සූර්ය විදුලි ප්‍රශ්නයක්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සූර්ය විදුලි ප්‍රශ්නයක්

    ලංකාවෙ බොහොම දුශ්කර පලාත් වල වගේම අඩු ආදායම් ලාභී නාගරිකව ජීවත් වෙන බොහොම අයට විදුලි බලය ලබා ගන්නට හැකියාවක් නෑ. එ නිසා රාත්‍රියට කුප්පි ලාම්පුවල එලියෙන් ඉන්නෙ.
    මට හිතුනා පුළුවන් විදියට අඩුම ගානෙ එක ලයිට් එකක් වත් පත්තු කරගන්න පුලුවන් සූර්ය පද්දතියක් හදල ඒ මිනිස්සුන්ට දෙන්න පුලුවන් නම් හොඳයි කියලා.

    මම දන්නව පැය කීපයක් පත්තු වෙන ඒවා ebay එකේ තියෙනවා,. නමුත්
    වයින් එන එලිය මදී.
    අනිත් එක වැඩි වෙලාවක් එලිය ගන්න බෑ නෙ.

    අඩුම ගානෙ 5W වල පොඩි බල්බ් එකක් පත්තු කරගන්න පුලුවන්, රේඩියෝ එකක් දාගන්න පුලුවන් සූර්ය විදිලි පද්දතියක් හදා ගන්න
    මට කියල දීපල්ල මචන්ලා.

    ** අව්ශ්ය බඩු මොනවද ?
    ** ඒව ගන්නෙ කොහෙන්ද ?
    ** කොටස් ටික එකලස් කරගන්නෙ කොහොමද ?
    ** මේ වැඩ වලට කීයක් විතර යාවිද ?
    කියල මට පොඩ්ඩක් කියලදීපල්ල මචන්.
     
    • Like
    Reactions: thilihare

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචො ඔයවගේ අදහසක් එන්නෙත් කලාතුරකින් කෙනෙක්ට විතරයි...කරන්න පුලුවන්නම් ලොකුම ලොකු උදව්වක්..මොකද ඔය දුශ්කර ගම්මන වල ඉන්න ලමයි පාඩම් වැඩ කරන්නෙත් කුප්පි ලාම්පු එලියෙන්...හැබැයි ඔය වැඩේට ලොකු වියදමක් යනවා.. Solar pannels / battries / trnsfomers වගේ ඒවා පට්ට expensive.කොහොම නමුත්, electronic මගෙත් ආසම විශයක්.ඔය සම්බන්දයෙන් ගොඩක් ලොකු අයිඩියා එකක් මට නෑ.හැබැයි පුලුවන් එකෙක් මෙන්නෙ මේ youtube චැනල් එකේ ඉන්නව https://www.youtube.com/channel/UCINNpOZsSFm6UGVlz8R92yQ.
    Email ID එකත් මම හොයාගත්තා ([email protected]).ඔන්න එහෙනම් මේල් එකක් දාල විස්තර් දැනගන්න පුලුවන් වෙයි...මම දන්න තරමින් පොර හිත හොද ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්...


    ගොඩක් පින් උබට....මීට අමතර උදව්වක් ඔනෙ උනොත් අපි ඉන්නව හොදේ..:yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1625585&highlight=solar+power+lights

    http://www.elakiri.com/forum/showthread.php?t=1469645&highlight=solar+power+lights

    මේ ත්‍රේඩ් දෙක බලන්න.. විශේෂයෙන්ම දෙවන එක... එකේ මිල ගනන් සදහන් කරලා තියෙනවා... 2012 ත්‍රේඩ් එකක් .. දැන් නම් මිල ගනන් වෙනස් වෙලා ඇති.. ඒ වගේම මීට වටා කාර්යක්ශම උපකරනත් වෙළද පොලට එක් වෙලාත් ඇති.. අලුත් උපාන්ග එකතු කරන් වැඩේ පටන් ගන්න.. කිරියෙ කට්ටිය උදව් කරාවි... :yes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    උඹල ඔක්කොටම බොහොම පින් මචන්ලා
    හිතට ලොකු ශක්තියක් දැනෙනව මේ වැඩේ කරන්න පුලුවන් කියල

    පියවරෙන් පියවර මේ කොටස් එකලස් කරගන්න විදිය දැනගන්න තිබ්බ නම් එල.
    මම ජීවිතේට බවුත් එකෙන් දෙයක් පාස්සපු එකෙක් නෙවෙයි. :nerd:
    මට විශ්වාසයි මේ වැඩේ කරගන්න පුලුවන් කියලා.
    මෙහෙම පද්දතියක් හදපු කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියපන් මචන්
    තෙරුවන් සරණයි හැමෝටම
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    චගු;19800717 said:
    උඹල ඔක්කොටම බොහොම පින් මචන්ලා
    හිතට ලොකු ශක්තියක් දැනෙනව මේ වැඩේ කරන්න පුලුවන් කියල

    පියවරෙන් පියවර මේ කොටස් එකලස් කරගන්න විදිය දැනගන්න තිබ්බ නම් එල.
    මම ජීවිතේට බවුත් එකෙන් දෙයක් පාස්සපු එකෙක් නෙවෙයි. :nerd:
    මට විශ්වාසයි මේ වැඩේ කරගන්න පුලුවන් කියලා.
    මෙහෙම පද්දතියක් හදපු කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියපන් මචන්
    තෙරුවන් සරණයි හැමෝටම



    meka balapan mu hondatama pahadiliwa kiyala denawa.. ithaama saralawa:yes: