සුපිරි බස් එකක් හදපු වැඩ්ඩෙක්..

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    සුපිරි බස් එකක් හදපු වැඩ්ඩෙක්..



    බුකියේ කතා වෙන සුපිරි ලේලන්ඩ් බස් එක හදපු හැටි..!

    මේ දවස් වල මුහුණු පොතේ හැමෝම කතා කරන කොලපාට සුපිරි ලේලන්ඩ් බස් රථයේ අනුරුව ඔබ හොඳින්ම දන්නවා. ඇඹිලිපිටිය පදලංගල ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි රන්දික ලක්ෂාන් අබේදීර හදපු සීට් 54 සහිත මේ ලේලන්ඩ් බස් රථයේ අනුරුව ඇත්ත බස් එකක භාහිර පෙනුමට බෙහෙවින්ම සමාන ලෙස නිර්මාණය කරලා තියෙනවා.
    සෙන්ටිමීටර 27ක් උස, සෙන්ටිමීටර 110ක් පමණ දිගකින් යුක්ත මේ බස් රථයේ අනුරුවට එන්ජිමක් විතරයි අඩු. මොකද විදුලි පද්ධතිය ඇතුළු බස් රථයක තියෙන්න ඕන හැම දෙයක්ම වගේ මේ බස් රථ අනුරුවට සවි කරලා තියෙනවා.
    ඇඹිලිපිටිය ජනාධිපති විද්යාලයයේ ආදි ශිෂ්යෙයකු වන රන්දික කුඩා කල සිටම බස් රථවලට දැඩි කැමැත්තක් දක්වලා තියෙනවා.
    මේ බස් රථයේ අනුරුව නිර්මාණය කරන්න ඇලුමිනියම් යකඩ තහඩු, ෆ්ලයිවුඩ්, ලී පටි මෙන්ම සිලිකන්ද යොදා ගෙන තිබෙනවා. රන්දික හදපු මේ බස් එක ගැන ඔහු කියන්නෙ මේ වගේ කතාවක්.
    ‘මම පොඩි කාලේ ඉඳන් බස් වලට ආසයි. ඉස්කෝලේ අට ශ්රේණියේ ඉගෙන ගන්න කාලේ තමයි මුලින්ම බස් රථයක් අනුරුවක් හදන්න උත්සාහ කළේ. ඒ ප්රදර්ශනයකටයි. බස් රථ දෙකක් ඒ අවුරුද්දේ හැදුවත් ඒවට ලයිට් තිබුණේ නෑ. මෙච්චර දියුණු මට්ටමකට කර ගන්න බැරි වුණා. නමුත් මගේ වයසත් එක්ක ඒක මම හැදුවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළෙත් නෑ. හැබැයි මගේ යාළුවො මං ගැන දන්නවා. මට යාළුවො කියන්නේ බස් රන්දික කියලා.
    මට පොඩි කාලේ ඉඳන් මේවගේ හොඳ තත්ත්වයේ එක්ක හදන්න ඕනෑ කම තිබ්බත් ඉගෙනීම නිසා ඒකට අවස්ථාවක් තිබුණේ නෑ. උසස් පෙළ කරලා පොඩි රැකියාවක් කර අතරතුරයි මම මේකට අවශ්ය අමුද්රව්ය හොයා ගත්තේ. අමුද්රව්ය ගොඩක් මම පහසුවෙන් සොයා ගත්තා. සල්ලිවලට ගත්තා නම් රුපියල් 18,000ක් 20,000ක් විතර යනවා.
    මට මේකට අපේ ගමේ දිනුක නිෂාන් කියන මල්ලි ඇතුළු බොහෝ අය උදව් කළා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.


    Video link: https://www.facebook.com/randika.lakshan.165/posts/736773626518754

    26166792_736781286517988_6227504094338998737_n.jpg

    26167390_736781016518015_929123849488324570_n.jpg

    26167552_736781196517997_5329274989978659905_n.jpg

    26168371_736781223184661_6137880206788932427_n.jpg

    26219695_736781246517992_5706837756285186826_n.jpg

    26230558_736781213184662_3539428148649190090_n.jpg

    BUS.png

    26168571_1036180119872466_5678180320173876968_n.jpg

    Nethgossip