවි ට්කක් >>

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කවි මඩුවකි රස පදවැල් දෝරෙ.....ගැලූ
    කවියන් විය අරුතින් දෙනයන......සැනහූ
    අනග ලදුන් මුදුවදනින් කණ ......තෙපලූ
    පසුව මෙතැන පැණිහැලියක් විය.......යාලූ
    :P:P:P:P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිළිගමි මාළිංග රස බර.............කවියේකී
    පැමිණි විගස එවුවේ..............යෝකරයකී
    හැමදා වඩිනු කවියනි එය..............දිරියකී
    කියමු කවි හෙටත් දිනයක් ඇතේ........සකී

    කවිමඩුවට පිළිගත්තට තුති පුදලා
    කියමි තවත් මේ ලෙස පද වැල් ගොතලා
    හැකි සැම විටම එන්නට හැකි බව සිතලා
    ජයවේවා සැමටම කියනෙමි හද පතුළේ ඉඳලා
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    කවි මඩුවකි රස පදවැල් දෝරෙ.....ගැලූ
    කවියන් විය අරුතින් දෙනයන......සැනහූ
    අනග ලදුන් මුදුවදනින් කණ ......තෙපලූ
    පසුව මෙතැන පැණිහැලියක් විය.......යාලූ
    :P:P:P:P:P:P


    පෙර රජ දවස පිට කවියෝ කකා බිබී
    හැලුවේ පැණිනෙ ඒක තමා උන්ගෙ hobby
    මැරැණත් ගිලී කම් නෑ හිටියනෙ කා බී
    පැණි මිස බොයිද කරවිල හොදි කිවි කූඹී
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    sriboysl ව ඉතා අගය කරන අතර.
    මෙහි කවි ලියා ඇති සමහරක් එළිසමය , එළිවැට හා යවහන් නීති නොදන්නා අයටයි මේ කවිය

    සද්දෙට පෙර හෙමින් බෙර හැඬවිය යුතුය
    යුද්දෙට පෙර කඩුව මුවහත් කල යුතුය
    විද්දට මොට හීය පල නැත දත යුතුය
    මැද්දට පැන්න උගේ හොම්ම්බට දිය යුතුය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sriboysl ව ඉතා අගය කරන අතර.
    මෙහි කවි ලියා ඇති සමහරක් එළිසමය , එළිවැට හා යවහන් නීති නොදන්නා අයටයි මේ කවිය

    සද්දෙට පෙර හෙමින් බෙර හැඬවිය යුතුය
    යුද්දෙට පෙර කඩුව මුවහත් කල යුතුය
    විද්දට මොට හීය පල නැත දත යුතුය
    මැද්දට පැන්න උගේ හොම්ම්බට දිය යුතුය

    අපි කවිකියන්නේ ඒන්ජල් මෙලෝ දෙයක්.........දන්නැතිවයි
    යුතුකම කියන්නේ ඔබලගෙ සදොස නිදොස්..........කරලීමයි
    මෙහිඅප රැදෙන්නේ කවියට දැඩි වූ ආසාව................නිසයි
    ඔබ හෙට වඩීනේ යනු මගෙ හද පතුලේ ඇති..........පැතුමයි!
     
    Last edited:

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    තෝසේ මසලවඩ රොටි උණුවෙන් සාදා........
    තල් පොල් කිතුල් රා උරමින් මල් සේනා...........
    වළියක් පතනෙමින් මෙල්බන් පොල් මූණා.........
    අවේ කවක් ගෙන Happening සිකුරාදා..........


    :lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වැහි ලියගේ කදුලු වැටෙන හිමිදිරියේ
    සීතල සුලගක් වත මා සිපගතියේ
    පියමන් කලා උදයෙන් මා එලකිරියේ
    කවියනේ ගේ නවාතැනින් නැවතීයේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    sriboysl ව ඉතා අගය කරන අතර.
    මෙහි කවි ලියා ඇති සමහරක් එළිසමය , එළිවැට හා යවහන් නීති නොදන්නා අයටයි මේ කවිය

    සද්දෙට පෙර හෙමින් බෙර හැඬවිය යුතුය
    යුද්දෙට පෙර කඩුව මුවහත් කල යුතුය
    විද්දට මොට හීය පල නැත දත යුතුය
    මැද්දට පැන්න උගේ හොම්ම්බට දිය යුතුය
    සද්දෙට පෙර බෙර හෙමීට හඩවනමුත්
    බෙරය පදම් කිරීම එය හට අසමත්
    සද්දේ නොදා බෙරයේ රස වූ පදමත්
    සෙවීම කල හෑකි වෙවිද ඔබට වුවත්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    sriboysl ව ඉතා අගය කරන අතර.
    මෙහි කවි ලියා ඇති සමහරක් එළිසමය , එළිවැට හා යවහන් නීති නොදන්නා අයටයි මේ කවිය

    සද්දෙට පෙර හෙමින් බෙර හැඬවිය යුතුය
    යුද්දෙට පෙර කඩුව මුවහත් කල යුතුය
    විද්දට මොට හීය පල නැත දත යුතුය
    මැද්දට පැන්න උගේ හොම්ම්බට දිය යුතුය
    කවි ගෙතුමේ අපි තාමත් ලදරුවෝ වන්
    ඔබතුමීලා වන් ඈයන් ගුරු උතුමන්
    කියාදීම යුතු නොවේද වැරදීමන්
    පිලිගමි හිස් මුදුනින් ඒ හරි ඔවදන්
    :nerd:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඊයෙ රැයේ සිදු වූ ඒ සිදුවීමන්
    පටිගත වෙලා මගෙ හදවතෙ පතුල් තෙරෙන්
    රිප්ලේ එක මම දුටුවා අද හීනෙන්
    සෙව් වෙලා ඇත කිසිදින නොමැකෙන මෙන්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන්න බොලේ මුන් තව්සන් ෆයිව් ගහලා
    නිදි නැති රැයේ පෙම් කෙළලා කවි කියලා
    තව ටික දවසකින් මුන් ටික නිදි ....මරලා
    දෙදහා ගහන්නේ පැන්තව උඩ .....ඇරලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න බොලේ මුන් තව්සන් ෆයිව් ගහලා
    නිදි නැති රැයේ පෙම් කෙළලා කවි කියලා
    තව ටික දවසකින් මුන් ටික නිදි ....මරලා
    දෙදහා ගහන්නේ පැන්තව උඩ .....ඇරලා

    එස්.එල්. බෝයි කවියෝ..... ඇඩ්වයිසක් දීපියෝ.....


    එස්.එල්. කවියයි..............
    මඩුවේ ලොකුම ගුත්තිලයයි.............
    නොදත් දේ එමටයි..........
    පැමිණියේ ඔවදන් ලැබුමටයි........

    යවහත් නීති යැයි.......
    අයියේ සැවොම පවසයි.......
    මලහත් ඉලව්වයි......
    පැහැදිලි නොකර උන් යයි.........

    යටහත් පහත් ලෙස........
    දෑත් එක් කොට මේ ලෙස........
    අපට තේරෙන ලෙස......
    කියනවද ඒ වචනෙ අදහස........
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    එස්.එල්. බෝයි කවියෝ..... ඇඩ්වයිසක් දීපියෝ.....


    එස්.එල්. කවියයි..............
    මඩුවේ ලොකුම ගුත්තිලයයි.............
    නොදත් දේ එමටයි..........
    පැමිණියේ ඔවදන් ලැබුමටයි........

    යවහත් නීති යැයි.......
    අයියේ සැවොම පවසයි.......
    මලහත් ඉලව්වයි......
    පැහැදිලි නොකර උන් යයි.........

    යටහත් පහත් ලෙස........
    දෑත් එක් කොට මේ ලෙස........
    අපට තේරෙන ලෙස......
    කියනවද ඒ වචනෙ අදහස........
    යයනු වයනු හයනු අල්..............නයනු
    මේ සිව් අකුරු අගට යෙදෙන විට දැන ගනු
    අග අකුරට පෙර අකුරද සම .........කරනු
    පහලින් ලියා ඇති නිදසුන ........ .බලනු

    .....................යන්නේ
    ......................ගිලුනේ
    ....................බැණ්නේ
    ..................... හැදුනේ

    ...................කියාන්
    ...................කපාන්
    ...................කවාන්
    ...................බලාන්

    සමහර විටදි මගෙ කවියෙද රීතී ..නැත
    මහලොකු දෙයක් මමවත් දන්නේද නැත
    හැම විට රකින්නට රීතිය යොදා ...තැත
    උත්සහ ගන්න බැරිනම් කමකුත්ද .නැත

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සැමියෝ හැදෙන්නේ ***ය .කඩලාය
    රෝමියෝ දුවන්නේ ජුලියට් හොයලාය
    නැවියෝ පදින්නේ වතුරට ....දමලාය
    කවියෝ හැදෙන්නේ රීතිය ...කඩලාය

    ***ය = ඔසරිය


     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යයනු වයනු හයනු අල්..............නයනු
    මේ සිව් අකුරු අගට යෙදෙන විට දැන ගනු
    අග අකුරට පෙර අකුරද සම .........කරනු
    පහලින් ලියා ඇති නිදසුන ........ .බලනු

    .....................යන්නේ
    ......................ගිලුනේ
    ....................බැණ්නේ
    ..................... හැදුනේ

    ...................කියාන්
    ...................කපාන්
    ...................කවාන්
    ...................බලාන්

    සමහර විටදි මගෙ කවියෙද රීතී ..නැත
    මහලොකු දෙයක් මමවත් දන්නේද නැත
    හැම විට රකින්නට රීතිය යොදා ...තැත
    උත්සහ ගන්න බැරිනම් කමකුත්ද .නැත

    හරි හරි ගොඩ තමයි මට එය.........වැටහිණිය
    ඔබ වැනි ගුරෙක් කවි මඩුවට.........නිල්මිණීය
    ඔන්න කියපු ලෙස මම පද.............ඇමිණීය
    සත්තයි මෙමට ඔබ, වාගේ............සිළුමිණිය
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ඉසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින........
    සළු පිළි ලෙළෙන රණ තිසරුන් මන බැඳෙන.............
    හැඩ වැඩ ගමන නැළවෙන පුළුකුළ සොබන..........
    යතිවර නුවන පැණි හැලුවේ මේ ලෙසින.........
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හරි හරි ගොඩ තමයි මට එය.........වැටහිණිය
    ඔබ වැනි ගුරෙක් කවි මඩුවට.........නිල්මිණීය
    ඔන්න කියපු ලෙස මම පද.............ඇමිණීය
    සත්තයි මෙමට ඔබ, වාගේ............සිළුමිණිය

    අප්පච්චීගෙනුයි හරියට මේය අහ.. ගත්තේ
    විදුහල්පති කෙනෙකි ඔහු කදුරට ..පැත්තේ
    හෙලදිව පත්තරේටත් කවි ලියලා .ඇත්තේ
    දැන්නම් ඔහුට ලියනට කාලය ...නැත්තේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එස් එල් සහෝදරයා කිවු ඒ විලසින්
    මුල් කවියයි මා පබදින්නේ මෙලෙසින්
    කවි මඩුව නම් වූ මේ දැනුමේ පලසින්
    වෑහෙනවා අමරස කාගෙත් මනසින්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අප්පච්චීගෙනුයි හරියට මේය අහ.. ගත්තේ
    විදුහල්පති කෙනෙකි ඔහු කදුරට ..පැත්තේ
    හෙලදිව පත්තරේටත් කවි ලියලා .ඇත්තේ
    දැන්නම් ඔහුට ලියනට කාලය ...නැත්තේ
    පිය උරුමයයි ඔබ ඔය ගෙනවිත් ඇත්තේ
    එය රැකගැනීමයි ඔබ සිදු කල යුත්තේ
    කවි මඩුවත් පිටුවහලක් වෙනු ඇත්තේ
    නිරන්තරෙන් ඔබ රැදෙන්න මේ පැත්තේ