ඔබ එනතුරු මම ඉන්නේ ඇගිලි ගැන
දැන් වත් කවි මඩුව දෙසට වඩිනු මැන
අර පූසා දැන් නෑ වගේ ගසනු ඇන
කවි ඉල්ලීමකි සලකා බලනු මැන
දැන් වත් කවි මඩුව දෙසට වඩිනු මැන
අර පූසා දැන් නෑ වගේ ගසනු ඇන
කවි ඉල්ලීමකි සලකා බලනු මැන
අයියා ඉන්න විට වීරයො වගේ............අපි
නැති විට දඩාවතෙ යන බලුරෑන...........අපි
අශ්වය මැරුණු කව් බෝයිස්ල වගේ.......අපි
බුදු අයියේ බේර ගිනින් පව්නෙ............අපි
බේර ගන්න මං ඇවිදින් මක් වෙලාද ..කොල්ලන්නේ
රෑට උඹලා කිවි කියන්නේ මං ඉදලද .....බොලන්නේ
දවල් වඩා රෑට තමයි උඹලගෙ සැර....... නගින්නේ
බොරු කියන්න එපා රෑට වීරයො ටික ..පෙනෙන්නේ
වෙනදා වගේ කවියන් දැන් එන්නෙ..........නැත
ආවත් මුගේ ලතෝනි හඩ නිමක්............නැත
දැන් පිටු ගොලුබෙල්ලවාගේ හෙමින්.........යත
බෙහෙතක් නොදුන්නොත් මඩුවට හතේ.....හත
කීවත් මා කටට ආව දේ මෙලෙසඅමාරුවෙන් හෝ මගෙ හිත ගල් කරමි
නැවත එවන් දේ මඩුවේ නොකරන්නෙමි
කලින් වගේ මම කවි මෙලෙසින් ලියන්නෙමි
මේ අයුරින් තරයේ මම පොරොන්දු වෙමි
අමාරුවෙන් හෝ මගෙ හිත ගල් කරමි
නැවත එවන් දේ මඩුවේ නොකරන්නෙමි
කලින් වගේ මම කවි මෙලෙසින් ලියන්නෙමි
මේ අයුරින් තරයේ මම පොරොන්දු වෙමි
ආලය කෙලෙස පැනි හට සම වන්නේඅනේ නිකන් හටපන් උඹ බොරු නොකියා
අයෙත් පටන් ගයි උඹගේ අඩ..... වැඩියා
හවසට කියයි සුර දූතිය දැන් .......වැඩියා
පැන්තර මමයි පැණි හැලියේ .......දිඹියා
කීවත් මා කටට ආව දේ මෙලෙස
ගල් කරලන්නේ මගේ සිත නම් කෙලෙස
ඈ මතකය සුවද හමයි මලක් ලෙස
ඒ සුවදින් මා මත් නොවනුයේ කෙලෙස
අOගොඩ සැපයි ඇය මට නොලැබෙන්නේ නම්උඹේ හිත ගල් උනොත් ගල් වලට නම ...කිම
කෙල්ලක් සුවද හැමුවොත් මල් වලට නම කිම
පැණි පෙර පෙරා ඉන්නා උඹෙ පරම .....පෙම
අත හැරියොතින් අංගොඩට යන කළ ......කිම
බඹරුන් ඇදෙන්නේ මල්වල ..සුවදටයආලය කෙලෙස පැනි හට සම වන්නේ
ගල් වුනු පසු එය උනු කලයුතු වන්නේ
මා ආලය මල් සුවදට සම වන්නේ
එය කාටත් සුවදක් මයි ලැබදෙන්නේ
බඹරු නොවේනම් මල් රොන් බී යන්නබඹරුන් ඇදෙන්නේ මල්වල ..සුවදටය
එනමුදු බොන්නෙ එහි ඇති පැණි කැටය
ආලය කියන්නේ අම්මපා ..බොරුවටය
ඉඹලා යන්න විතරද ඔය දහ ... .ගැටය
අOගොඩ සැපයි ඇය මට නොලැබෙන්නේ නම්
හිත මගේ ගල් වුනොත් ගල් වෙයි පුලුන් නම්
පැනි නොව ආලය වේ ලොව උතුම් නම්
කෙලෙස මෙසේ හිදිම්ද ඇය මගේ නම්
හීනෙන් ඇය මට පෙනෙන්න එනවානම්උඹලා වගේ පිස්සන් හොද අංගොඩට .....තමා
පුලුන් කියා කොට්ටෙට හොද බොට ගලක් තමා
ආලය උතුම් නොව උඹ උමතුවෙන් ......තමා
ඇය හිමිවන්නේ දහවල් හීනෙකින් .......තමා
බඹරු නොවේනම් මල් රොන් බී යන්න
ඒ මල් පරපුරේ ඉදිරිය කොයි වැන්න
බඹරු වෙතින් මල වේ බීජය වෙන්න
නොදනිද මෙය, හැක එය මට පහදන්න