බමුණා උනත් දුදනෙකු නම් බිම හෙලනු
සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා උනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා උනත් විරුවෙකු නම් ගරු කරනු
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
දැගොත් කුල නොදුටු උන් බණ පිලිපදිනු
වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු
වැදි බණ දෙසන සඟ ගන උව පිටු දකිනු
සිහසුන ඉන්නට රට දැය පවා නොදෙනු
පවා දෙන එඋන් මුනට කෙල ගසනු
කසයෙන් තලා හිස පළඳා කටු ඔටුනු
ජනය අබි මුවේ උන් නිරුවත් කරනු
රජෙකුගේ වුවත් වරදට කෑමොර ගසනු
මොරදෙන මුවේ ලන මීපැණි ඉවතලනු
නිවෙරදි කරනු බැරි රජ නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු............!!!!!!
ගායනය :- නන්දා මාලනී