සුබ මංගලම් මගෙ කෙල්ල

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කෙල්ලගෙන් වෙන් උන පලියට...
    ඒකි වෙන එකෙක්ව කසාද බඳිනව කියල දැන ගත්ත පලියට...
    බෝතලයක් අතට අරගෙන උඹ තනියම විනාස වෙනවට වැඩිය...
    පෑනක් අතට අරගෙන මෙහම නිර්මාණයක් එලියට දැම්ම එකෙන්
    උඹට ලොකු නිදහසක් දැනෙනව ඇති...
    කෙල්ලගෙන පලි ගන්න දඟලන එවුන් අතරේ උඹ ගොඩක් වැදගත් මහත්තයෙක්....
    උඹේ දුක මේ විදිහට එළියට දැම්ම එකෙන් අපි හැමෝම අතරේ ඒක බෙදිල යනව මචං....
    ඇත්තටම දුක හිතුන නිසයි මේ විදිහට ටයිප් කළේ...:(
    ++4
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කෙල්ලගෙන් වෙන් උන පලියට...
    ඒකි වෙන එකෙක්ව කසාද බඳිනව කියල දැන ගත්ත පලියට...
    බෝතලයක් අතට අරගෙන උඹ තනියම විනාස වෙනවට වැඩිය...
    පෑනක් අතට අරගෙන මෙහම නිර්මාණයක් එලියට දැම්ම එකෙන්
    උඹට ලොකු නිදහසක් දැනෙනව ඇති...
    කෙල්ලගෙන පලි ගන්න දඟලන එවුන් අතරේ උඹ ගොඩක් වැදගත් මහත්තයෙක්....
    උඹේ දුක මේ විදිහට එළියට දැම්ම එකෙන් අපි හැමෝම අතරේ ඒක බෙදිල යනව මචං....
    ඇත්තටම දුක හිතුන නිසයි මේ විදිහට ටයිප් කළේ...:(
    ++4

    :yes::yes::yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    නොවටිනා "වටිනාකමට" නොරැවටෙන්න.....
    ධර්ම සාකච්ජාවක්‌ අතරතුර එක තරුණ මවක්‌ භික්‌ෂුවගෙන් විමසුවා 'හමුදුරුවනේ, මට කුඩා දරුවෙක්‌ සිටිනවා. දරුවාගේ කටයුතුත් කරමින්, සැමියාගේ කටයුතුත් කරමින්, ගෙදර දොර කටයුතුත් කරමින් මම කොහොමද මේ ධර්මය තුළ ජීවත්වෙන්නෙ කියලා මේ ප්‍රශ්නය පිංවත් ඔබටත් අදාළ ප්‍රශ්නයක්‌ බව ඔබටත් වැටහෙනවා ඇති. භික්‍ෂුව ඇයට දුන්න පිළිතුර තමයි 'දැන් ඔබ බැඳීම්වලට බැඳිලයි සිටින්නේ. ඒ නිසා බැඳුණු බැඳීම් ගැන දුක්‌ වෙන්න එපා. බැඳුණු බැඳීම් උදෙසා ඔබෙන් වියයුතු යුතුකම් කොටසක්‌ තිබෙනවා නම් ඒවා නොපිරිහෙලා ඉටු කරන්න. කරන්නා වූ හැම යුතුකමක්‌ම කුසලයක්‌ සේ දකින්න. බැඳුනා වූ හැම බැඳීමක්‌ කෙරෙහිම ඇලීමෙන් ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන්ම බලන්න. බැඳුනාවූ බැඳීම් වලින් ඔබ ලබන අත්දැකීම් අලුත් බැඳීම් ඇතිකර නොගැනීමට කමටහන් කොට ගන්න. කිරි දරුවෙක්‌ ඇති මවකට වුවද තමා දක්‌ෂනම් නිවසේ සිටිමින්ම ගිහි පිංවතුන්ලාට සමාදන් විය හැකි උපරිම ශීලයක්‌ සමාදන් විය හැකි හෙයින් ශීලයට උපරිම වටිනාකමක්‌ දෙමින් කටයුතු කරන්න. තණ්‌හා, මාන්න, දිට්‌ඨින්ගෙන් තොරව ඉහත කාරණා ඉටුකරන ගමන් ඔබට තාවකාලික සැපයක්‌ යෑයි දැණෙනා එකම සිතුවිල්ලක්‌ හෝ අවබෝධයෙන් යුතුව අනිත්‍යය දකිමින් අත්හැරීමට දිනපතා පුරුදුවන්න. මේ කරුණු කාරණා දිනපතා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබේ ජීවිතය තුළින් වැඩෙන විට තවත් නකුල මාතාවක්‌, විශාකාවක්‌ වීමට අවශ්‍ය ධර්මතාවයනුයි ඔබ තුළින් ක්‍රියාත්මක වෙන්නේ.

    අද වැනි වෙසක්‌ පුරපසොලොස්‌වක දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන දුක ඇතිවෙන හේතුව තමයි තෘෂ්ණාව. කුමක්‌ කෙරෙහිද තෘෂ්ණාව සකස්‌ වෙන්නෙ රූපය කෙරෙහි. රූපය කෙරෙහි ඇති කරගන්නා තෘෂ්ණාව නිසාමයි සත්වයා මේසා භවගමනේ දුකට පත්වෙන්නේ. තෘෂ්ණාවෙන් මිදීමේ මාර්ගයයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඉහත එක්‌දරු මවට දෙන ලද පිළිතුර තුළ එම චර්යාවන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කළොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයම ඒ තුළින් ආවරණය වෙනවා. ගිහි ජීවිතයකට මොනතරම් වටිනාකමක්‌ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ලබාදී තිබෙන්නේ.
    රූපයන් කෙරෙහි චන්දරාගය ඔබ තුළ වැඩිවෙනකොට බිරිඳ, සැමියා, දරුවන්, සම්පත් කෙරෙහි දැඩි තෘෂ්ණාවක්‌ සකස්‌වෙනකොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ පහත ධර්ම කාරණය සිහියට ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වඩින පාර හරහා දිවයන කඩිරැලක්‌ පෙන්වලා ආනන්ද ස්‌වාමින් වහන්සේට දේශනා කරනවා 'ආනන්ද මේ කඩිරැලේ සිටින සෑම කඩියෙක්‌ම අතීතයේ සක්‌විතිරජ වෙලා ඉඳල තිබෙනවා' කියලා. තිරිසන් ලෝකයේ කඩියාත් සක්‌විතිරජ වෙලා ඉඳලා තිබෙනවා නම් පිංවත් ඔබ සංසාරයේ කී වතාවක්‌ නම් සක්‌විති රජ වෙලා ඉන්න ඇතිද? ඒ සක්‌විති රාජශ්‍රිය අත්විඳින්න ඇතිද? සක්‌විති රජ කෙනෙකුට තම පින් බලයෙන්ම පහලවෙන පංචකල්‍යාණයෙන් යුතු ස්‌ත්‍රී රත්නය, අහසින් ගමන් කරන ඇත් රත්නය, අහසින් ගමන් කරන අජානීය අශ්ව රත්නය, මහපොළවේ ඇති ඕනෑම සම්පතක්‌ සෘද්ධියකින් දැකිය හැකි පුරෝහිත රත්නය. අන්තඃපුර බිසෝවරුන් හරහා ලැබෙන දහසක්‌ පුතුන්.....මේසා අසිරිමත් වූ සම්පත් පිංවත් ඔබ සංසාරයේදී ලබල තිබෙනවා. මෙලොව ජීවත්වන සෑම කාන්තාවක්‌ම අතීත සංසාරයේ සක්‌විති රජවරුන්ගේ පංචකල්‍යාණයෙන් බබලන ස්‌ත්‍රී රත්නය ලෙස ඒ අසිරිය විඳලා තිබෙනවා. සක්‌විති රජවරුන්ට දාව අසිරිමත් පුතුන් ලැබූ මව්වරුන් වෙලා ඉඳලා තිබෙනවා. සෘද්ධිමත් ඇතුන්, අසුන් පිට ගමන් බිමන් ගිහින් තිබෙනවා. අතීතයේ පිංවත් ඔබ ලැබූ මේ අසිරිමත් සම්පත්, රාජශ්‍රිය සමග ගලපා බලනකොට මේ ජීවිතයේදී ඔබ ලබා ඇත්තේ මොන තුට්‌ටු දෙකේ දෙයක්‌ද. අතීතයේ සක්‌විති රජකෙනෙක්‌ හැටියට පංචකල්‍යාණයෙන් බබලන ස්‌ත්‍රී රත්නයක්‌ බිරිඳ කරගෙන සිටි ඔබ ඒ අසිරිමත් ස්‌ත්‍රීරත්නයත් වර්තමානයේ ඔබේ බිරිඳත් සංසන්දනය කොට බලන්න. අතීතයේ සක්‌විති රජවරුන්ගේ අසිරිමත් ස්‌ත්‍රීරත්නයක්‌ වූ පිංවත් ඔබ වර්තමානයේ ඔබ බැඳී ජීවත්වන ස්‌වාමිපුරුෂයා දෙස බලන්න. මොන නොවටිනා දෙයක්‌ කෙරෙහිද ඔබ මේ බැඳී සිටින්නේ. අතීත ජීවිතයේදී සෘද්ධිමත් ඇතුන් පිටින්, සෘද්ධිමත් අජානීය අසුන් පිටින් මහේශාක්‍ය ලීලාවෙන් අහසින් ගමන් ගිය ඔබ මේ ජීවිතයේදී යානාවක්‌ කොට ගත් ඔය යකඩ ගොඩ මොන තුට්‌ටු දෙකේ දෙයක්‌ද? අතීතයේ සක්‌විතිරජවරුන් එම රාජ්‍ය ඇමතිවරුන් ලෙස සිටි පිංවත් ඔබ මේ ජීවිතයේදී බලය යෑයි අත්විඳින්නේ බියම නේද? බිය සකස්‌ වෙන තැන සකස්‌වෙන්නේ අකුසලම නේද? අතීතයේ ඔබ ලැබූ රාජ්‍යයන් යටත් කරගැනීමට සමත් අසිරිමත් යෝධ බල, යෝධ ශක්‌තිය ඇති පුතුන් හා සසඳා බලනකොට මේ ජීවිතයේදී ඔබ ලැබූ දරුවන් කවුරුන්ද? අතීතයේ පිංවත් ඔබ ලැබූ සම්පත් සමග සස¹ බැලීමේදී මොන 'නොවටිනා වටිනාකමක්‌ද' මේ ජීවිතයේ ඔබ ලබා තිබෙන්නේ. පිංවත් ඔබ කැමති වුණත් අකමැති වුණත් මෙය තමයි ඔබේ ජීවිතයේ යථාර්තය. ඒ නිසා ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ඇත්ත ගැන සිතන්න. එවිට ඔබට දැනේවි මේ ලෝකයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌ හැටියට විඳින්න යම් සැපයක්‌ සම්පතක්‌ තිබෙනවානම් ඒ සෑම සම්පතක්‌ම අතීතයේ ඔබ අත්විඳලා අත්දැකලා තිබෙනවාය කියලා. සියලු සැපයන් අත්වින්දත් පිංවත් ඔබට බැරිවුණා ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. සක්‌විති රජවරයා තිරිසන් ලෝකයේ කඩියෙක්‌ බවට පත්වුණෙත්, ඔබ නැවත සාමාන්‍ය මනුෂ්‍යයෙක්‌ බවට පත්වුණෙත් මේ අසීමිත තෘෂ්ණාව නිසාමයි. පිංවත් ඔබ මේ තාක්‌ සංසාරයේ ලෝකය තුළ වින්දාවූ අසිරිය හොඳටම ප්‍රමාණවත්. දැන් ලෝකයෙන් මිදෙන මාවතට එන්න බලන්න. ඒ කියන්නේ දුකෙන් මිදෙන්න. පිංවත් ඔබ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි ප්‍රහීන කළ යුත්තේ මේ දුකෙන් මිදීමට. එම නිසා පිංවත් ඔබ ස්‌ත්‍රි, පුරුෂ භේදයකින් තොරව අතීතයේ ඔබ අත්වින්දා වූ අසිරිමත් සැපයන්, මහේශාක්‍ය ජීවිත ගැන සිහිපත් කොට මේ ජීවිතයේදී ඔබ බැඳී ඇති රූපයන් සමග අතීත රූපයන් සංසන්දනයකොට මේ ජීවිතයේදී ඔබ ලබා ඇති අවම නොවටිනා සැපයන් සහ බැඳී ඇති රූප කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති කරගන්න. අවබෝධයෙන් කලකිරීම කියන්නේ ගැටීම නම් නොවේ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ගැටීම සකස්‌වෙන තැනදීම ඇලීමත් තිබෙනවා. මොකද තමන් ගැටෙන්නේ යම් දෘෂ්ඨියක්‌ කෙරෙහි ඇලීම නිසාමයි. ගිහි ජීවිතය තුළ අවබෝධයෙන් කලකිරෙන තැනැත්තා තමා බැඳී ඇති බැඳීම් කෙරෙහි අවබෝධයෙන් කලකිරෙමින් එම බැඳීම් උදෙසා තමාගෙන් විය යුතු යුතුකම් ඉටුකරමින්, උපේක්‌ෂාව තුළයි ජීවත්වෙන්නේ. මේ උපේක්‌ෂාව තුළදී පිංවත් ඔබ තුළින් මෙතෙක්‌ නොකළාවූ කුසල් සිදුවෙනවා. ඔබ අවබෝධයෙන් කලකිරීමේ නාමයෙන් ගැටීම් සකස්‌කොට ගතහොත් නොකළාවූ අකුසල් ජීවිතය තුළින් සිදුවේවි. පෙනෙනවානේද බරපතළ වෙනස්‌කම් දෙක. නොදැනුවත්භාවය නිසාම සමාජය තුළ අප්‍රමාණ පිරිස්‌ අවබෝධයෙන් කලකිරීම, ගැටීමේ ස්‌වභාවයක්‌ ලෙසට පත්කොටගෙන අකුසල් සිදුකරගන්නවා. මෙවැනි අනුවනකම් නිසා පහසුවෙන් ලැබිය හැකි ධර්මයේ සැබෑ පිළිසරණ අප විසින්ම ඈත් කොට ගන්නවා. මේ අවදානමෙන් පිංවත් ඔබට මිදීමට අවකාශ ලැබෙන්නේ තණ්‌හා, මාන්න, දිට්‌ඨීන්ගෙන් තොරව ධර්මය ජීවිතයට ගලපා ගැනීමෙන්මයි.

    කුමක්‌ නිසා පිංවත් ඔබ තණ්‌හාව ඇතිකරගන්නද? මාන්නය ඇතිකරගන්ත ද? දෘෂ්ඨින් ඇතිකරගන්නනද? මේ ඇස නිසා මාන්නය ඇතිකරගන්නද? මොකක්‌ද මේ ඇස කියල කියන්නේ. ලෙඩවෙන දෙයක්‌, නරක්‌වෙන දෙයක්‌, වයසට යන දෙයක්‌, සුද එන, කබ, කඳුළු, සැරව එන දෙයක්‌. අන්ධ වන දෙයක්‌. ඔය ඇස මනසින් ගලවල අතට ගන්නකො. මස්‌ ගුලියක්‌ විතරමයි. නහරවල් එල්ලුන, රුධිරය තැවරුණ, දුගඳ, කුණුවෙන ඇසක්‌ මේක. මෙතැන තිබෙනවාද තණ්‌හාවක්‌ ඇතිකරගන්න දෙයක්‌. මෙතන තිබෙනවාද මාන්නය ඇතිකරගන්න දෙයක්‌. මෙතන තිබෙනවාද දෘෂ්ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌. නැහැ. පිංවත් ඔබගේ ඇස ගැන පමණක්‌ නොවේ අනෙක්‌ සෑම ලොකු, කුඩා, ලස්‌සන, අවලස්‌සන මනුෂ්‍යයින්ටත් මෙය ගලපා දකින්න. සතර අපායේ ජීවත්වන සත්වයාගේ ඇසත්, දෙවියාගේ, බ්‍රහ්මයාගේ ඇසත් ඉහත ස්‌වභාවයේම බව දකින්න. ඇස කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න.

    දැන් පිංවත් ඔබ කන දෙස බලන්න. මොකක්‌ද මේ කන කියල කියන්නේ ලෙඩවෙන දෙයක්‌, නරක්‌ වෙන දෙයක්‌, වයසට යන දෙයක්‌, කලාදුරු බැඳෙනවා, සැරව පිරෙනවා, මස්‌දළු එනව, බිහිරි භාවයට පත්වෙනවා. ඔය කන ගලවල අතට ගන්නකො. මස්‌ ගොබයක්‌ විතරයි. රුධිරය, නහරවැල් තැවරුණ කුණුවෙන දෙයක්‌, කන තුළ තිබෙනවාද තණ්‌හාවක්‌, මාන්නයක්‌, දිට්‌ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌. නැහැ. පුංචි කාලේ සුසිනිදු සුරතල්භාවයෙන් පැවති කන්පෙති වයෝවෘධ වෙනකොට ගොරෝසු කුල්ලක්‌ බවට පත්වෙලා. ජරා, ව්‍යාධි, මරණ කියන හිමිකරු මේවා අයිති කරගෙන.

    පිංවත් ඔබ නාසය දෙස බලන්න. නාසය ලෙඩවෙන දෙයක්‌, වයසට යන, මැරෙන දෙයක්‌, නාස්‌ කුහර දෙක තුළ රෝම කූප පිරිල, සොටු මස්‌ දළු, සෙම, ලේ පීනස, දිය පීනස නාසයේ කොටස්‌ කරුවන්. සෙම්ප්‍රතික්‌ෂාව හැදෙන කොට, පීනස හැදෙන කොට නාසය ප්‍රතික්‍රියා දක්‌වන්නෙ මොන තරම් කුරිරු ආකාරයටද? ඔය නාසය මනසින් ගලවල අතට ගන්නකෝ. සිදුරු දෙකක්‌ සහිත මස්‌ ගොබයක්‌ පමණමයි. මස අයිති කුණුවීමටයි. නිල මැස්‌සන්ටයි. දැන් ඔබ හිතන්න නාසය නිසා තන්හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගන්න හේතුවක්‌ තිබෙනවාද? නැහැ.

    පිංවත් ඔබ දිව දෙස බලන්න. දිව ලෙඩවෙන, වයසට යන, මැරෙන දෙයක්‌. දිවේ මැලියම් බැඳෙනවා. කුණුකෙල බැඳෙනවා. ගෙඩි, බිබිලි එනවා, එක උදයක කට නොමැද්දොත් දිවේ දුගඳ ඔබට දැනිලා ඇති. මේ දිව මනසින් ගලවල අතට ගන්නකෝ. රුධිරය තැවරුණ, නහරවැල් තැවරුණ, මස්‌ ගොබයක්‌ පමණක්‌මයි. මේ කුණුවෙන මස්‌ ගොබයත් හරකෙක්‌, එළුවෙක්‌, ඌරෙක්‌ගේ දිව නමැති මස්‌ ගොබයත් අතර වෙනසක්‌ තිබෙනවාද? නැහැ. එකම ස්‌වභාවයමයි. වයෝවෘධ භාවයට පත්වෙනකොට ඔය දිවට දැනෙන රසය නොදැනී යනවා. ඔබ ජීවත්ව සිටියදීම දිව මැරෙනවා. මෙවන් දිවක්‌ කෙරෙහි තන්හාව, මාන්නය, දිට්‌ඨිය කුමක්‌ සදහා ඇති කරගන්නද?

    පිංවත් ඔබේ මනස දෙස බලන්න. වරෙක රාග, ද්වේෂ, මෝහ කියන සිතුවිලි වලින් පිරිලා. තවත් විටෙක අලෝභ, අද්වේශ, අමෝහ සිතුවිලිවලින් පිරිලා. හරියටම සුළඟ වගේ. ඇතිවෙන ඇලීම් ගැටීම් හේතුවෙන් මොහොතින් මොහොත කුසල් අකුසල් සිත්a වෙනස්‌ වෙනව. සුගතිගාමී කුසල්, අපායගාමී අකුසල් සකස්‌ කොට දෙනවා. වරෙක ඔබව සතුටු කරවනවා. තවත් වරෙක ඔබව හඬවනවා. දුක සැප මුසු සංඥාවන් වේදනාවන් නිරතුරුවම සකස්‌ කොට දෙනවා. ඔබ වයෝවෘධභාවයට පත්වෙනකොට මනසේ තැන්පත්ව ඇති ධර්ම රූප මැකීයනවා. ඒ කියන්නේ මතකය මැරෙනවා. මෙවන් මනසක්‌ නිසා තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇතිකරගෙන ඇත. ඵලය මොකක්‌ද?

    දැන් පිංවත් ඔබ කය දෙස බලන්න. මේක ලෙඩවෙන, වයසට යන, මැරෙණ කයක්‌. ආහාරයෙන්, ජලයෙන්, ඖෂධවලින් යෑපෙන කයක්‌. ආශ්වාසයෙන්, ප්‍රාශ්වාසයෙන් රැකෙන කයක්‌. කබ, කදුළු, දහඩිය, සෙම්, සොටු, අසූචි, මුත්‍රා, නිරතුරුවම පිටකරන කයක්‌. පිරිසිඳු නොකළොත් ගඳ ගහන කුණුවෙන, පණුවො ගසන කයක්‌. මෙතන ආඩම්බර වෙන්න දෙයක්‌ තිබෙනවාද? මම කියල තණ්‌හාව, මාන්නය, දිට්‌ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌ තිබෙනවාද? නැහැ.

    දැන් පිංවත් ඔබ ආයතන හැටියට ඇස, කන, නාසය, දිව, මනස, කය ගැන බැලුවා. මේවායේ ගත යුතු කිසිම දෙයක්‌ තිබුණේ නැහැ. තිබුණේ ජරා, ව්‍යාධි, මරණමයි. මීළඟට ඔබ සතර මහා ධාතූන් හැටියට මේ ශරීරය අරගෙන බලන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී දේශනා කරනවා ගව ඝාතකයෙක්‌ එළදෙනෙක්‌ මස්‌ කරල හතරමං හංදියක එම එළදෙනව මස්‌, බොකු, කටු, සම් වශයෙන් වෙන් කොට තබා විකුණනවා වාගේ පිංවත් ඔබේ ශරීරයත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් වෙන් වෙන් වශයෙන් කොටස්‌ කර බලන්න කියල. ඔබේ ශරීරයේ තද ස්‌වභාවයෙන් තිබෙන මස්‌. බොකු බඩවැල් ආදිය වෙනමත්, ශරීරය තුළ දියර ස්‌වභාවයෙන් තිබෙන සෙම්, සොටු, රුධිරය, මුත්‍ර, මේදය ආදිය වෙනමත් ශරීරයේ පඨවි, ආපෝ, වායෝ ධාතුන් සමග මුසුවී පවතින තේජෝ ස්‌වභාවයත් ශරීර අභ්‍යන්තරය පුරා තිබෙන වායෝ ස්‌වභාවයත් වෙන් වශයෙන් අරගෙන බලන්න. පිංවත් ඔබ ඔබේ ශරීරය නිර්මාණය වී තිබෙන සතර මහාධාතූන් ගැන කොතෙක්‌ බැලුවත් එතන තියෙන්නේ මසට අයත්, මස විනිවිද ගිය, ගඳගහන, කුණුවෙන, පණුවො ගහන දෙයක්‌මයි. මේ සතර මහ ධාතූන් නිසා තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගැනීමේ තේරුමක්‌ තිබෙනවාද? නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ ශරීරය කොටස්‌ තිස්‌ දෙකකට වෙන්කරල පෙන්වලා තිබෙනවා. දෙතිස්‌ කුණුපයන් හැටියට. කෙස්‌, ලොම්, නිය, දත්, සම්, මස්‌, නහර.......... ආදී වශයෙන්. මේ එකින් එක වෙන් වශයෙන් අරගෙන බලන්න. මේ ශරීරය කොටස්‌ තිස්‌ දෙකකට වෙන් කරල අවයව හැටියට බලන්න. මේ කොටස්‌ තිස්‌දෙක තුළම තිබෙන්නේ ජරා, ව්‍යධි, මරණම නේද? ඒ කියන්නේ කුණුවීම, ගඳ ගැසීම, විනාශවීම පමණක්‌ම නේද? මේ එකකවත් තිබෙනවාද මම කියල. තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගන්න හේතුවක්‌. නැහැ.

    ආයතන හැටියට බැලුවත්, සතර මහාධාතූන් හැටියට බැලුවත්, දෙතිස්‌ කුණුපයන් හැටියට බැලුවත් මෙතන තිබෙන්නේ පිංවත් ඔබ මගේ කරගෙන ජීවත්වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවයට අයත් දෙයක්‌ම නේද? යමක්‌ අනිත්‍යය නම්, යමක්‌ දුක නම්, යමක්‌ අනාත්ම නම් එම දෙය පිංවත් ඔබ නිත්‍යයි, සැපයි, ආත්මයි කියල ගතහොත් එතන සකස්‌ විය යුත්තේ දුකම නේද? ඇස සැපයි කියල ගතහොත්, ඇස නිත්‍යයි කියල ගතහොත්, ඇස තුළ ආත්මයක්‌ තිබේ කියල ගතහොත් ඔබ ලුහුබඳින්නේ නැති දෙයක්‌ පසුපස නේද? සතර මහා ධාතුවත්, දෙතිස්‌ කුණපයත් නිත්‍යයි, සැපයි, ආත්මයි කියල ඔබ ගතහොත් එය මුලාවක්‌ම නේද? අවිද්‍යාව නිසාම සකස්‌ වු සක්‌කායදිට්‌ඨිය නිසාම අනිත්‍යය, දුක්‌ඛ, අනාත්මභාවයට පත්වන මේ ඔබේ රූපය ඔබගේ ශරීරය නිත්‍ය, සැප, ආත්මභාවයෙන් ගැනීම නිසා නේද දුක සකස්‌ වෙන්නේ. ඒ නිසා පිංවතුනි, අදවන් උතුම් වෙසක්‌ පුර පසොළොස්‌වක පොහොය දිනක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාල චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මුල්ම ආර්යය සත්‍යය වන දුක්‌ඛ සත්‍යය පිංවත් ඔබ තුළින්ම දකින්න පුළුවන් නේද? සතර මහ ධාතුවෙන් සැදුන, ආහාරයෙන් යෑපෙන, ආශ්වාස ප්‍රාශ්වාසයෙන් රැකෙන රූපය කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාව නිසාම නේද මේ දුක සකස්‌ වෙන්නේ. රහතන් වහන්සේ නමකට දුක නැහැ නේද? නමුත් රහතන් වහන්සේටත් ඇසක්‌ තිබෙනවා. එම ඇසෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක්‌ තිබෙනවා. එම කනෙන් ශබ්ද ඇසෙනවා. අනෙක්‌ ආයතනත් එසේමයි. නමුත් රහතන්aවහන්සේට දුකක්‌ සකස්‌ වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත්, පස්‌සය වන මොහොතේදීම රහතන් වහන්සේ පස්‌සය අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ දැකීමේ ශක්‌තිය රහතන් වහන්සේට තිබෙන්නේ රහතන් වහන්සේ භව නිරෝධය සාක්‌ෂාත් කරගන්නා මොහොතේ උතුම්වූ සමාධි තලයකදී රූපයේ අනිත්‍යභාවය ඥානදර්ශන තුළින් අවබෝධත්වයට පත්වී ඇති නිසා. රහතන්වහන්සේ පස්‌සය අනිත්‍ය වශයෙන් දකින නිසා විඳීමක්‌ සකස්‌ වෙන්නෙ නැහැ. විඳීමක්‌ සකස්‌ නොවන තැනක හඳුනාගැනීමක්‌, ෙච්තනාවක්‌, බැසගැනීමට විඤ්ඤාණයක්‌ සකස්‌වෙන්නෙ නැහැ. හුදු දැක්‌කාය, ඇසුණාය කියන කාරණය පමණයි. නමුත් පිංවත් ඔබ පස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‌ෂාවන් සකස්‌ කරගන්නවා. එහෙමනම් පිංවතුනි, දුකත්, දුකට හේතුව වන තෘෂ්ණාවත් ඔබ තුළින්ම නේද සකස්‌ වෙන්නේ. තෘෂ්ණාවත් දුකත් ඔබ තුළිsන්ම නම් සකස්‌ වෙන්නේ තෘෂ්ණාව නැති කරගත යුත්තේත් ඔබම නේද? තෘෂ්ණාව නැතිකිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළයුත්තේත් ඔබම නේද? එහෙමනම් පිංවතුනි, චතුරාර්ය සත්‍යයේ මේ ආර්ය සත්‍යයන් හතරම ඔබ තුළින්ම නේද අවබෝධ කරගත යුත්තේ. මේ භව නිරෝධය සාක්‌ෂාත්කොට දෙන චතුරාර්ය සත්‍යය ධර්මයන් සියල්ලම ඔබ තුළිsන්ම නේද දැකිය යුත්තේ? දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ දෙන දෙයක්‌ නොවේ නේද? මෛත්‍රි බෝධිසත්වයන් දෙන දෙයක්‌ නොවේ නේද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයම ජීවිතයට සතියෙන් සිහියෙන් යුතුව එකතුකර ගතහොත් ඔබ ධර්මයේ කොටස්‌කරුවෙක්‌ වෙනවා නේද? බලන්න ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල උතුම් ධර්මය මොනතරම් සරලභාවයට පත්කර, තමා තුලින්ම ධර්මය දැකීමට ධර්මය අවබෝධකර ගැනීමට හැකි ආකාරයට දේශනාකොට තිබෙනවාද. ගිහි පිංවතුන්ට තමා තුළින්ම ධර්මය අවබෝධකර ගැනීමට. ඒ කියන්නෙ සතර අපායෙන් මිදීමට අවශ්‍ය කාරණා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබියදී පිංවත් ඔබ මොනතරම් නම් තැන් තැන්වල රස්‌තියාදු වෙනවාද? ධර්මයේ වරද නොවේ, ධර්මය ගලපා ගැනීමේ වරදයි. සිඳිය යුතු සක්‌කාය දිට්‌ඨිය වැඩෙනවා නම්, එතැන වැඩෙන්නේ අධර්මයයි. දුක දැකීමෙන්, දුක හඳුනා ගැනීමෙන්, සැප සෙවීම නොවේ, ඔබ කළ යුත්තේ. දුක, සැප දෙකම අනිත්‍යභාවයට පත්වන ධර්මතාවයන් බව අවබෝධ කරගැනීමයි.

    චන්දරාගයෙන් මගේ කරගත් රූපයන් නිසා මහමෙරක්‌ වන් දුකක්‌ ජීවිතය තුළින් දරාගෙන සිටින පිංවත් ඔබ එම බරෙන් නිදහස්‌වීමට පිංවත් ඔබ තුළින්ම ඇති කරගත යුත්තේ එකම එක කාරණයකි. ඒ රූපයන් කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදීම පමණක්‌මය. මේ උතුම් ධර්මය පිංවත් ඔබ ජීවත්වන පිංබිමේ නිරතුරුවම මහා සංඝරත්නය වෙතින් ඔබට ඇසේ.

    ඉන්ද්‍රජිත් සුබසිංහ

    මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!
    මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!!

    godak pin saho
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෙල්ලගෙන් වෙන් උන පලියට...
    ඒකි වෙන එකෙක්ව කසාද බඳිනව කියල දැන ගත්ත පලියට...
    බෝතලයක් අතට අරගෙන උඹ තනියම විනාස වෙනවට වැඩිය...
    පෑනක් අතට අරගෙන මෙහම නිර්මාණයක් එලියට දැම්ම එකෙන්
    උඹට ලොකු නිදහසක් දැනෙනව ඇති...
    කෙල්ලගෙන පලි ගන්න දඟලන එවුන් අතරේ උඹ ගොඩක් වැදගත් මහත්තයෙක්....
    උඹේ දුක මේ විදිහට එළියට දැම්ම එකෙන් අපි හැමෝම අතරේ ඒක බෙදිල යනව මචං....
    ඇත්තටම දුක හිතුන නිසයි මේ විදිහට ටයිප් කළේ...:(
    ++4

    thank you machng
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සංවේදී අත්දැකීමක්...තමන්ට ආදරය කරන තව කෙනක් ජීවිතේට ලං වෙලා, දරු මල්ලෝ ඉන්න දවසක උනත් ඔය අද දැනෙන වේදනාව එදාටත් හිත කොනක දැනේවි. ඒකයි කටුක යථාර්තය මල්ලි. නමුත් ගිය කෙනා ආයිමත් එන්නේ නැහැ. ආවත් වැඩකුත් නැහැ.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සංවේදී අත්දැකීමක්...තමන්ට ආදරය කරන තව කෙනක් ජීවිතේට ලං වෙලා, දරු මල්ලෝ ඉන්න දවසක උනත් ඔය අද දැනෙන වේදනාව එදාටත් හිත කොනක දැනේවි. ඒකයි කටුක යථාර්තය මල්ලි. නමුත් ගිය කෙනා ආයිමත් එන්නේ නැහැ. ආවත් වැඩකුත් නැහැ.

    ඇත්ත අක්කේ...මටත් මේකමයි කියන්න හිතුනේ....:yes::yes: