සුපිරි ගිලන්රථ
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත්තේ ඉතා උසස් තත්ත්වයේ කාර්යක්ෂම ගිලන් රථ සේවාවක් බවත්, රෝගියා රෝහලට ගෙන එන තෙක් ඔහු ජීවත් කරලීම සදහා අවශ්‍ය වන සෑම පහසුකමක්ම සහිත අංගෝපාංග මෙම ගිලන් රථවල ඇති බවත්, මේ ඇරඹෙන්නේ ජීවිත බේරාගැනීමේ සේවයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය රජයේ ආධාර ඇතිව ඉන්දීය සමාගමක් මගින් මෙරට ආරම්භ කළ ගිලන් රථ සේවාවේ සමාරම්භක අවස්ථාවට ගාලු මුවදොර ක්‍රිඩාංගනයේදී එක්වෙමිනි.
වසර තුනකට පෙර මෙම ගාලු මුවදෙර පිටිය වැලි කොට්ට දමා සංවිධානය කළ ලැම්බෝගිනි මෝටර් රථ ධාවන තරගයේදී දෙතුන්දෙනකු ඊට යටවී තුවාල ලබා මියගිය බවත්, එදා රාජපක්‍ෂ යුගයේ නයිට් රේස් සඳහා යොදාගත් ගාලු මුවෙදාර පිටියෙන් යහපාලන රජය යටතේ රට තුළට ක්‍ෂුද්‍ර රෝහලක් පිටත්ව යන බවත්, ඒවා රට තුළට මුදාහරින්නේ අසරණ මිනිස් ජීවිත බේරා ගැනීමට බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
“නයිට් රේස්” පැවැත්වූ ස්ථානයේ තුවාලකරුවන් ළඟම ඇති රෝහලට ගෙනගොස් දැමීම සඳහා ඒ යුගයේ හෙලිකොප්ටර් පවා නවත්වා තිබුණා. නමුත් අෑත ගම්මානවල හදිසි අනතුරක් සිදුවුවහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? ගසකින් වැටී තුවාල ලැබුවහොත් සිදුවන්නේ කුමක්ද? හදිසියකට ගිලන් රථයක් සොයාගන්නවත් බැහැ. ගිලන් රථ සොයාගත්තත් ඒවා හොඳ තත්ත්වයේ නැහැ. යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන්, ඉන්දීය සමාගමක් විසින් ක්‍රියාත්මක කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහම මහතා අතින් ඊයේ නිල වශයෙන් ආරම්භ කළ ඉන්දීය ගිලන්රථ සේවයේ ගිලන් රථයක් මහ මගදී අකර්මන්‍ය වී තරුණයන් පිරිසක් විසින් තල්ලු කරන ආකාරය දැක්වෙන පින්තූර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.
පළමු අදියරේදී දකුණු පළාත සහ බස්නාහිර පළාත තුළ ටාටා වර්ගයේ ගිලන්රථ 88ක් සේවයේ යොදවා ඇත. 1990 ඇමතීමෙන් නොමිළේ මෙහි සේවාව ලබාගත හැක.
ඉන්දියාවෙන් අපට දුන්න ගිලන්රථ සුපිරියි.. දැන් දොස් කියන අයත් පස්සේ හොදයි කියයි – අගමැති

ඊයේ ඇරඹු ඉන්දීය ගිලන් රථ සේවයේ රියක්, අද මහ මගදී ලෙඩ වෙයි !