සුබ නත්තලක්
සාමයේ කුමරුගේ උපත උදාවෙයි. ලොව පුරා සිටින ක්‍රිස්තු භක්තිකයන් එකතු වී සාමයේ කුමරුගේ උපත සමරන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය පසෙක ලා, දයාබර වූ සිතිනි. සැමට සතුට - සොම්නස ප්‍රාර්ථනා කරමිනි.
ඡේසුස් ක්‍රිස්තුස් වහන්සේ "අසල්වැසියාට ප්‍රේම කරන්නට" කියා දුන් පාඩමේ සැබෑම අරුත නත්තල් දිනයේදී ක්‍රියාත්මක වනු දක්නට ලැබෙයි. සැබැවින්ම එය සතුටක් වන්නේ නැති - බැරි අයකුට යමක් ලැබීම නිසයි. අහිංසක සිතක පුංචි සතුටක් මතුවන නිසාවෙනුයි.
නත්තල් දිනය නිමාවත් සමඟ අසල්වැසි ප්‍රේමයට විවේකයක් ලැබෙයි. සාමය, සතුට ප්‍රාර්ථනා කළ සිතට, වෛරයේ ගිනි දළු ඇතුළු වෙයි.
එය එසේ නොවී මෙදා නත්තලේදී සාමයේ කුමරු වෙනුවෙන් සැමදාටම පවතින ප්‍රේමයක් අපේ සිත් තුළ ගොඩනඟා ගනිමු. ලස්සන සමාජයක් ගොඩනැඟීම සඳහා එය ප්‍රබල පිටිවහලක් බව තරයේ සිහි තබා ගනිමු.
සාමයේ රන් මාවත විවර කර ගැනීම අපේ නිවෙස තුළින් පළමුව සිදුවිය යුතුයි. මව - පියා සහ දරුවන්ගේ ආදරණීය බැඳීම තුළ ප්‍රේමය දළු ලා වැඩෙනු ඇත. සිත් පහන් වීමේදී සාමයේ කුමරු හැමදාටම අපට සුබ පතනු නො අනුමානය.
නිවසින් අරඹන සාමයේ පණිවුඩය පාසල, වැඩබිම දක්වා වූ සමාජ ගමනේදී ශක්තිමත්ව පවතින්නේ නිවස තුළින් ඒ සඳහා ලැබෙන පන්නරය නිසාවෙනි. සාමයේ පණිවුඩය ලබාදෙන මව කෙතරම් ශක්තිමත්ව සෙනෙහසින් එය ඉටු කළා දැයි කියන කාරණය මගිනි.
ඒ නිසා මෙදා නත්තලේදී අපේ දරුවන්ට සැබෑම වූ නත්තලේ අරුත වටහා දෙමු. ඒ අනුව කටයුතු කිරීමට මග පෙන්වා දෙමු.
ඒ තුළින් හෙට දින "ලස්සන ලොවක දිවි ගෙවන්නට අපේ දරුවන්ට" හැකියාව ලැබෙනු ඇත. ඉන් සමාජයම ලස්සන වෙනු ඇත.
ඔබ සැමට සුබ නත්තලක් වේවා !