සුළං_කපොල්ලේ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සුළං කපොල්ලේ... තැනූ කැදැල්ලේ...

    ටික දවසකට පස්සේ ලස්සන ගීතයකට මම කරපු ග්‍රැෆික් නිර්මාණයක් කළා. ඒක ඉතිං ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතිලා මේ පැත්තට අරගෙන ආවා...​

    lyricssulankapolle.jpg

    සුළං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිඳී වැටෙයි
    නිල් කඳු රැල්ලේ

    කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
    දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
    යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
    පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

    ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
    කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
    ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
    ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

    හඬ: නන්දා මාලිනී
    පද: සුනිල් ආරියරත්න
    නද: රෝහණ වීරසිංහ​

    තවත් මෙවන් නිර්මාණ රසවිඳින්න ගොඩ වදින්න මෙතනට...​

     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ගීතය ගැන විස්තර ටිකක් හොයාගන්න හිතාගෙන ගූගල් අයියගෙන් ඇහුවහම ලස්සන විස්තරයක් තියෙන බ්ලොග් පිටුවක් පෙන්නුවා...

    "නන්දා මාලිනිය ගීත ගායනයට පිවිසියේ 1960 දශකයේ තිරගත වූ රන් මුතු දූව සිනමා පටය හරහා ය. එතැන් පටන් අද දකවා වසර 40කට අධික කාලයක් ඇය අප වෙනුවෙන් ගී ගයන්නීය. ඇයගේ ගී නදෙහි ස්වර්ණමය යුගය උදා වූයේ සිංහල ගීතයේ ස්වර්ණමය යුගයට දශකයක් පමාවීය. වර්ෂ 1975 දී පිට කළ කප් සුවහස් කල් , 1977 දී පිට කළ යාත්‍රා, 1980 දී පිට කළ යුගයෙන් යුගයේ හා 1984 දී පිට කල හේමන්තයේ යන ගීත සමුච්චයන් නන්දා මාලිනියගේ කටහඬෙහි උපරිම භාවමය රසය ගෙනෙන ගීතයන් ඇතුලත් වේ. අප කතා කරන මේ ගීතයත් 1979 පමණ කාලයේදී සුනිල් ආරියරත්නයන් විසින් ලියවුනකි.

    මෙම ගීයේ පද රචනය අතිශයින්ම සංකේතාත්මක වෙයි. එනිසා ගීයෙහි සැබෑ රසය විඳ ගැනීමට නම් මේ සංකේතයන් ගැන මනා දැනුමක් ලබා ගත යුතුය. මෙහි කිරිල්ලිය හා කුරුල්ලා ලෙස හැඳින්වෙනුයේ තරුණයකු තා තරුණියක බව වටහා ගැනීම අපහසු නැත. මේ කිරිල්ලිය කූඩුව එනම්, සිය පවුල් ජීවිතය ගෙන යන්නේ සුලං කපොල්ලකය. සුලං කපොල්ල භූ විද්‍යාත්මකව විග්‍රහ කරන විට දැඩී සුළං පවතින කඳු දෙකක් එකිනෙක යා වෙන ස්ථානයක් බව වටහා ගත හැකිය. එමෙන් ම මේ ගීතයේ සුලං කපොල්ලත්, ජීවිතයේ නේක දුෂ්කරතා වලින් කැළඹුන, පවුල් දෙකක් අතර සිර වුණු ස්ථානයකි. සිදු විය යුතු ලෙසින් ම ඇගේ පවුල් ජීවිතය නම් කැදැල්ල කැඩී ඉහිරී යයි. මෙලෙස කූඩුව කැඩී තැනින් තැන ගමන් ගන්නා කිරිල්ලිය (ආදරය සොයා විය හැකියි ), එක්තරා කුරුල්ලකු ලඟ නවතී. ඇය දැන් අන්නථය. යාමට තැනක් නැත. කූඩුව කැඩී සුලං කපොල්ල හැරදා ගිය නිසා ඇයට මව පියා හෝ නෑදෑයන් නොමැත. ඇයට තනියට ඇත්තේ කඳුල පමණි. ඇය මෙතරම් දුර සොයා ආවේ නිදැල්ලේ වෙසෙන මේ තනිකඩ කුරුළු රජුම ය. එබැවින් ඇයට ඔහුගේ කැදැල්ලේ ඉඩ දිය යුතුය. මෙහිදී කැදැල්ලේ ලැබෙනුයේ ලැගුම් ගැනීමට ඉඩක් පමණකි. එය පෙර පරිදි තැනූ කැදැල්ලක් ද නොවේ. එබැවින් මේ සබඳතාවය සමාජ සම්මතයන් ඉක්මවා යන්නක් බව යන්තමින් ඉඟි කරනු ලැබේ.

    ගීයේ සංගීතය රෝහණ වීරසිංහයන්ගෙනි. පියානෝව, ෂේකර්ස් හා මැන්ඩලීනය යහමින් උපයෝගී කරගන්නා රෝහණ එතෙක් මෙරට ප්‍රබුද්ධ ගීතයට එතරම් එකනොවූ සංගීත භාණ්ඩ වල හඬෙහි අරුමය මනාව දන්වා සිටී. මේ ගීතය අසන විට මේ ගීතය සුනිල් හා නන්දා තමන් වෙනුවෙන් ගායනය කල එකක් දැයි වරෙක සිතේ. නන්දා මාලිනිය ගේ අසාර්ථක විවාහයත්, සුනිල් ආරියරත්නයන්ගේ තනිකඩ කමත්, ඔවුන් ගේ ඉන් පසුව ගෙවූ පුද්ගලික ජීවිතත් ගැන සලකන විට මේ අදහස බැහැර කළ නොහැකි එකක් බවට පත්වේ.
    "

    මේ ලොකු විස්තරය උපුටා ගත්තේ මෙන්න මේ බ්ලොග් එකෙන්...

    - ගී රස විනිස -