පුන් සදක් නැග ආවා නිල අහස කුසේ
සිතත් නිවුනා නවම් පොහෝ දවසේ
හිතු දේ කවි කරන්න පුන්පොහෝදවසේ
පැන්තෝ සස්ලිටෝ එන්න සිත සතොසේ
සිතත් නිවුනා නවම් පොහෝ දවසේ
හිතු දේ කවි කරන්න පුන්පොහෝදවසේ
පැන්තෝ සස්ලිටෝ එන්න සිත සතොසේ
ටිකිරි;12032395 said:අක්කයි මමයි යනකොට පන් කපන්නට
වලත්තයෙක් පැන්නයි පාර මැද්දට
අක්කයි මමයි යනකොට පන් කපන්නට
වලත්තයෙක් පැන්නයි පාර ......මැද්දට
පන් කැපිල්ල අපි ඉන් අමතක... කොට
ඌවත් අරන් අපි ගියා හනිකටම බැද්දට




















කිවිඳුන් කිවිඳියන් යස කවි වැල් ගොතනා
මේ කවි මඩුවෙ හැමතැන මිහිරැති බව රැඳුනා
බෝනික්කන් හා සමඟ යාදෙන්නට හදනා
පැණියෝ පවා මෙහි හැමතැන සැරි සරනා
පෙර දින මෙහි තිබූ එලි ඇත අද මැකිලා...
වෙර ගෙන කවි ලියූ කවියන් සැගවීලා....
තෙර නොපෙනෙනා කවි ගංගා වියලීලා...
හැර නොම යන්න-කවිමඩුවේ පද මාලා...
බෝනික්කන් තියා මෝහිනියන්..........ආවත්
ගණන් ගන්නෙ නෑ එය මගෙ.......බල්ලාවත්
හැබැයි ඉතින් උණ පුරුකේ............දැමූවත්
සමහරු ගතිය නාරයි උන්.............මැරූවත්
පෙර දින මෙහි තිබූ එලි ඇත අද මැකිලා...
වෙර ගෙන කවි ලියූ කවියන් සැගවීලා....
තෙර නොපෙනෙනා කවි ගංගා වියලීලා...
හැර නොම යන්න-කවිමඩුවේ පද මාලා...
සිදුවී තිබෙන ප්රශ්ණය දැන්..................අහගන්න
අප සිරවෙලා ඇත වෙන නූලක................ඔන්න
කෙලෙසකවත් බැහැ නොවැ ඉන්........ගැලවෙන්න
බලනට රිසිම නම් පහලින්...............පැමිනෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
කවියක ගීතයක ඇති රසවත් කමට....
වෙණ වීණා නදෙක ඇති ඒ නැලවුමට...
සරසවි මෑණියන්ගේ වරමින් අපට....
කලා ලැදි සිතක් උපතින් ලැබ පිනට....
කවියක ගීතයක ඇති රසවත් කමට....
වෙණ වීණා නදෙක ඇති ඒ නැලවුමට...
සරසවි මෑණියන්ගේ වරමින් අපට....
කලා ලැදි සිතක් උපතින් ලැබ පිනට....
මොහිනියන්ට බැඳි පෙම් දම් පසෙක දමා
බෝනික්කන්ට පෙම් බඳින්න වීය ළමා
ඒ දැක ගෙදර උන්දෑ කළ සංහිඳිය තමා
පැණි රජවරුන් දුවතී පසු නොබල පමා
කලා සිතක් උපතින් ඔබ.............ලැබුවාට
සරසවියෙන් ලොකු වරමක්..........ලැබුනාට
සැමම විකිණෙනව පෙටියෝ....කාසියට
නොමිලෙයි දෙන්නෙ අප එය.....එළකිරියන්ට
මොහිනියන්ට බැඳි පෙම් දම් පසෙක දමා
බෝනික්කන්ට පෙම් බඳින්න වීය ළමා
ඒ දැක ගෙදර උන්දෑ කළ සංහිඳිය තමා
පැණි රජවරුන් දුවතී පසු නොබල පමා
සැමදේ සොඳින් සරුවට විකිණෙන හින්දා
නොදැන ම විකිණෙනා දේවල් ඇති හන්දා
වාසිය අතට කාසිය මිට මෙලවෙන හින්දා
නොවිකෙන මිනිසුන්ට වෙන්නේ නව නින්දා
මනුසත් කම රැගෙන නිස තැන රැකගන්න
ඒ වගේ උතුම් මිනිසුන් හැම අගයන්න
කොතරම් කළත් අවමන් සැම විඳගන්න
මුදලට වහල් නොම වී මිනිසෙක් වෙන්න
කොල්ලන් එනවා දාගෙන කෙල්ලන්ගේ...නම්
කෙල්ලන් එනව දාගෙන් සත්තුන්ගේ.......නම්
තමන්ගෙ පාඩුවෙ පැත්තක...........හිටියානම්
වදයක් නැහැනෙ කිසිවෙකහටවත්....එහෙනම්
දී ඇති නූල ඔබ දිගටම.................කියවන්න
අපගේ සොයුරු ගතිගුණ ගැන..........දැනගන්න
හොද මුදලකට ඒවා හැක..............විකුණන්න
මිනිසත් කම නිසා නොමිලේ දෙමි..........ඔන්න
දැනගෙන ගියොත් යන්නේ කඳිරා පුරට
නොදැන ගියොත් මඟ ඉන්නට වේ සැමට
ලෝකය ගැන දැනුම හැමවිට අවැසියි අපට
ඒ මර උගුල් වලකාලා යනු සිය මඟ යසට