සුර්යග්‍රහණය 2019

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    +5.30 ක් දාල ගන්න ඕනේ මම හිතන්නේ. උදේ වරුවෙනේ වෙනවය කියන්සෙනේ

    ඔව් නේ..යාපනෙයි කොලඹයි අතරෙ වෙලාවල් වෙනස් වෙන්නෙ විනාඩියක් විතර..අපිට ඒ වෙලාවල්ම තප්පර 30කින් විතර වෙනස් වෙනව ඇති.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ආචාර්ය චන්දන ජයරත්න මහතා කිව්වා... සේයා පටල වලින්, දැලි ගානලද වීදුරු වලින් මේ සූර්‍යග්‍රහනය බලන්න යන්න එපා... කියලා. අවශ්‍ය අයට විශේෂිත කණ්ණාඩි නොමිලේ ලබාදෙන්නම් කිව්වා.. පැය තුනකට ආසන්න කාලයක් දර්ශනය වෙනවලු...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආචාර්ය චන්දන ජයරත්න මහතා කිව්වා... සේයා පටල වලින්, දැලි ගානලද වීදුරු වලින් මේ සූර්‍යග්‍රහනය බලන්න යන්න එපා... කියලා. අවශ්‍ය අයට විශේෂිත කණ්ණාඩි නොමිලේ ලබාදෙන්නම් කිව්වා.. පැය තුනකට ආසන්න කාලයක් දර්ශනය වෙනවලු...

    මොනවද පාවිච්චි කරන්න පුලුවන් සරලව හොයාගන්න තියෙන දේවල්
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපිට ඒ වෙලාවට ඉර පේන්නෙ ගිනිකොණ පැත්තෙන් වගේ...
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    තව විනාඩි තුනකින් ඉර වැහෙන්ඩ පටන් ගන්නව
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අන්න වැඩේ පටන්ගත්ත. බලන්න welding glass, eclipse glass නැත්නම් X-Ray කොළ දෙකක් එකක් උඩ එකක් තියල බලන්න පුළුවන්. මාත් එහෙම තමයි බලන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මද අඳුරේ "වදකහ" බිව් 1955 සූර්යග්‍රහණය...


    සූර්යග්‍රහණයක් යනු සුපුරුදු දහවලේ හිරු සහ පෘථිවිය අතර චන්ද්‍රයා පැමිණිමෙන් ඇතිවන තාවකාලික ග්‍රහ තත්වයකි. වසර කිහිපයකට වරක් මෙවැනි සූර්යග්‍රහණ සිදුවන නමුදු ඒ සෑම සූර්යග්‍රහණයක්ම ලෝකයේ සියලු රටවලට එකවර නොපෙනේ.

    ‍අද (2019/12/26) අපේ රටේ උතුරු කෙළවරට පෙනෙන පූර්ණ සූර්යග්‍රහණය දකුණට පෙනෙන්නට නියමිතව ඇත්තේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසය. වසර හැටපහකට පෙර 1955 ජූනි 20 වැනි අමාවක පෙහෝදිනයේ ලංකාවේ සමහර ප්‍රදේශ වලට පෙනෙන්නට නියමිතව තිබූ සූර්යග්‍රහණයද සතියකට දෙකකට පෙර සිටම රටේ කතිකාවතක් ඇතිවූ සුවිශේෂ සිද්ධියක් විය.

    එදින උදේ 8.11 ඇරඹෙන මේ අපූරු සිදුවීම දැකබලා ගැනීමට ලංකාවට පැමිණි අවසර ලත් විදෙස් රටවල ග්‍රහවිද්‍යාඥයන් පොලොන්නරුව, කදුරුවෙල, හිඟුරක්ගොඩ, සිගිරිය, ත්‍රිකුණාමලයෙහි කඳවුරු බැඳගෙන ඒ මොහොත එළැඹෙන තුරු බලා සිටියේය.

    සූර්යග්‍රහණය බැලීමට වෛද්‍යවරුන් එදා අනුමත කළ කණ්ණාඩි විශාලවශයෙන් විකිණිනි. රට පුරා විහාරස්ථානවල ඒ මොහොතේ සෙත්පිරිත් සූදානම්කර තිබුණි. සමහරු මන්ත්‍ර ජපකරන ලදී.

    ආයුර්වේදයේ ලේ පිරිසිදු වීමට ගලගා ගන්නා වදකහ යනු පමණ දැන භාවිතා කළහොත් අනර්ථකාරී නොවන ඖෂධයකි. මේ ඖෂධය නිසි පමණට ගෙන යම් යම් අනුපාන සමඟ සූර්යග්‍රහණය සිදුවන මොහොතේ පානය කිරීමෙන් යම් යම් අවශ්‍යතා ඉටු කරගත හැකි බවට, එකළ ජනප්‍රිය පුවත්පතක් වූ ලංකාදීපය හරහා කිසියම් ආයුර්වේද වෛද්‍යවරයෙකු අදහස් පළ කර තිබිණි. පුවත්පත කියවූ අතලොස්සෙන් බහුතර අසන්නන් අතරට මේ පුවත පැතිර ගොස් තිබුණේ අනුපානයන් සහ ප්‍රමාණයන් මඟහැරීමෙන් අනතුරුවය. මේ නිසා සිංහල බෙහෙත් කඩවල වදකහ හිඟයක් මතුවූ අතර අවසාන මොහොතේ වදකහ "කළුකඩ" වෙළඳාමක් පවා වූ බව සඳහන්ය.

    අවසාන වශයෙන් 1955 ජූනි 19 දින ඉරිදා ලංකාදීප මුල්පිටුවේ මුල් පිටුවේම "වෙලාවට බෙහෙත්" යනුවෙන් මේ පුවත පළවී තිබූ අතර වදකහ සියුම්ව අඹරා ඒ සඳහා විවිධ අනුපාතවලින් පානය කළහොත් ශරීරයේ විවිධ ආබාධ දුරුවී අපේක්ෂා ඉටු කරගත හැකි බව සඳහන්ව තිබුණි.
    තැඹිලි වතුරින් බීවිට බුද්ධිය වර්ධනය වන බවත් කොත්තමල්ලි වතුරින් බී විට රූපශෝභාව වැඩිවන බවත් ආදී ලෙසින් මාත්‍රා පහකින් වදකහ බීමට නිර්දේශ කර තිබුණි. වතුර බේසමකට නිල් දියකර සූර්යග්‍රහණය බැලීමට නියමකර තිබුණි. නැතහොත් කළු කණ්ණාඩියකින් හෝ කළු සෙලෝටේප් පටියකින් බැලීමට නියමකර තිබුණි. කෙලින්ම සූර්යග්‍රහණය පියවි ඇසින් බැලුවහොත් ඇස් අන්ධ වන බව එදා පුවත්පත්වල සඳහන්කර තිබුණි. හැම වෙද නිවසකම වදකහ බෙහෙත නියමිත මාත්‍රාවලින් සකස්කර ජනයාට ලබාදුනි. විවිධ පුද්ගලයන් බෙහෙත් බඩු කඩෙන් ගත් වදකහ තමන්ට සිතගි මාත්‍රාවලින් සාදාගත්තේය.

    බොහෝ පිරිස් විවිධ මාත්‍රාවලින් සෑදූ වදකහ බොන්නට ගත්හ. සමහරු විශාල ප්‍රමාණයෙන් වැරදි මාත්‍රාවෙන් බොන්න විය.

    වද කහ බිව් බොහෝ දෙනාට වමනය හා බඩඑළිය යෑම ආදී රෝග මතුවිය. රටපුරා එකවර වැඩිම පිරිසක් රෝහල්වලට ඇතුළුවූ ඉතිහාසයේ පළමු දවස මෙය විය. රූපශෝභාව වැඩිවීමටත් බුද්ධිය වැඩිවීමටත් මෙසේ බොහෝ පිරිස් නියමිත මාත්‍රාව ඉක්මවා වදකහ බී තිබුණි.

    පසුදින පුවත්පත් වාර්තා වලට අනුව සූර්යග්‍රහණය බැලීමට ගොස් දෙදෙනකු මැරී වැටුණි. දෙදෙනකුගේ ඇස් අන්ධවිය. අපහසුතාවයට පත් ලංකාදීපයේ මුල් පිටුවේ "වමනයට බෙහෙත්" යනුවෙන් බෙහෙත් වට්ටෝරු පළවද්දී සතුටින් ඉපිළ යමින් තම තරඟකාරී පුවත්පත විවේචනය කරන්නට "දිනමිණ" කටයුතු කොට තිබිණි. ඒ "දස දහස් ගණන් රෝහල්වල - වට්ටෝරුව ඉරිදා ලංකාදීපයෙන්" යන සිරස්තලයෙනි.

    ‍කෝපි කාලයේ මෙන් සූර්යග්‍රහණය දා "වදකහ" බොන්නට තරම් අද දවසේ පරම්පරාව මෝඩ නොවෙතයි ඔබ මම සිතන්නේ නම් එය මුලාවකි. "වදකහ" වලටත් වඩා බොහෝ අගුණ දෑ මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පා අපට විකුණා පොහොසත් වන්නට අද මාධ්‍ය වලට "සූර්යග්‍රහණ" අවශ්‍ය නැත.

    වදකහ පානය ගැන දා වොලී බැස්ටියන් කී බයිලාව මෙතැනින් https://www.youtube.com/watch?v=0OYnHY4aQsA... එදා පුවත්පත් සූර්ය ග්‍රහණය වාර්තා කළ සැටි පහත ඡායාරූප වලින් (ඡායාරූප - පොතක තිබුණා මෙසේ පිටුවෙන්)

    උපුටා ගැනීම Genius club fb group


    T5KEgv0_d.jpg


    PHbPRwc_d.jpg



    TwmkqTr_d.jpg