ඔබේ බැනුමත් මා හට කන් කලුවේය
අතපය වෙව්ලිල්ල වයසේ වැරුද්දය....
නින්ද නොයාමත් තව එහි විපාකය....
සැමදා ගමන්යන මහ මග මගෙ බසය...
තිබුනොත් නෑවිදින් ඉන්නේ නම් නැතිය..![]()
රූපේ දකින විට ඇස් අඩවන් වේය
වයසට නැති මුත් අත පය ගල් වේය
කුමක් නමුත් ලොකුම දෙයක් සිදු වේය
ඔබේ බැනුමත් මා හට කන් කලුවේය
අතපය වෙව්ලිල්ල වයසේ වැරුද්දය....
නින්ද නොයාමත් තව එහි විපාකය....
සැමදා ගමන්යන මහ මග මගෙ බසය...
තිබුනොත් නෑවිදින් ඉන්නේ නම් නැතිය..![]()
ඔබ කියනවානම් මන් මරු වෙත යන්නම්
ඔබේ කීමක් අනක් ලෙසට පිලිගන්නම්
ඔබ සැමදා අපෙ මඩුවට වඩිනවනම්
ශ්‍රී දෙවිය ලෙස ඔබ හට සලකන්නම්




පෝයට පායන පුන්සද රෑ අහසේ
මධුරි ඩික්සි..ශ්‍රී දේවිය මහලු වෙලා...
මාත් එලෙස පෙනේද? දැන් 60 පැනලා...
මගෙ අණසක පිලිගන්නට සැරසීලා..
සිය දිවි නසා ගනීවිදෝ මේ කොල්ලා..![]()
කවි කම ඔබේ දින දින තව වැඩි වේවා!
රුව හිත දෙකම ඔබගේ ලස්සන වේවා!
බාධක කම්කටළු දිවියේ අඩු වේවා!
කවි මඩුවට නිතරම පා එස වේවා!




ඔබේ බැනුමත් මා හට කන් කලුවේය
රූපේ දකින විට ඇස් අඩවන් වේය
වයසට නැති මුත් අත පය ගල් වේය
කුමක් නමුත් ලොකුම දෙයක් සිදු වේය




තරු කැටයක් අද ඇත මෙහි කවි ගොතමින්
සියලු පැතුම් ඉස්මුදුනින් පිලිගත්තා....- සිත සන්තොසින් මිතුරට ආචාර කලා...
පැන්තගෙ කවි මුඩුව මා සිත අරගත්තා..- ඉඩක් ලැබෙන විටකදි එමි මම පෙරලා...![]()
ඔබ ආ තැන මම හොද හැටියට දනිමි
අගර දගර කතා ගොතා කීවාට....
පෙට්ශව නම් බැරිවේලුය අන්දන්ට....
විපරියාස කොතෙකුත් තව සිදුවන්ට....
මා පිටසක්වලින් නොම ආ බව දැනගන්ට....![]()
කවි මඩුවයි මා ජීවයේ සෙවනැල්ල
කවියෝ ටිකයි මේ නූලේ රන් වැල්ල
පෙට්ෂා වේ සුවද හමන ලා දල්ල
ආව එකත් මට වටිනවා මේ කෙල්ල




කීමට ඇතත් බොහො දෙවල් හද පතුලේ
රෑ බෝවුනා මිතුරේ මට යන්ට වෙලා....
සුභ රැයකට පැතුමක් මං එකතුකලා....
යලිත් දිනක සිව්පද තව විසිකරලා...
කියමුකෝ ඉතිං වලියෙන් පිරි තව බයිලා.....![]()


උපමා ගොතා ළලනාවන් ගුණ වැයුම
පෙරදා පටන් කවියන් කළ දෙය අරුම
මායම් කොතෙක් පෑවත් මේ හැටි පුදුම
තාමත් ලොවේ නිසි තැන නෑ ළඳකට උරුම
කට්ටියනම් බොහෝ දුර ගිහින් ඇති වගනම් පෙනේ
සමහරුන් කෙල්ලොන්වත් දාගෙන ඇතී බවත් පෙනේ
හා හා එල එල නියමෙට යනවනම් මමත් ඇතේ
මෙහම කියලම ආව මම පෙරම ලෙසේ
හුග කාලෙකින් කවි නොකිව්වා නිසා
වෙනවා හැදෙන්නට අලුතින්ම මෙමා
වචන වෙනද ලෙස එන්නේ නැති ගලා
කරුමෙද මන්ද මම පුරුවේ කරපු කියා
කැමති මතක් කිරීමට පැන්තර් අයියා
ශ්‍රී බෝයි අමතක කර කොහොමද මන්ද
සස්ලිට්ටනම් උපරිම කවි බල යොදලා
අව්රෝරා දීල කවි සී පද අම්බරාලා
උපමා ගොතා ළලනාවන් ගුණ වැයුම
පෙරදා පටන් කවියන් කළ දෙය අරුම
මායම් කොතෙක් පෑවත් මේ හැටි පුදුම
තාමත් ලොවේ නිසි තැන නෑ ළඳකට උරුම
යන්නට ගියත් ගෙම්බා මල්ලිය ආවා
මේ කවි මඩුව ගැන වර්ණන ගෙන ආවා
මුල පිටු එකින් එක බැලුවෝතින් කියවා
උඹලයි මලේ කුසලානයෙ හිමිකරුවා