<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
චා එස්එල් කොල්ලෝ කොහොමදෑ.....ඉතිං
මාතර ගිහින් ආවේ කීයටද............බොලං
කොහෙදෑ පිරිත තිබු ඒ ගම මටත්.......කියං
මමත් බුවෙකි බං බෙන්තර එහා.......ගගෙං
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑවට බත් කටක් එය දිරවනෙ..........නැත
    doenets බලාගත්වනමයි මුන්ගෙ.....නෙත
    ඉන්නෙත් නිකන් වැදිලා වගෙ හතේ.....හත
    නොමරා මරල දෙන ප්‍රතිපල වැඩක්.....නැත

    ලොව සැම තුටින් සමරණ නත්තල අදය....
    ලංකාවටත් අද නත්තල විසිතුරුය...
    ප්‍රතිථල නැතුව මගෙ යාලුවො වේලේය....
    හැබැයි ... එස්බී, අනුර මිනිස්ට්‍රියෙදි බීලාය....

    :baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලොව සැම තුටින් සමරණ නත්තල අදය....
    ලංකාවටත් අද නත්තල විසිතුරුය...
    ප්‍රතිථල නැතුව මගෙ යාලුවො වේලේය....
    හැබැයි ... එස්බී, අනුර මිනිස්ට්‍රියෙදි බීලාය....

    :baffled:

    අහන්න හිතවත.........
    රිසල්ට් දමා ඇත..........
    යන්න doenets වෙත.........
    බලා ප්‍රතිඵල එන්න නැවත........
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    චා එස්එල් කොල්ලෝ කොහොමදෑ.....ඉතිං
    මාතර ගිහින් ආවේ කීයටද............බොලං
    කොහෙදෑ පිරිත තිබු ඒ ගම මටත්.......කියං
    මමත් බුවෙකි බං බෙන්තර එහා.......ගගෙං

    තවමත් මාතරයි අද ඉඳලයි යන්නේ
    පිරිතත් අහවරයි දානය අද දුන්නේ
    අපේ කොල්ල පාස් හෙට අපි එය සමරන්නේ
    දැන් ෆොන් වදිනවා නැහැ ඉන්නට දෙන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තවමත් මාතරයි අද ඉඳලයි යන්නේ
    පිරිතත් අහවරයි දානය අද දුන්නේ
    අපේ කොල්ල පාස් හෙට අපි එය සමරන්නේ
    දැන් ෆොන් වදිනවා නැහැ ඉන්නට දෙන්නේ

    කොහෙදෑ ඔය ගම.....
    අපිත් මාතර ලගම....
    හෙට උදයෙන්ම....
    මමත් ඇත දොර ලගම...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දහවල සැඟව අදුරෙහි බලතල ................දරන
    කැනහිල් වවුල් වග වලසුන් මෙහි ............සරන
    බව දැන පෙට්ශා සිහිවී මෙහි තතු ............පරණ
    අද නැත ඇවිත් සරසන්නට කවි ..............අරණ

    වේයැයි ඔබව පාවාගන්නට ..................සරණ
    බියවී නොඒ සරසන්නට කවි ..............දෙරණ
    නාඩන් සොයුර ආලය නොම වෙයි ..........පරණ
    ඇය හෙට ඒවි අරගෙන අරුණලු ............කිරණ
    වග වලසුන් නොව ආවත් මෙහි යමයා
    රැකගමි ඈව කෙලෙසින් හෝ මේ ලමයා
    ඊයේ දවස තිබු ඒ තනිකම නිමයා
    අද එයි යන හද පැතුමන් බොහෝමයා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    හිටපු අන්තිමඑකා......
    නොකියම ගිහිල්ලා......
    මටත් දැන් මලයකා....
    බලනවා මම වැලා......

    ෆොන් එකයි මොඩම් එකයි දෙකම එකයි
    කෝල් එකක් එනකොට නෙට් යන්නට යයි
    කෝල් ආව එක දෙගටම මල කෙලියයි
    ටටා බායි නොකියම මට යන්නට වෙයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපේ එකා A C C ගහල ඇත
    පේරාදෙණියේ සෙට් වේ යයි සිතිය හැක
    ෆිසික්ස් වලට C මිනිහට සැටිස් නැත
    රෑන්ක් ඒකෙන් නම් දෙසීය අතර ඇත
    ඔබ මල්ලිගේ ප්‍රතිඵලයට සුභ පැතුමන්
    පැන්තර් දෙනවා මෙලෙසින් කවි පදයෙන්
    සරසවි මෑනිගේ තුරුලට පින් දෙවමින්
    ලොව බබලන ජගතෙක් වී අවුට් වෙයන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වසරේ අවසාන දින ටික නිසා.............මට
    වැඩනම් තිබේ මාගේ හිස..........වැහෙන්නට
    කෙතරම් තිබුනමුත් කවියනි විටින්.........විට
    සස්ලිට්ටත් එනවා කවි...............කියන්නට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එස්.එල්. අයිය කවි මඩුවේ..................ගුත්තිලයා
    කොහෙ ගියාද අදත් නෑනෙ මේ..............ගොයියා
    දැන් දැන් ටිකෙන් ටික කවියොත් යයි.......නොකියා
    අනේ මන්ද පව් අපෙ අර...................පැන්තරයා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොන මොන එකා මේ ත්‍රෙඩ් එක මග....ඇරියත්
    එස්.එල්. බෝයි නම් ඉදීවි..............හැමදාමත්
    එක කවියෙක් හරි මේ මඩුවේ...........සිටියොත්
    සප් එක දෙන්න එනවා මේ............සස්ලිට්ටත්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න පුතේ පැන්තරයා යලි ආවා
    නොකා නොබී හෝ ගේම අදිනවා
    සැසියෝ ඔබ හට ඊයේ මක් වූවා
    එක් සැනකින් ඔබ අතුරුදහන් වුවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න පුතේ පැන්තරයා යලි ආවා
    නොකා නොබී හෝ ගේම අදිනවා
    සැසියෝ ඔබ හට ඊයේ මක් වූවා
    එක් සැනකින් ඔබ අතුරුදහන් වුවා

    විදුලි බලේ ඇමතිතුමා............සිහිත්කරන්
    එතුමාගේ මව් පාර්ෂවෙ..........මතක්කරන්
    කවිපද කියන්නට පදවැල් අතින්........අරන්
    විදුලිය ආපු ගමන් මෙමා ආව..........ඇරන්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එස්.එල්. අයිය කවි මඩුවේ..................ගුත්තිලයා
    කොහෙ ගියාද අදත් නෑනෙ මේ..............ගොයියා
    දැන් දැන් ටිකෙන් ටික කවියොත් යයි.......නොකියා
    අනේ මන්ද පව් අපෙ අර...................පැන්තරයා
    ඉරිදට විතරයිනේ නිවාඩුවක් ....තියෙන්නේ
    ඒත් එදාටත් ඔන් කෝල් .........කරන්නේ
    වත්තෙ පිටියේ ගෙදර වැඩත් .....කරන්නේ
    පොඩි එකාගෙ සෙල්ලමටත් ....යොදන්නේ

    ඉරිදා පොලේ කඩ පිළටත් ........දුවන්නේ
    කෑම බීම රහට හදලා ............කවන්නේ
    ඒ දවසට කොහොමද මම මෙහි ....එන්නේ
    ආවෝතින් අපේ ගෑණි මාව ෂුවර් මරන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොන මොන එකා මේ ත්‍රෙඩ් එක මග....ඇරියත්
    එස්.එල්. බෝයි නම් ඉදීවි..............හැමදාමත්
    එක කවියෙක් හරි මේ මඩුවේ...........සිටියොත්
    සප් එක දෙන්න එනවා මේ............සස්ලිට්ටත්

    දෙසැම්බර් ....මාසය
    යකා සමග ...වාසය
    වැඩ අධික ...මාසය
    මට හරිම වෙහෙසය
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හැකි හැම දිනම මම කොල්ලෝ මෙහි. එනවා
    කවියක් දෙකක් හෝ කියලා පැන .....යනවා
    ලොග් වෙන හැම විටම මඩුවට ගොඩ වෙනවා
    මග හැර මේක කිසිදා හෝ බොරු ......යනවා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙසැම්බර් ....මාසය
    යකා සමග ...වාසය
    වැඩ අධික ...මාසය
    මට හරිම වෙහෙසය

    අයියා ඉන්න විට වීරයො වගේ............අපි
    නැති විට දඩාවතෙ යන බලුරෑන...........අපි
    අශ්වය මැරුණු කව් බෝයිස්ල වගේ.......අපි
    බුදු අයියේ බේර ගිනින් පව්නෙ............අපි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හැකි හැම දිනම මම කොල්ලෝ මෙහි එනවා
    කවියක් දෙකක් හෝ කියලා පැන ....යනවා
    ලොග් වෙන හැම කවි මඩුවට ගොඩ වෙනවා
    මග හැර මේක කිසිදා හෝ බොරු ....යනවා

    හිතේ ඇත්තෙ කවි කියන්න..........ආසාවයි
    එය ගොඩදැම්මෙ පැන්තරයගෙ මේ.....නූලයි
    නිතරම මමත් එන්නේ කවියක්.......දෙන්ටයි
    ඔබ නැතිවිටදි මුන් ඉන්නේ කැද........බීලයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද ඇත දවසම මාගේ ප්‍රබොධයෙන්
    ඇය මට එව්වා රිප්ලයි ක්ෂනකයෙන්
    හිත මාගේ දැන් ඇත හරි කුතුහලයෙන්
    කොයි මොහොතේ හෝ ඇය එයි කවියෙන්