සුව නින්දකට මඟ...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුව නින්දකට මඟ...

    9-1.jpg



    හරි හැටි සුව නින්දක් අපේක්‍ෂා කරන අය හට මේ ලිපිය මහත් උපකාරයක් වනු ඇත.

    එච්. ඩබ්ලිව්. සමරසිංහ

    බුදු රජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වන අප විසින් හැකි සෑම කරුණකදීම උන් වහන්සේගේ ධර්මයට අනුව ම කටයුතු කිරීමට උත්සාහවත් විය යුතු ය. අපි ඇඳුම් පැලඳුම් අඳින පලඳින විටදී, ආහාර ගන්නා විටදී, සමාජයේ හැසිරෙන විටදී යන මේ සෑම අවස්ථාවක ම ඒ උතුම් බුද්ධ වචනයට අනුව ම කටයුතු කිරීමට උත්සාහවත් විය යුතු ය.

    ඒ මගින් අපේ ජීවිත දියුණුවක් කරා ම ගමන් කරනවා මිස, පිරිහීමක් නම් ඇති නො වේ. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක. අපි පටු මානසික සීමාවක ජීවත් වන්නෝ වෙමු. ළිඳක සිටින මැඩියන් වන් අපට වටපිට ලොව සියල්ල ඇති සැටියෙන් නොපෙනේ.

    එබැවින් ළිං කටින් ගොඩ පැමිණි තථාගතයන් වහන්සේගේ කාරුණික ඇරියුම අප පිළිගත යුතු ය. තථාගතයන් වහන්සේගේ වචනයට හා බෞද්ධ සම්ප්‍රදායට අනුව නිදාගන්නේ කෙසේ දැ යි විමසා බලමු. ඒ මඟින් සුව නින්දක් ලැබීමට ද ජීවිතය තව තවත් ඉදිරියට දියුණු කරගැනීමට ද අදිටන් කරගනිමු.

    තථාගතයන් වහන්සේ නිවන් මඟ හික්මෙන භික්‍ෂූන්ට වදාළේ රාත්‍රි මධ්‍යම යාමයේ සැතපෙන ලෙස ය. එනම් රාත්‍රියේ ප.ව. 10.00ත් පෙ.ව. 2.00ත් අතර කාලයේ ය. මේ පැය හතරක කාලය නින්දට බෙහෙවින් ම යෝග්‍ය වේ. අතීතයේ බුද්ධ ශ්‍රාවකයන් නීරෝගි සුව විඳිමින් බොහෝ කල් ජීවත් වන්නට මේ කාලය තුළ නිදාගැනීම ද හේතු විය.

    අලස ව නිතර ම නිඳන තැනැත්තාගේ ජීවිතය බාගෙට මිය ගිය ජීවිතයකි. ඔහුගේ ජීවිතයේ ආයුෂ නීරෝගිකම ගැන පවසන්නට ඇත්තේ ද ඒ කථාව ම ය. එබැවින් අප ද ප.ව. 10.00ත් පෙ.ව. 2.00ත් අතර කාලය තුළ ම නිදාගැනීමට හා අවශ්‍ය ම නම් පමණක් මේ කාලයට තවත් සුළු කාලසීමාවක් එක් කරගැනීමට අදිටන් කරගත යුතු වේ.

    බුදු රජාණන් වහන්සේ සැතපී ඇත්තේ රාත්‍රි පශ්චිම යාමයේ පෙ.ව. 3.20 සිට පෙ.ව. 4.40 දක්වා වූ කාල සීමාවේදී ය. උන් වහන්සේ තුළ වූ අසීමිත ශක්තිය නිසා ඒ කාලය උන් වහන්සේට ප්‍රමාණවත් විය.

    තව ද සුව නින්දකට නම් සිංහශ්‍යොවෙන් නිදාගැනීම වැදගත් වේ. සිංහයකු මෙන් නිඳන තැනැත්තා සිහිය ඇතිව නැඟිටින වේලාව සිහිකොටගෙන දකුණු ඇළයෙන් නිදාගත යුතුය. නින්දෙන් අවදි වූ විගස නැඟිටිය යුතු වේ. නිඳි මතින්, අලස බවින් ඇඳේ ඒ මේ අත පෙරළෙමින් තවත් වේලාවක් නින්දට කැප නොකළ යුතු ය.

    ඉතා හොඳ සිහියෙන් යුතුව අවදි වන වේලාව සිහියේ තබාගෙන නිඳාගන්නා තැනැත්තාට නාද වන ඔර්ලෝසු අවශ්‍ය නො වේ. අපේ නිවෙස්වල අම්මලා අලුයම අවදි වන්නේ නාද වන ඔර්ලෝසු හඬට නො වේ. අතීතයේ නම් කුකුළා හඬලන විට ය. මනා සිහි ඇත්තාට නිවැරැදි ව ම තමන් අධිෂ්ඨාන කරගත් වේලාවට ම හෝ ඊට විනාඩි පහක් පමණ එහා මෙහා වීමට පෙර අවදි විය හැකි වේ.

    තව ද සුව නින්දක් ලබනු රිසි තැනැත්තා විසින් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළ යුතු ය. දියුණු වූ මෛත්‍රී සිත් ඇති තැනැත්තාට සුව සේ නිදාගත හැකි ය; සුව සේ අවදි විය හැකි ය. ඒ තැනැත්තා නපුරු, පාපකාරී සිහින නො දකියි. සිහිනෙන් බිය වීම හා සිහිනෙන් දෙඩවීම ඇතැමුන් තුළ පවතින්නකි. ඒ අය මෛත්‍රිය මැනැවින් ම පුරුදු පුහුණු කරගත යුතු ය.

    සුව සේ නිදා සුව සේ පිබිදීමට අපි බුදු ගුණ මෙනෙහි කරමින් බුද්ධානුස්සතිය ද, දහම් ගුණ මෙනෙහි කරමින් ධම්මානුස්සතිය ද, සඟ ගුණ මෙනෙහි කරමින් සංඝානුස්සතිය ද ශරීරය පිළිබඳ පිළිකුල් භාවනාව වැනි කායගතා සතිය ද, කරුණා භාවනාව ද, මෛත්‍රී භාවනාව ද පුරුදු කරගනිමු. මේ භාවනා සිහිය ඇති ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැම කල්හි සුප්‍රබුද්ධ ව අවදි වෙති.


    අසිහියෙන්, නොමනා ලෙස නිඳන නින්දට වඩා සිහියෙන් යුතු ව මැනැවින් නිඳන නින්ද ශරීරයට හොඳ විවේකයකි. එය නීරෝගි සුවයට ද, දීර්ඝායුෂ පිණිස ද හේතු වේ. ද

    (ගණකමොග්ගල්ලාන සූත්‍රය, සීලක්ඛන්ධවග්ග අටුවාව, මෙත්තානිසංස සූත්‍රය, ධම්මපදයේ පකිණ්ණක වර්ගය ඇසුරු කැරිණි)
     
    • Like
    Reactions: kellsupun

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ****ඉතා හොඳ සිහියෙන් යුතුව අවදි වන වේලාව සිහියේ තබාගෙන නිඳාගන්නා තැනැත්තාට නාද වන ඔර්ලෝසු අවශ්‍ය නො වේ. අපේ නිවෙස්වල අම්මලා අලුයම අවදි වන්නේ නාද වන ඔර්ලෝසු හඬට නො වේ. අතීතයේ නම් කුකුළා හඬලන විට ය. මනා සිහි ඇත්තාට නිවැරැදි ව ම තමන් අධිෂ්ඨාන කරගත් වේලාවට ම හෝ ඊට විනාඩි පහක් පමණ එහා මෙහා වීමට පෙර අවදි විය හැකි වේ.*****

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    සිරා කතාව මේක නම් මම ප්රෙක්ටිකලි කරලා තියනවා