<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කිඹුලෙක් වූවත් ඔබ හොඳ හිත ඇති මිතුය
    හොයන්නේම අන් කවියන්ගේ ගතුය
    මේ මොහොතේ ඔබහට කියනෙමි තතුය
    පෙටියා මගෙයි උඹ බලපන් අන් වතුය


    :love::love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෙක් වූවත් ඔබ හොඳ හිත ඇති මිතුය
    හොයන්නේම අන් කවියන්ගේ ගතුය
    මේ මොහොතේ ඔබහට කියනෙමි තතුය
    පෙටියා මගෙයි උඹ බලපන් අන් වතුය


    :love::love::love:
    මම මල් නෙලන විට පෙටියා සමග .........ගිහින්
    නුඹ මග ඉදින් හුල්ලං අපෙ පෙමට..........ඉතින්
    පාළු මෙ ගෙයි පෙරලන්නේ නැතුව ........වලන්
    ඇගෙ පෙම දිනන්නට තරගෙට ඇදී........වරෙන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ජැකී මල්ලි වේ අපි අප් කරන පොර
    කී බෝඩයයි ඔහුගේ නම් මහ ගෙදර
    වෙන ලෝකයක් නැත කෙල්ලන් බලනු හැර
    කවි කියන්න මෙහෙටත උඹ නිතර වර
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11818654 said:
    66316ok93eaxzhn.gif
    මට මලපන්නනව හැම වෙලේම මේ........නැවියා
    නැට්ටිච්චියක් නටවා හින හෙන.............හැටියා
    ඌට ඔළුව වද්දගන්න නැව්..................ජැටියා
    පෙන්නමු තූති බෝලෙ උඹේ වැඩ............පැටියා

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    ඔය ලියනා කවි පද ටික හරි..........මසුරං
    මටත් ඔහොම තමා කොල්ලො මුලදී....නං
    නිතර නිතර ඇවිදන් කවි.........කියනවනං
    උඹ යනවා හඳ වෙත බොල මෙමට....කලිං
    සලී, උබනම් සබෑම දක්ශයෙකි
    මටනම් ඉරිසියයි දැක්කම උබේ කවි
    දාන්න වටිනව මසුරන් කටේ සකී
    මාත් යනව නඩු කියන්න සමග සලී
     

    Spes

    Member
    Jan 10, 2012
    40
    6
    0
    කවියක්..... වනන්න
    වෙනසක්... කරන්න
    රසයක් ......මවන්න
    ආවෙමි...... බලන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සලී, උබනම් සබෑම දක්ශයෙකි
    මටනම් ඉරිසියයි දැක්කම උබේ කවි
    දාන්න වටිනව මසුරන් කටේ සකී
    මාත් යනව නඩු කියන්න සමග සලී

    අම්මද බොලේ මෙන්න ඇවිත්.......සමීරයා
    අපට වැඩේ දුන්න ඊයේ............එළකිරියා
    කවි වනලා මාව මුරුංගත්තෙ...........තියා
    යන්න එපා ගියොතින් මම වැටෙයි....මෙයා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවියක්..... වනන්න
    වෙනසක්... කරන්න
    රසයක් ......මවන්න
    ආවෙමි...... බලන්න
    කවි නම් ...............වනන්න
    වෙන දේ නොම .......වනන්න
    වැනුවොතින්.............ඔන්න
    කපල දානව නොම ....වනන්න:P
    :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි නම් ...............වනන්න
    වෙන දේ නොම .......වනන්න
    වැනුවොතින්.............ඔන්න
    කපල දානව නොම ....වනන්න:P
    :P

    මූ දත් කිඹුලෙකී.............
    දත් ගලවන්නෙකී............
    VIP ෂොප් එකකී.........
    බෝතලුත් ඇත සකී.........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මූ දත් කිඹුලෙකී.............
    දත් ගලවන්නෙකී............
    VIP ෂොප් එකකී.........
    බෝතලුත් ඇත සකී.........
    කියන විදියට අයියා දෙවියෙකි
    ගයේන්ද්‍රයට උදවු කල සකි
    කලු වලාවේ රිදී රෙඛාවකි
    මටනම් කිඹුලා ප්‍රේම සතුරෙකි
     

    Spes

    Member
    Jan 10, 2012
    40
    6
    0
    පෙට්ෂා ගැන

    පර-දර පුර................ සෙර
    නුර-සර බුර................ බුර
    සුර පුර නිර ................කර
    බොර කර කොර................ කිර


    (Just a Joke)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කියන විදියට අයියා දෙවියෙකි
    ගයේන්ද්‍රයට උදවු කල සකි
    කලු වලාවේ රිදී රෙඛාවකි
    මටනම් කිඹුලා ප්‍රේම සතුරෙකි

    හතුරෙක් නෙමෙයි වූවත් ඒකා.........කොටියා
    මා නම් උගේ පැත්තෙයි දැං බෑ.......නොකියා
    දෙනවා කිව්ව බොන්නට අප ආ.........හැටියා
    කිඹුලා කිව්වොතින් දැන් උස්සනවා.....පෙටියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙට්ෂා ගැන

    පර-දර පුර................ සෙර
    නුර-සර බුර................ බුර
    සුර පුර නිර ................කර
    බොර කර කොර................ කිර


    (Just a Joke)
    වෘතිය ඔබෙ කවි පොත් හෙම ලිවීමදෝ
    සැබවින් මෙහි තේරුම පහදනවාදෝ
    පෙට්ෂා කෙසේ වයනුද, ඔබ දන්නවදෝ
    ඇය මගෙ සිත තුල බව ඇය කීවාදෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙට්ෂා ගැන

    පර-දර පුර................ සෙර
    නුර-සර බුර................ බුර
    සුර පුර නිර ................කර
    බොර කර කොර................ කිර


    (Just a Joke)

    දෙවෙනි පෝස්ට් එකෙන් ඇවිත් පෙට්ෂා ගැන......දොඩනා
    මේකා හැබැයි දෙකක් නැතේ කොහු පාරක්........කන්නා
    පෙට්ෂා ආවොතින් මිතුරේ පොඩ්ඩක්.............අහගන්නා
    උඹව කපල කොත්තු හදල අපට බෙදා............දෙන්නා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙට්ෂා ගැන

    පර-දර පුර................ සෙර
    නුර-සර බුර................ බුර
    සුර පුර නිර ................කර
    බොර කර කොර................ කිර
    (Just a Joke)
    මෙය ලියූ ................මල්ලී
    ඔබේ කව නම් හෙළ ........ලී
    කවි කම ඔබෙන්............ලී
    ඇහුලුවේ සරසවි ද ......මල්ලී

    අති විශිෂ්ඨ පදරුතක් සහිත මෙවන් බන්ධනයක් කරන ඔබ නම් කිසි විටෙකත් අංකුර කවියෙක් වනු බැහැ...!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් දැන් මඩුව රොක් වෙනවා දෙකක්.......නැත
    කවි වැල් ගලා පිටෙන් පිටට යනව............ඇත
    මොනවා තිබුනමුත් සොයනව ඔහුව...........සිත
    ශ්‍රී අයියේ ඇයි මේ ලෙස නිහඩ................වත
     
    Last edited:

    Spes

    Member
    Jan 10, 2012
    40
    6
    0
    පෙට්ෂා ගැන

    පර-දර පුර................ සෙර
    නුර-සර බුර................ බුර
    සුර පුර නිර ................කර
    බොර කර කොර................ කිර


    (Just a Joke)



    පර-දර = පරදාර
    පුර සෙර = පුර අඟන වෙනුවට පුර සෙර කියල දැම්ම
    නුර-සර = නුරා හැඟුම්
    බුර බුර = ගිනි දැල් බුර බුරා නැගෙන සේ
    නිර කර = නිරයක් බවට පත් කර
    බොර කර = චංචල / කළඹවා
    කොර කිර = එල කිරි වෙනුවට මේක දැම්ම
    උදා;- වැඩේ කොර වෙන්න දුන්න = වැඩේ එළකිරි වගේ දුන්න
     
    Last edited:
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පර-දර = පරදාර
    පුර සෙර = පුර අඟන වෙනුවට පුර සෙර කියල දැම්ම
    නුර-සර = නුරා හැඟුම්
    බුර බුර = ගිනි දැල් බුර බුරා නැගෙන සේ
    නිර කර = නිරයක් බවට පත් කර
    බොර කර = චංචල / කළඹවා
    කොර කිර = එල කිරි වෙනුවට මේක දැම්ම
    උදා;- වැඩේ කොර වෙන්න දුන්න = වැඩේ එළකිරි වගේ දුන්න
    බුලත් අතක් දී සරසවි වඳින්නට
    අවසර දෙන්නෙද ඔබ මා පුදන්නට
    රසයෙන්, ඉහලින් කවි වැල් ගොතන්නට
    නිතරම ඔබ එනවද අපේ මන්ඩපෙට


    මචන් ඔය විදියට පෙටියව නැතිව වෙන කෙල්ලෙක් වයපන්කෝ..