සුසුමක් සේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා දිවි මග නව එළියක්..
    විලසින් ආ කුමාරියේ...
    ඔබේ නෙතේ සතුට පමණි..
    මා පැතුවේ දිවා රැයේ......
    නින්ද නැතිව හීන මවන..
    මේ උනුහුම් රාත්‍රියේ....
    මනසින් මා ඔයා ලගයි..
    සුසුමක් සේ ඔබේ ලයේ...

    ඔබ නිදනා යහන ලගට
    සුලගක් සේ මා එන්නම්...
    කුටිය පුරා සුවද සමග...
    සිසිලෙන් ඔබ නලවන්නම්...
    කදු අතරින් පායන හද...
    වලාවකින් වහ ගන්නම්..
    ඒ අදුරේ ඔය නා දළු ..
    දෙතොල් අතර සැගවෙන්නම්...

    ලා හිරු රැස් පතිත කරන
    හෙට සුන්දර උදෑසනේ....
    අමනාපෙන් තවත් නොවෙන්...
    සිත සැනසුම හද මැවුනේ....
    මගෙ සිහිනේ අවදි කරන්
    පායා එන හිරු ලෙසිනේ...
    ..
    කැන්දන් යන්නට එන්නම්...
    එනවද මගෙ රත්තරනේ...

    1463569_791454440869364_1043013856_n.jpg

     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔබ නිදනා යහන ලගට
    සුලගක් සේ මා එන්නම්...

    කුටිය පුරා සුවද සමග...
    සිසිලෙන් ඔබ නලවන්නම්...
    කදු අතරින් පායන හද...
    වලාවකින් වහ ගන්නම්..
    ඒ අදුරේ ඔය නා දළු ..
    දෙතොල් අතර සැගවෙන්නම්...

    Patta oi!!
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    lassanai machan :) :cool:

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :dull: