මම කේන්දර බලන එක නැවැත්තුවොත් මේ රටේ මිනිස්සු බර ගානක් දිවි නහගනී
මගේ එක ව්‍යාපාරිකයෙක් ඉන්නවා හෙට අනිද්දා චොපර් එකකුත් ගන්න යනවා
මංජුල පීරිස් මහත්තය නිසා ලක්ෂ 20ක් 25ක් රස්තියාදු වුනා. මගේ වැඩෙන් කවුරුවත් රස්තියාදු වුනෙත් නෑ
දයාසිරි ජයසේකර විසින් වාර්තාගත මනාප සංඛ්‍යාවක් ගැනීමත් සමඟ ජනාධිපතිවරයාගේ නිල ජ්‍යෝතිෂ්‍යවේදියා වන සුමනදාස අබේගුණවර්ධන විසින් පැවසූ අනාවැකියක් වැරදීයාම මේ දිනවල බොහෝදෙනා අතර කතාබහට ලක්වී තිබෙනවා.
ඒ පිළිබඳව දැනගැනීමට තිස්තුන්දාහේ අප කෙලින්ම රාජකීය දෛවඥයාට කතා කලා. මේ ඒ පිළිබඳව ඔහු සමඟ ඇතිවූ සංවාදයයි.
ඔබතුමා විසින් ජොහාන් ප්‍රනාන්දු වයඹ පලාතේ අංක එකට එන බවට පැවසූ අනාවැකිය වැරදිලා තියනවා. ඒ ගැන ඔබතුමා පවසන්නේ මොන වගේ අදහසක්ද?
ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමා කියන්නේ මගේ ලඟාම හිතවතෙක්. අපේ පවුලේ මිතුරෙක්. ඒ පවුලම අපිත් එක්ක දශක කිහිපයක් කටයුතු කරනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතා පළමු වරට මැතිවරණයකට ඉදිරිපත්වෙන වෙලාවේ මට ආරාධනා කලා පවුලේ හිතවතෙක් විදිහට අගෝස්තු මාසේ දරුවට සුබ පතන්න එහේ එන්න කියලා.
අගෝස්තු පලවෙනිදා නාමයෝජනා දිනයේ සුබපතන්න මම එහේ ගියා. ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන වෙලාවේ මම ඒ දරුවට කිව්වා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන්න ඕනේ, අංක 01 ටම එන්න වසනාව ලැබෙන්න ඕනේ කියලා.
ඒ අගෝස්තු පල වෙනිදා. ඊට පස්සේ මෙ මැතිවරණ සතියට ආසන්නව ඒ කියන්නේ සැප්තැම්බර් 13 ඉඳන් 20 දක්වා කාලය තුළ මම මේ රටේ ප්‍රධානතම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය 7ක් එක්ක සාකච්ජා පැවැත්වුවා.
මම ඒ එකක වත් කියලා නෑ ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ පුතා අංක 01ට එනවා කියලා. මම කොහේවත් කියලා නෑ දයාසිරි මහත්මයට එන්න බැරිවෙයි කියලා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ කතෝලික මහත්තුරු. ඒ අය ලඟ කේන්දර නෑ. මම අනාවැකි කියනව නම් කියන්න ඕනේ මේ රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන එක්ක. මම ඒ එකකින් වත් අනාවැකි කියලා නෑ.
එහෙම කියනවා නම් ඒකට මෝඩ දෙකේ තුනේ පන්තියේ ළමයෙක් වෙන්න ඕනේ. මොකද දයාසිරි ජයසේකර කියන්නේ පාර්ලිමේන්තුවේ හිටපු ජනප්‍රියතම මංත්‍රීවරයා, විපක්ෂයේ රනිල් වික්‍රමසිංහටත් වඩා ජනප්‍රිය මංත්‍රීවරයා. ඒ වගේම 2010 අප්‍රේල් 08 වෙනිදා කුරුණෑගල පලාතේ වැඩිම ජන්ද ප්‍රතිශතයක් අරගන ජනප්‍රිය වෙච්ච මංත්‍රීවරයා.
මීට මාස 6-7කට කලිනුත් රාවයක් ගියා දයාසිරි ජයසේකර ඇවිල්ලා කේන්දරේ බලවගන ගියා කියලා පක්ෂ මාරුවක් කරන්න, එහෙම දෙයක් වුනාද?
දයාසිරි ජයසේකර අපේ වාසනාවන්ත අනාගත මහ ඇමතිතුමා නෙවෙයි කෙන්දරේ බලවගන්න ආවේ. එතුමාටත් වඩා එක්සත් ජාතික පක්ෂය්ට හිතවත් පිරිසක් තමයි ආවේ. මම කිව්වේ බත් කන කෙනෙක් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ කියලා. මේක ඒ ආව ගොල්ලෝ හරවලා වෙන්න ඕනේ මට පේන හැටියට. අපි පුද්ගලිකව කියන දේවල් අනාවැකි විදිහට එලියට යනවා. මම ජොන්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ ගෙදර ගිහින් අනාවැකි කිව්වේ නෑ. කරලියේ පෙරළිය කියන එකේ ගිය කතාවක් තමයි ඕක. මමත් ඕක දැක්කා.
හඳහන් බැලීම නවත්තනවා කියලා කතාවක් කිව්වද?
නෑ..නෑ..කොහේවත් මම එහෙම කිව්වේ නෑ. මට නවත්තන්න බෑ මම මේ ලෝකෙත් එක්ක ඉන්න කෙනෙක්. මම නැවැත්තුවොත් මේ රටේ මිනිස්සු බර ගානක් දිවි නහගනී. මොකද මගෙන් ජීවත් වෙන, මම මේ රටේ ප්‍රධාන ආයතන ගණනාවක උපදේශක වරයෙක්.
මේ රටේ පුංචි ව්‍යාපාර කරපු අය මම කෝටි ප්‍රකෝටි ව්‍යාපාරිකයෝ කරලා තියනවා. මගේ එක ව්‍යාපාරිකයෙක් ඉන්නවා හෙට අනිද්දා චොපර් එකකුත් ගන්න යනවා. ඒ ගොල්ලෝ දශක දෙකක් තුනක් එක්ක මාත් එක්කම හිටපු කට්ටිය. මම මේක නැවැත්තුවා කිව්වොත් මේ රටේ ගණනාවක් දිවි නහගන්නවා. මොකද මගේ අත් ගුණය, මගේ කට ගුණය බොහෝම ඉහලින් වැඩ කරනවා.
ජොන්ටන් මහත්තයාගේ කට්ටිය කතෝලික අය, එයාලට කේන්දර නෑ. දේහ ලක්ෂණ බලලා තමා අපි දෙයක් කියන්න ඕනේ. ඒ අය අපේ ලඟම හිතවත්තු. මාසෙකට දෙකකට සැරයක් අපි එකට හම්බ වෙන අය.
ඔබතුමා සෙනෙහසට පවසපු මේ දෙය ජෙහාන්ගේ පිරිස විසින් අනාවැකියක් විදිහට කිව්වා වෙන්න බැරිද ජන්ද ලබාගැනීම සඳහා?
ජ්‍යෝතිෂ අනාවැකියකින් පාවෙන ජන්ද වලින් 25%ක් විතර වෙනසක් ඇති කරන්න පුලුවන් එයා දක්ශම ජ්‍යෝතිෂවේදියෙක් නම්, ඒත් ප්‍රධාන ජන්ද වලට බලපෑමක් කරන්න බෑ ජ්යෝතිෂවේදියෙකුට.
රටේ රාජකීය දෛවඥයා අවුරුදු 198කට පස්සේ මෙහෙම කියනවා හොඳට දැනගන්න. 1815න් පස්සේ බිහිවෙච්ච රාජකීය දෛවඥයා විදිහටයි මම මේ කියන්නේ ජ්‍යෝතිෂ අනාවැකි වලින් ජන්ද වෙනස් කරන්න බෑ. පාවෙන ජන්ද තියනවා 20%ක් විතර. එයා දක්ෂම ජ්‍යෝතිෂවේදියෙක් නම් ඒ 25% වෙනස් කරන්න පුළුවන්.
ඔබතුමා කියපු ආකාරයට සෙනෙහසත් එක්ක ඔහු පළමු තැනට එනවා කියලා දෙයක් ඔබතුමා ඒ වෙලාවේ කියන්න ඇති. ඔබතුමා කියනවා "ඒ වෙලාවෙ එහෙම දෙයක් කියවෙන්න ඇති" කියලා. එහෙම දෙයක්ද වුනේ?
කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදයෙන් වෙළුනට පස්සේ උන් දෙන්නා මොනවා කියවනවද කියලා උන් දෙන්නවත් දන්නේ නෑ. මොකද මේ දරුවා මම වඩන් හිටපු දරුවෙක්.
ඔව්. ඒක තමා ඒ සෙනෙහස නිසා ඔබතුමාට මෙහෙම කතාවක් කියවුනා වෙන්න බැරිද?
එය පළවෙනි තැනට එන්න ඕනේ කියලා කතාවක් කියවෙන්න ඇති.
පළවෙනි තැනට එන්න ඕනේ කියලා කතාවක් කියලා තියනවා ඔබ එතකොට?
මගේ සුබ පැතුමක් තමා මම කළේ. ඔව්! ඔව්! සුබපැතුමක් තමයි කළේ.
පලවෙනි තැනට එනවා කියලා ජෙහාන්ටත් විශ්වාසයක් ඇතිකරන්න ඔබතුමා කියන්න ඇති. ඒක තමයි මේ එලියට ආවේ.
එහෙම වෙන්නත් ඇති. නිකන් ම පළවෙනිතැනට එන්න කියන්නේ නැහැනේ. අපි මේ වෘත්තීය තුල ඉන්න අය හැටියට අපි කියන්නේ තුණුරුවන්ගේ සරණින් තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඔබතුමාට පලවෙනිතැනටම එන්න වාසනාව ලැබේවා කියලා. ඕකේ ඉතින් ඉස්පිලි පාපිලි හොයනවා නම් මේ රටේ කොච්චර දේවල් හොයන්න තියනවද? මගේ ඉස්පිල්ලක් පාපිල්ලක් අල්ලගන දඟලන්න හදන්නේ? මොකක්ද ඔය දැඟලිල්ලේ ඇති වැඩේ?
මම එදා ගාල්ලේ ඉඳන් අතින් පෙට්‍රල් ගහගන ජොන්ස්ටන් ඇමතිතුමාගේ පුතා බලන්න ගියා. ඒ විතරක් නෙවෙයි ජන්දේ දවසෙත් මම ගියා. මම ඒ වගේ පුද්ගලයෙක්. හිතට ඇල්ලුවොත් ලෝකේ කොහේ හිටියත් යනවා. අවුරුද්දකට තුන් හතර වතාවක් පිටරට වෙඩින් වලට යන පුද්ගලයෙක් මම.
දයාසිරි ජයසේකර මැතිතුමාටත් මම කියපු දේ ප්‍රශ්නයක් වෙලා මාධ්‍ය සාකච්චාවක් පවත්වලා කිව්වා. මට ඒ බව කිව්වේ ඇමතිවරයෙක්, ගුවන්විදුලි නාලිකාවක මාධ්‍යවේදියෝ වගයකුත් කිව්ව. නමුත් මම ඒ වෙලේ ඒකට උත්තර දෙන්න ගියේ නැත්තේ දයාසිරි ජයසේකරට අවාසියක් වෙයි කියලා. මමත් දක්ශ කථිකයෙක්. මම සාධාරණය ගැන කිරලා මැනලා කටයුතු කරන කෙනෙක්. දයාසිරි ජයසේකර මට ගහන වෙලාවේදී මම එතුමාට ගැහුවේ නෑ.
මම විශාල මුදලක් වියදම් කරලා ඩුබායි වල ජ්‍යෝතිෂ කාර්යාලයක් අරින්න යනවා. ජ්‍යෝතිෂය ජාත්‍යන්තරයට ගෙනියන්න.
එක්තරා පිරිසක් මේක ඇදීමකුත් කරනවා. පහුගිය දවස් වල මංජුල පීරිස් මහත්තය කිව්වා. අනිවාර්යෙන්ම එතුමා කිව්වා දකින්න හම්බ වෙනවා කියලා. කෝ ආවැයි? මේ රටේ ලක්ෂ 25ක් අමාරුවේ වැටුණා බස් වලින් ගිහිල්ලා. ලංකාව පුරාම බැලුවහම ලක්ෂ 20ක් 25ක් රස්තියාදු වුනා. මගේ වැඩෙන් කවුරුවත් රස්තියාදු වුනෙත් නෑ.
මගේ වැඩෙන් මම ජොහාන් ප්‍රනාන්දුට ගැම්මක් දෙනකොට, මට තිබුනා දයාසිරි ජයසේකර මැතිතුමාගේ ජන්ද ප්‍රතිශතයට බාධාවක් කරන්න. මම එහෙම කලේ නෑ, මම මහත්තයෙක් විදිහට වැඩ කලා.
Last edited: