<< සුපිරි කවි ට්කක් >>

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැනයකි මෙමට පෙට්ෂෝ එය........අසන්නද
    මාලිංගයා ඇත්තට ඔබගේ..............කවුද
    ඊයෙ දෙදෙන එකවිට ආවා.........නොවෙද
    අද ආවේ දෙදෙන කතාවී...............වත්ද



    මම පැණියෙකී දුටු විට කෙල්ලන් ඉන්නා
    තැන් සොය සොයා මම හනිකට පියඹන්නා
    කතා කරලවත් නැති මේ පෙට්ෂා ගැන දන්නා
    කෙනෙක් නොවේ මේ පැණියානම් ඔන්නා :rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙට්ෂගෙ මුහුණ දුටු විට මට දුකත් හිතේ
    කාල තියෙන හැටි හොඳට ම පසක් වෙතේ
    ගහෙන් වැටුණ මිනිසට ගොනු අනියි කතේ
    මාත් ඇවිත් ඒ ගොනුන්ට උදව් වෙතේ :lol:

    මාලි පූවෝ.. කනවද බත් දත් නැතුව....:frown:
    හිස ගිනි ගත් වෙලේ හොද නැහැ සුරුට්ටුව...:no:
    ගොනුන් නිසා නොදෙන්න බෑ සමාව...:D
    තේරුම් ගිය එකත් වටිනවා එය නොපමාව...
    :P
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo

    අනේ දෙවියනේ මට වුණු වියෝයා......:(
    පැන්තා මෙතන ඩෙගා නටා ගියෝයා...:dull:
    කිසිත් නොදැන සිටි මා මෙහි ආවෝයා...:eek:
    සස්ලිටත් ඇවිත් මට දොස් කියෝයා...
    :sorry:

    ගනන් ගන්න එපා ඕව මේ .....නංගී
    තනි මල නිසා පෙරයි කට්ටිය ...සෙට්වී
    අඳුර ගත්තමුත් අද මේ කවි .....කට්ටී
    වේලි වේලි හිට ඇත කට්ටිය... ෆ්ලැට් වී
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම පැණියෙකී දුටු විට කෙල්ලන් ඉන්නා
    තැන් සොය සොයා මම හනිකට පියඹන්නා
    කතා කරලවත් නැති මේ පෙට්ෂා ගැන දන්නා
    කෙනෙක් නොවේ මේ පැණියානම් ඔන්නා :rofl:

    අනේ කොල්ලො මටනම් හොද හැටි........මඥ්ඥං
    මොලේ විකල් වෙනවා හිතුවම............මෙයනං
    ගැට පද විවරණේ ලග හෙම..............තිබුනානං
    අම්මාපල්ල ගලවන් පිටු කනවා.................මං
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    අවමන් කලේ නැත නුඹ නාඩන් නංගී
    පූසී කිව්වෙ ආදරයටමයි නංගී
    පැන්තා සනසන්ඩ බැරි වුනි අපහට නංගී
    ළය පැලෙන්ඩ පෙර යනු ඌ වෙත නංගී

    රෝස පැන්තා ලය පලාන කුමක් කරන්...?:oo:
    සනසවන්න බැරි වූයේ කිමද බොලන්...:angry:
    මා නැතිවෙලේ කලාට මා හට අවමන්...:sorry:
    තරහක් නැතේ මිතුරේ මා පිස්සු හුටන්....
    :D
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    කවියට උරුම රීතින් රකිනවා තියා
    බසෙහී පෝෂනය අප හට නැහැනෙ මෙයා
    ඒ ගැන වද නොවී සිතුවිලි ගැලපු නියා
    කවියක් බිහිවේය ඔබගෙන් අරුත තියා

    මාලින්ග සහො ඔබෙ අදහස හරිම තමා
    සිතිවිලි දෑනේ දෑන්නම් කිවිදියක් මෙමා
    නගන්නට සිතෙයි තව තව කවි බොමා
    වෙලවක් තියෙවිද කියලා සෑකයි මෙයා
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy

    මාලි පූවෝ.. කනවද බත් දත් නැතුව....:frown:
    හිස ගිනි ගත් වෙලේ හොද නැහැ සුරුට්ටුව...:no:
    ගොනුන් නිසා නොදෙන්න බෑ සමාව...:D
    තේරුම් ගිය එකත් වටිනවා එය නොපමාව...
    :P

    ෂෙට්ෂගෙ ඔලුව ගිනි අරංලු ඒ අස්සේ
    ඒක හොදයි බැහැලා යන්ඩ ගෑනු විසේ
    පැන්ත එහෙම දන්නවනම් මේ වාසේ
    දුවගෙන යයි ගිනි නිවන්ඩ ** දා සේ


    ( විහිලුවට හො‍‍ඳේ :) )
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    රෝස පැන්තා ලය පලාන කුමක් කරන්...?:oo:
    සනසවන්න බැරි වූයේ කිමද බොලන්...:angry:
    මා නැතිවෙලේ කලාට මා හට අවමන්...:sorry:
    තරහක් නැතේ මිතුරේ මා පිස්සු හුටන්....
    :D

    දිව්‍ය ලෝකෙ අමරස අප ගෙන..................ආවත්
    ඌ ගත්තේ නැහ නොවැ එය...............ලගකටවත්
    විටකදි ඔබේ ගුණ වැයුවා අනේ.................මමත්
    බැනලත් බැලුව හරිගියෙ නැහැ මොනව........කලත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පෙට්ෂගෙ මූන මොකදෝ....
    එය වෙනස් වෙලාදෝ....
    උඹ සක්කරයදෝ.....
    කියපන්කො දැක්කේ කෙලෙසදෝ..........

    එළකිරි සිනාවල් දැක එය ගැන සිතලා
    කියුවේ මගේ වාසියට ම පද යොදලා
    ඔබ සිත ඉපැදි ඒ සැක ගැන හිතලා
    කියනෙමි ඒ මුහුණ අපිනම් නෑ දැකලා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පැනයකි මෙමට පෙට්ෂෝ එය........අසන්නද
    මාලිංගයා ඇත්තට ඔබගේ..............කවුද
    ඊයෙ දෙදෙන එකවිට ආවා.........නොවෙද
    අද ආවේ දෙදෙන කතාවී...............වත්ද

    බැරක් ඔබා මා ලෙස හරි බරි වී යසට....:rofl:
    නැගුවා පැනය උභකෝකෝටික ලෙසට...:baffled:
    මාලි සොයුරු මිස, අන් කවරෙකුද මට...:yes:
    සස්ලි දැන් හරිද පිලිතුරු පුරස්නෙට....
    :rolleyes:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මම පැණියෙකී දුටු විට කෙල්ලන් ඉන්නා
    තැන් සොය සොයා මම හනිකට පියඹන්නා
    කතා කරලවත් නැති මේ පෙට්ෂා ගැන දන්නා
    කෙනෙක් නොවේ මේ පැණියානම් ඔන්නා :rofl:

    උඹ ගැන පුතෝ මම හොඳ හැටි..... දන්නේ
    පරණම පොරකි එළකිරියේ........... ඉන්නේ
    පැනිකම මුගේ කට මුල්ලෙන්..........බේරෙන්නේ
    කෙල්ලන් කොහෙද මේකා ඉව....... අල්ලන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මාලි පූවෝ.. කනවද බත් දත් නැතුව....:frown:
    හිස ගිනි ගත් වෙලේ හොද නැහැ සුරුට්ටුව...:no:
    ගොනුන් නිසා නොදෙන්න බෑ සමාව...:D
    තේරුම් ගිය එකත් වටිනවා එය නොපමාව...
    :P

    තේජස් රැජින උතුමියකී පෙර උන්න
    පාන් නොමැති දා කේක් කන්නට දුන්න
    ඇය මඟ යමින් මා කයි චොකලට් ඔන්න
    පෙට්ෂා කෙල ගිලීදැයි සැකයක් ආවා මෙන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි සිනාවල් දැක එය ගැන සිතලා
    කියුවේ මගේ වාසියට ම පද යොදලා
    ඔබ සිත ඉපැදි ඒ සැක ගැන හිතලා
    කියනෙමි ඒ මුහුණ අපිනම් නෑ දැකලා

    ඔය මූනවල් ගැන කතාව අපිට..........මොටෝ
    හදවත වටී වැඩියෙන් ලොකු වලට.......කැටෝ
    දාල උඩපැනං මා හට එකක්..............ෆිටෝ
    වරෙන් යන්න වල බහින්න නැගල.......ඔටෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    බැරක් ඔබා මා ලෙස හරි බරි වී යසට....:rofl:
    නැගුවා පැනය උභකෝකෝටික ලෙසට...:baffled:
    මාලි සොයුරු මිස, අන් කවරෙකුද මට...:yes:
    සස්ලි දැන් හරිද පිලිතුරු පුරස්නෙට....
    :rolleyes:

    ඔබ මෙහි මුලින් ආදා..........
    ඌත් ආවනෙ වගේ ආඳා...........
    මොකවුවත් නැත බාධා........
    නිකමටය මා ඇසුවෙ පාදා......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනේ කොල්ලො මටනම් හොද හැටි........මඥ්ඥං
    මොලේ විකල් වෙනවා හිතුවම............මෙයනං
    ගැට පද විවරණේ ලග හෙම..............තිබුනානං
    අම්මාපල්ල ගලවන් පිටු කනවා.................මං

    මිනිස් සිතක ඔය සිතුවිලි හටගන්නා
    අරුමය නොවේ සැක සිතුවිලි උපදින්නා
    පුදුමය අපිට එය හරි හැටි නොවැටෙන්නා
    තම සිත වුණත් අප ඒ ගැන නොම දන්නා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තේජස් රැජින උතුමියකී පෙර උන්න
    පාන් නොමැති දා කේක් කන්නට දුන්න
    ඇය මඟ යමින් මා කයි චොකලට් ඔන්න
    පෙට්ෂා කෙල ගිලීදැයි සැකයක් ආවා මෙන්න

    අන්න එකෙක් බොට පැණීයා..............කියනවා
    ඇදපන් ගේම නැත්නම් තොගෙ කට........කණවා
    බයවෙන්නෙපා මම උබෙ සහයට.............එනවා
    කළුවරනම් පහනත් මම..................අල්ලනවා
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දෑක්කම මෙහි ඈති පද .............................පේලී
    සිතුනා ලියන්නට මටත් කවි ......................කෑලී
    මෑරෙන්නට දුන්නොත් මේවගෙ පද ............පේලී
    කපනව උබලගෙ තොන්ගල් ......................කෑලී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම නැති වෙලේ මුන් ඔක්කොම පෙම් කෙළියේ
    වැටිලා වගේ ඇඹලයො ටික පැණි ......හැලියේ
    කෙළිනා නමුත් මොළවන තෙක් ගිණි ..සැලියේ
    බැස්සොත් මෙමං තොපි දුවනවා මහ ...කැලයේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලින්ග සහො ඔබෙ අදහස හරිම තමා
    සිතිවිලි දෑනේ දෑන්නම් කිවිදියක් මෙමා
    නගන්නට සිතෙයි තව තව කවි බොමා
    වෙලවක් තියෙවිද කියලා සෑකයි මෙයා

    කාලය වේගයෙන් කොහොමත් දිව යන්නේ
    සිතුවිලි ඊට වැඩි ‍හයියෙන් උපදින්නේ
    ඔබ ලියු කවි අගෙයි අප ඒ අගයන්නේ
    කාලය පරදවා තව කවි ‍බිහිවන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මිනිස් සිතක ඔය සිතුවිලි හටගන්නා
    අරුමය නොවේ සැක සිතුවිලි උපදින්නා
    පුදුමය අපිට එය හරි හැටි නොවැටෙන්නා
    තම සිත වුණත් අප ඒ ගැන නොම දන්නා

    කොල්ලෙක් නම් කොන්දක් තිබිය...........යුතුයි
    ගැටළු වෙතොත් කෙලින්ම ඇසුවේ..........ඒකයි
    ඒවා මේ මඩුවෙ ගුරුන්ගෙ..............උපදේශයි
    දැන් පැහැදලිය ඔබ අපගේ..............සහෝදරයි