සුභ නත්තලක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සුබ නත්තලක්‌

සාමයේ කුමරුගේ උපත උදාවෙයි. ලොව පුරා සිටින ක්‍රිස්‌තු භක්‌තිකයන් එකතු වී සාමයේ කුමරුගේ උපත සමරන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය පසෙක ලා, දයාබර වූ සිතිනි. සැමට සතුට - සොම්නස ප්‍රාර්ථනා කරමිනි.

ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ "අසල්වැසියාට ප්‍රේම කරන්නට" කියා දුන් පාඩමේ සැබෑම අරුත නත්තල් දිනයේදී ක්‍රියාත්මක වනු දක්‌නට ලැබෙයි. සැබැවින්ම එය සතුටක්‌ වන්නේ නැති - බැරි අයකුට යමක්‌ ලැබීම නිසයි. අහිංසක සිතක පුංචි සතුටක්‌ මතුවන නිසාවෙනුයි.

නත්තල් දිනය නිමාවත් සමඟ අසල්වැසි ප්‍රේමයට විවේකයක්‌ ලැබෙයි. සාමය, සතුට ප්‍රාර්ථනා කළ සිතට, වෛරයේ ගිනි දළු ඇතුළු වෙයි.

එය එසේ නොවී මෙදා නත්තලේදී සාමයේ කුමරු වෙනුවෙන් සැමදාටම පවතින ප්‍රේමයක්‌ අපේ සිත් තුළ ගොඩනඟා ගනිමු. ලස්‌සන සමාජයක්‌ ගොඩනැඟීම සඳහා එය ප්‍රබල පිටිවහලක්‌ බව තරයේ සිහි තබා ගනිමු.

සාමයේ රන් මාවත විවර කර ගැනීම අපේ නිවෙස තුළින් පළමුව සිදුවිය යුතුයි. මව - පියා සහ දරුවන්ගේ ආදරණීය බැඳීම තුළ ප්‍රේමය දළු ලා වැඩෙනු ඇත. සිත් පහන් වීමේදී සාමයේ කුමරු හැමදාටම අපට සුබ පතනු නො අනුමානය.

නිවසින් අරඹන සාමයේ පණිවුඩය පාසල, වැඩබිම දක්‌වා වූ සමාජ ගමනේදී ශක්‌තිමත්ව පවතින්නේ නිවස තුළින් ඒ සඳහා ලැබෙන පන්නරය නිසාවෙනි. සාමයේ පණිවුඩය ලබාදෙන මව කෙතරම් ශක්‌තිමත්ව සෙනෙහසින් එය ඉටු කළා දැයි කියන කාරණය මගිනි.

ඒ නිසා මෙදා නත්තලේදී අපේ දරුවන්ට සැබෑම වූ නත්තලේ අරුත වටහා දෙමු. ඒ අනුව කටයුතු කිරීමට මග පෙන්වා දෙමු.

ඒ තුළින් හෙට දින "ලස්‌සන ලොවක දිවි ගෙවන්නට අපේ දරුවන්ට" හැකියාව ලැබෙනු ඇත. ඉන් සමාජයම ලස්‌සන වෙනු ඇත.

ඔබ සැමට සුබ නත්තලක්‌ වේවා !

Jesus-christ_1_1195091351.jpg
 
Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth

SOURCE
http://www.navaliya.com/2010/12/20/editorial.html
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කිතු සමිඳුන් හා සැබෑ නත්තල

cristmas.jpg
මේ නත්තල් සමයයි. නත්තල් සමයේ ප්‍රීතියෙන් කෙළිදෙළෙන් ගත කිරීම ලොවපුරා කිතු බැතිමතුන්ගේ සාමාන්‍ය පිළිවෙත බවට පත්වී ඇත. අප ප්‍රීතියෙන් කෙළිදෙළෙන් ගතකළ යුතුය. ඒ ගැන ප්‍රශ්නයක්‌ නැත. එහෙත් එය පමණක්‌ ප්‍රමාණවත්ද? මේ ගැන හොඳින් සිතා බලන්න. සැබෑ නත්තල යනු කුමක්‌ද? සැබෑ ක්‍රිස්‌තියානිකාරයකු විය හැක්‌කේ කෙසේද? කැරොල් ගී ගැයීමෙන්, නත්තල් සැරසිලිවලින්, අලුත් ඇඳුම් පැළඳුම් වලින්, රසමසවුලෙන් යුත් බොඳුනෙන් නත්තල් සැමරීම සැබෑ නත්තල අමතක කිරීමකි.

ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල් කොට යහපතට ඇළුම් වෙයල්ලා. සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට සෙනහෙ වෙයල්ලා. ගෞරවයෙන් තමාට වඩා අනිත් අය උතුම්කොට සළකාපල්ලා, උත්සාහවන්තකමේදී මැළි නොවෙල්ලා. ආත්මයෙන් ජවලිතවෙයල්ලා. ස්‌වාමින් වහන්සේට සේවය කරපල්ලා. දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා. ශුද්ධවන්තයන්ගේ ඕනෑ එපාකම්වලදී උපකාර කරපල්ලා. ආගන්තුක සත්කාරයට ලැදිව සිටපල්ලා. නුඹලාට පීඩා කරන්නන්ට ආශීර්වාද කරපල්ලා. ශාපනොකොට ආශීර්වාදම කරපල්ලා, ප්‍රීතිවන්නන් සමග ප්‍රීති වෙයල්ලා. අඬන්නන් සමග අඬාපල්ලා. එකිනෙකා සමග එක්‌ සිත්වෙයල්ලා. නුඹලාම ඥණවන්තයෝ යෑයි නොසිතල්ලා. කාටවත් නපුරට නපුර නොකරල්ලා. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගනිල්ලා. සියලු මනුෂ්‍යයන් සමග සමාදානයෙන් සිටපල්ලා. ප්‍රේමවන්තයිනි, පළි නොගෙන උදහසට ඉඩහැරපල්ලා. නුඹේ සතුරාට බඩගිනිවූවොත් ඔහුට කන්ට දීපන්න. පිපාස වූවොත් ඔහුට බොන්ට දීපන්න. නපුරුකමෙන් පරාජය නොවී යහපත්කමින් නපුරුකම පරාජය කරපල්ලා."

(රෝම. 12.9-21)

කිතුසමිඳුන් හඳුන්වාදුන් මනුෂ්‍යත්වය හා මානව දයාව පෙරදැරි කරගත් නත්තලක්‌ සැමරිය හැක්‌කේ එවන් පුද්ගලයකුටය. දෙවියන්වහන්සේ සමග සිටින පුද්ගලයකුටය. සාමකාමී සහජීවනය, ප්‍රේමය දයාව කුළුගැන්වූ සමාජයක්‌ තුළ ආත්මාර්ථකාමී නොවූ, කුරිරු නොවූ, වංචාකාරී නොවූ සමාජයක්‌ තුළ සැබෑ නත්තලක්‌ සැමරිය හැක.

වරෙක කිතු සමිඳුන් වෙත පැමිණි තරුණයෙක්‌ සදාකාල ජීවනය ලබාගැනීම පිණිස තමා කළ යුත්තේ කිමෙක්‌ දැයි ප්‍රශ්න කළේය. එවිට "යේසුස්‌ වහන්සේ කියන සේක( මිනී නොමරව, කාමමිත්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්‍ෂි නොකීවය, තාගේ පියාටත් මවුටත් ගෞරව කරව. තමාගේ අසල් වැසියාට ප්‍රේම කරව".

(ශු. මතෙව්. 19.16-31)

"මේ සියල්ල රක්‍ෂා කළෙමි. තව මට අඩු කිමෙක්‌ද?"

"යේසුස්‌වහන්සේද( නුඹ සම්පූර්ණ වන්ට කැමැති නම් ගොස්‌ නුඹ, සන්තක දේ විකුණා දිළිඳුන්ට දීපන්න".

තරුණයා ඒ කීම අසා තමා බොහෝ සම්පත් ඇතිකෙනෙකු නිසා සොවින් යන්ට ගියේය.

එවිට යේසුස්‌ වහන්සේ ගෝලයන්ට කථාකොට "ධනවත්තයකුට ස්‌වර්ගයට ඇතුල් වීම අමාරුය. ධනවන්තයෙක්‌ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටු සිදුරකින් යන්ට පහසුයෑ" යි කී සේක.

ධනය සමග බොහෝ පාපකාරී ක්‍රියාවන් බැඳී පවතින නිසා මෙලෙස ධනවන්තයින්ට සුවර්ගරාජ්‍යයට ඇතුළුවීම අපහසුයෑයි යේසුස්‌වහන්සේ පවසන්නට ඇත. අද ලෝකයේ සිදුවන දේ ගැන සිත් යොමා බලන විට එය ඉතාමත් හොඳින් පැහැදිළි වේ. බොහෝ පාතාල කටයුතුවලට මූලික වන්නේ ධනයයි. අධර්මිෂ්ඨ ක්‍රියාවලට ඔවුන් පෙළඹෙන්නේ ධනය නිසාය.

මේ අදහසම තවත් තැනක යේසුස්‌වහන්සේ මෙසේ පවසා ඇත.

"පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා. මක්‌නිසාද විනාශයට යන දොරටුව විශාලය. පාරක්‌ පළල්ය. එයින් ඇතුල් වන්නෝ බොහෝය. මක්‌නිසාද ජීවනයට යන දොරටුව පටුය. පාර අවහිරය. ඒක සම්බන්ධවන්නේ ස්‌වල්ප දෙනෙකුටය" පටුමගින් යන්නෝ නත්තල් සැමරීමට සුදුසුකම් ලද්දොaය. සැබෑ කිතුණුවන් ඔවුන් බැවිනි.

අධර්මිෂ්ඨ මිනිසුන් සැබෑ කිතුණුවන් විය නොහැක. එනිසා ඔවුනට නත්තල් සැමරීමද කළ නොහැක.

"ස්‌වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට( "ස්‌වාමීනි, ස්‌වාමීනි" කියන සියල්ලෝම ස්‌වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. අධර්මිෂ්ඨකම් කරන්නනි. මා කෙරෙන් අහක්‌ව පලයල්ලා".

(ශු. මතෙව්. 7-21-23)

අධර්මිෂ්ටකම් කරන්නන්ට තමා සමීපයටවත් නොඑන ලෙස යේසුස්‌ වහන්සේ තරවටු කළසේක. ඔවුන් කිතුණුවන් නොවන බැවිනි. ඔවුනට නත්තල් සැමරීමට අයිතියක්‌ද නැත. සැබෑ කිතුනුවන්ට නත්තල් සැමරිය හැක. ප්‍රීතියෙන් කෙළිදෙලෙන් නත්තල සැමරිය හැක. එසේ වූ සැබෑ කිතුනුවන්ට සුබ නත්තලක්‌ වේවාෘ

විඡේරත්න දාහිගමුව
විශ්‍රාමික විදුහල්පති
වයඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය (හිටපු)