හිත-පුරා-රැදුනු.......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිත-පුරා-රැදුනු.......

    හිත පුරා රැදුනු ආදර සළකුණු මට...
    ඔබ සිහිකරවන රාත්‍රියේ....
    පාළුව අතරින් සුසුම් හෙලන්නට...
    අදත් අවසරයි මියුලැසියේ.......

    හිත පුරා රැදුනු සොදුරුම සිතුවිලි මට...
    ආදර ඡායා ගෙනන රැයේ......
    සදරේඛා සේ ඔබ වෙත එන්නම්....
    එපා සුසුම් මා ප්‍රියාණනේ..........



    මද්දහනේ ගිනි රශ්මිය සගවා...
    ඔබෙ සිහිලයි මා වෙත දැනුනේ.....

    තුරු සෙවනේ ඔබෙ හිස මා උකුලේ...
    සිහින ලොවක් හද තුල මැවුනේ..........


    දවනු එපා ඒ පැතුමන් සගවා.....
    කෙදිනද යලි අප හමුවන්නේ..........

    සිහින ලොවේ සිතු පැතුමන් කෙදිනද...
    පියවි ලොවේදී ඉටුවන්නේ...........


    හිත පුරා රැදුනු ආදර සළකුණු මට...

    අහිමි කරන්නට එපා ඔබෙන් මම...
    ඔබ නැති ලොව හිරු මැලවෙන්නේ......

    සිහින ලොවේ හෝ පියවි ලොවේ හෝ...
    ඒ හිරු නෑ මිලිනව යන්නේ.............


    ලොවට බියෙන් මතු ඉවත නොයන්...
    සත් සියක් පවුරු මැද රැකගන්නේ........

    දොස් මකා දමා හිත් දිරි ගන්නම්....
    ඔබෙ ආදරයයි මා දිනවන්නේ......!



    හිත පුරා රැදුනු ආදර සළකුණු මට...


    29369.original-5068.jpg


     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලොවට බියෙන් මතු ඉවත නොයන්...
    සත් සියක් පවුරු මැද රැකගන්නේ........
    දොස් මකා දමා හිත් දිරි ගන්නම්....
    ඔබෙ ආදරයයි මා දිනවන්නේ......!
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අහිමි කරන්නට එපා ඔබෙන් මම...
    ඔබ නැති ලොව හිරු මැලවෙන්නේ......

    සිහින ලොවේ හෝ පියවි ලොවේ හෝ...
    ඒ හිරු නෑ මිලිනව යන්නේ.............



     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    දවනු එපා ඒ පැතුමන් සගවා.....
    කෙදිනද යලි අප හමුවන්නේ..........

    සිහින ලොවේ සිතු පැතුමන් කෙදිනද...
    පියවි ලොවේදී ඉටුවන්නේ...........

    වෙනදා වගෙම ලස්සනයි