සෙන් කතා

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සෙන් ආචාර්යවරයා හමුවට පැමිණියේ සෙන් දහම පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමටය.

ආචාර්යවරයා ඔහුට තේ බීමට ආරාධනා කළේය. තේ පැන් සාදන තුරු මහාචාර්යවරයා තමා අදහන ආගම ගැන, සෙන් දහම ගැන, සියලු ආගම් ගැන, ආදී විවිධ දේ පිළිබඳව ඔහුගේ දැනුම ප්‍රදර්ශනය කරන්නට විය. ආගම් පිළිබඳව විවිධ මත පළ කරන්නට විය. ඔහුට සවන් දෙමින්ම සෙන් ආචාර්යවරයා තේ පැන් වත් කිරීම පිණිස කෝප්පයක් මේසය මත තැබීය. අනතුරුව තේ පෝච්චියෙන් එයට තේ වත් කරන ලදී. තේ කෝප්පය ගැට්ට තෙක් පිරිණි. නමුත් ආචාර්යවරයා තවමත් තේ වත් කරයි. කෝප්පය උතුරා වත් කරන තේ ඉවත යන්නට විය.

"ඔබ මොකද කරන්නෙ?" මහාචාර්යතුමා විමසීය. "කෝප්පෙ පිරිලයි තියෙන්නෙ. තවත් තේවලට ඉඩක් නැහැ; තේ නිකං අහක යනව."

"ඔව්." සෙන් ආචාර්යවරයා පැවසීය. "ඔබේ හිසත් මේ වගෙයි. පිරිලයි තියෙන්නෙ එක එක දේවලින්. ඒකෙ සෙන් ඉගෙන ගන්න ඉඩ නැහැ."


2012 Move Ekatath Me kathawa yodagena thiyanawa.
Film eka balapu ayata mathak wenawa athi.
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
එක්‌ මිනිසකුගේ තරුණ බිරිඳ රෝගාතුර වී මරණාසන්න වූවාය.

මං ඔයාට හරිම ආදරෙයි. ඔයා අත්හැරල යන්න බෑ. ඔයත් මාව අතහැරල වෙන ගෑනියක්‌ ගාවට යන්න එපා. ඔයා ගියොත් මං අවතාරයක්‌ වෙලා දස වද පමුණුවනවා "යි පවසමින් ඇය අවසන් හුස්‌ම හෙළුවාය.

තුන් මසක්‌ යනතුරු තරුණ සැමියාට බිරිඳගේ වදන් මතක තිබුණේය.

ටික කලකට පසු ඔහුට සුරුපී ලලනාවක්‌ මුණගැසුණාය. ඇය සමග ආදරයෙන් වෙළුණු හෙතෙම ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු විය.

එදිනම රාත්‍රිභාගයෙහි අවතාරය ඔහු සොයා ආවේය. පොරොන්දු කඩ කිරීම ගැන අවතාරය ඔහුට දෝෂාරෝපණය කළේය. එපමණක්‌ නොව ඔහු කරන හැම දෙයම දැනගැනීමට තරම් අවතාරය දක්‌ෂ වූයේය.

ඔහු පෙම්වතියට තෑග්ගක්‌ දුන් විට රාත්‍රියට පැමිණෙන අවාතරය එහි සියලු විස්‌තර ඔහුට කියයි. ඇතැම් විට ඔවුන් අතර හුවමාරු වන ප්‍රේම සංවාද පවා ඔහු වෙත නැවත ඉදිරිපත් කරයි.

මේ නිසා ඔහුට බලවත් අසහනයක්‌ ඇති විය. රාත්‍රි නිදාගැනීම අසීරු විය. අවසන ඔහුගේ මිතුරෙක්‌ සෙන් හිමි නමක්‌ හමුවීමට යන ලෙස අවවාද කළේය. විඳ දරා ගත නොහැකි තැන තරුණ සැමියා සෙන් හිමි නමකට සිය දුක්‌ ගැනවිල්ල කියා සිටියේය.

"ඔබ කියන කරන හැම දේම ඔබේ පැරණි බිරිඳගෙන් අවතාරයට පේනවා. ඇය හරිම දක්‌ෂ අවතාරයක්‌ වෙලා. ඇත්තෙන්ම ඒ වගේ අවතාරයකට ඔබ ප්‍රශංසා කරන්න ඕනෑ. ලබන වතාවෙ අවතාරය ආවහම අවතාරය එක්‌ක පොඩි ඔට්‌ටුවක්‌ අල්ලන්න. අවතාරයට කියන්න කිසි දෙයක්‌ අවතාරයට හංගන්න ඔබට බැරි බව. ඒ වගේම ඔබ අහන එක ප්‍රශ්නයකට උත්තර දෙන්න අවතාරය කැමැති නම් විවාහ පොරොන්දුව කඩලා සදහටම අවිවාහකව ඉන්න බවත් කියන්න යෑයි සෙන් හිමි පැවැසීය.

"මොකක්‌ද, මං අහන ප්‍රශ්නය?"

"මෙන්න මේකයි, ඔබ කළ යුත්තේ සෝයා බෝංචි අහුරක්‌ ගන්න. අවතාරයට කියන්න, ඔබේ අතේ බෝංචි ඇට කීයක්‌ තියනවද කියල හරියටම කියන්න කියල. ඇයට කියන්න බැරි වුණොත් තේරුම්ගන්න ඒ අවතාරය ඔබ හිතින් මවාගත්ත එකක්‌ බව."

එදින රාත්‍රිභාගයෙහි අවතාරය පැමිණියේය."ඔබ සේරම දේවල් දන්න කෙනෙක්‌." යෑයි තරුණ සැමියා අවතාරය වර්ණනා කළේය.

"සත්තකින්ම මම දන්නවා සේරම. මම දන්නවා ඔබ අද සෙන් හාමුදුරු නමක්‌ සොයාගෙන ගිය බවත්" යයි අවතාරය පිළිතුරු දුන්නේය.

එවිට තරුණ සැමියා අවතාරයෙන් මෙසේ ඇසීය.

"හොඳයි ඔබ ඔක්‌කෝම දන්නවා. ඒ නිසා මට කියන්න, මගේ අතේ බෝංචි ඇට කීයක්‌ තියෙනවද කියලා"

මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අවතාරයක්‌ ඉතුරු නොවීය.



Maxa Kathawak Mekanam.
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
සෙන් ආචාර්යවරයා හමුවට ආ ශිෂ්‍යයා සිය ප්‍රශ්නය ඉදිරිපත් කළේය.

"ගුරුතුමනි, මගේ තරහ පාලනය කරන්න බැහැ. මට ඕනෙ මේ තරහව නැති කරගෙන සුවපත් වෙන්න."

"මට පෙන්නන්න පුලුවන්ද ඔබේ තරහ කොයි වගේද කියල?"

"ඒක ඉතින් දැන් මේ මොහොතෙ පෙන්නන්න බැහැ."

"එතකොට? කොයි වෙලාවටද තරහ එන්නෙ?"

"එහෙම කියන්න බැහැ. බලාපොරොත්තුවකින් තොරව, හිටි හැටියෙම තමයි තරහ එන්නෙ. මමවත් දන්නෙ නෑ."

"එහෙමනම් මට පේන්නෙ ඔය කියන තරහව ඔබේ ස්වභාවයට පිටස්තර දෙයක් වෙන්න ඕනෙ." ආචාර්යවරයාණෝ පැවසූහ. "මොකද, ඒක ඔබේ දෙයක්නම් ඔබට හිතුණ වෙලාවක ඇති කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. උපදිනකොට තිබුණ වෙන්න ඕනෙ. පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරල බලන්න."


Mari a . Superb !
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
සෙන් ආචාර්යවරයා හමුවට ආ ශිෂ්‍යයා සිය ප්‍රශ්නය ඉදිරිපත් කළේය.

"ගුරුතුමනි, මගේ තරහ පාලනය කරන්න බැහැ. මට ඕනෙ මේ තරහව නැති කරගෙන සුවපත් වෙන්න."

"මට පෙන්නන්න පුලුවන්ද ඔබේ තරහ කොයි වගේද කියල?"

"ඒක ඉතින් දැන් මේ මොහොතෙ පෙන්නන්න බැහැ."

"එතකොට? කොයි වෙලාවටද තරහ එන්නෙ?"

"එහෙම කියන්න බැහැ. බලාපොරොත්තුවකින් තොරව, හිටි හැටියෙම තමයි තරහ එන්නෙ. මමවත් දන්නෙ නෑ."

"එහෙමනම් මට පේන්නෙ ඔය කියන තරහව ඔබේ ස්වභාවයට පිටස්තර දෙයක් වෙන්න ඕනෙ." ආචාර්යවරයාණෝ පැවසූහ. "මොකද, ඒක ඔබේ දෙයක්නම් ඔබට හිතුණ වෙලාවක ඇති කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. උපදිනකොට තිබුණ වෙන්න ඕනෙ. පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරල බලන්න."

මෙතෙක් කියවපු කතාවලින් මා දුටු හොදම 1... මේක අපි අවබෝධයෙන් තෙරුම් ගත්ත දාට මේ සසරින් නිදහස්.......
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
Originally Posted by ex-muslim Ahmed View Post
එල කතා ටික.

අර හොරා ජපානේ හිටිය හින්ද හොඳයි. අරාබියේ හිටිය නං ..

ඇය් උයා දන්නැද්ද? අරාබීයෙ හොරු නෑලුනෙ...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඇය් උයා දන්නැද්ද? අරාබීයෙ හොරු නෑලුනෙ...

;)

පරණ නූලක් උඩට ඇදල නේද? මේකෙ තියෙන කතා කියවල ඉන්න ඕනෙ අලුත් කතා හොයන්න.

මෙන්න අලුත් එකක්:

හැම දෙයක්ම ඉතා හොඳ දෙයකි.

බන්සාන් හිමියන් වෙළඳපොළ හරහා යනවිට ගනුදෙනුකරුවකු හා මස් වෙළෙන්දෙකු අතර සංවාදයක් ඇසිණි.
"මට දෙන්න තියෙන හොඳම මස් කෑල්ල." ගනුදෙනුකරුවා ඉල්ලීය.
"මගේ කඩේ තියෙන හැම මස් කෑල්ලක්ම ඉතාම හොඳම කෑල්ල තමයි." වෙළෙන්දා පිළිතුරු දුන්නේය. "මෙතනින් ඔබට හොයා ගන්න බැහැ ඉතාම හොඳම කෑල්ල නොවෙන එක මස් කෑල්ලක්වත්!"

මේ වදන් ඔස්සේ සිත මෙහෙයවූ බන්සාන් හිමියෝ සත්‍යාවබෝධය කළහ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
වරද කා දැමීම

යම් හේතුවක් නිසා එදින පන්සලේ දානය සැකසීම ප්‍රමාද විය. කලබලයෙන් පිහියත් රැගෙන ගෙවත්තට වැදුණු කෝකියා, කොළ වර්ග කපාගෙන කපාගෙන ගියේ සූපයක් පිළියෙල කිරීමට සිතාගෙනය. නොදැනුවත්වම ඔහු අතින් ගසක සිටි සර්පයකු කැපී කොළ ගොඩට එක් විය.

පමා වී ලැබුණු දානය වළඳමින් සිටි නායක හිමිනමට සූපයේ තිබී සර්පයාගේ හිසම අසු විය. වහාම කෝකියා කැඳවන ලදී.
"මේ මොකක්ද?" නායක හිමියෝ සර්ප හිස දැක්වූහ.
" ආ, බොහොම ස්තුතියි, ස්වාමීන්වහන්ස" යයි පැවසූ කෝකියා සැණෙකින් සර්ප හිස ගිල දැමීය.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
දුනු ශිල්පය

දුනු තරග රාශියක් ජයග්‍රහණය කිරීමෙන් මහත් අහංකාරයට පත් තරුණ දුනු ශිල්පියා, දුනු විදීමෙහි දක්ෂයකු ලෙස සුපතළ සෙන් ආචාර්යවරයකු හමුවට ගොස් අභියෝග කර සිටියේය. අභියෝගය භාරගත් ආචාර්යවරයාණෝ පලමුවෙන් දක්ෂතා දැක්වීමේ වාරය තරුණයාට දුන්හ.

ඉතා ඈතින් වූ දුවන ගවයකුගේ රූපයෙහි ඇසට නිවැරදිව ඉලක්ක කර හීයක් විදි තරුණයා දෙවන හීයෙන් පළමු හීය දෙකට පළා දැමීය. වයසක ආචාර්යවරයා පරාද වනු ඇති බව බොහෝ දෙනා තීරණය කළහ. "පුළුවන්නම් සම කරමු බලන්න." තරුණයා ආචාර්යවරයාණන් දෙස බලා සමච්චල් සිනහවක් පෑයේය.

ආචාර්යවරයාණෝ තරුණයාද කැඳවාගෙන උස් කඳු මුදුනක් වෙත නැගගත්හ. එහි මුදුණේ සිට එහා කඳු මුදුන දක්වා වූයේ කැඩී බිඳී ගිය පැරණි වැල් පාළමකි. මද සුළඟකට පවා වැල් පාළම දරුණු ලෙස සෙළවෙයි. පහළ අගාදයෙහි ඉමක් නොපෙනෙයි.

පාළමෙහි මැදක් දුරට ගමන් කළ ආචාර්යවරයාණෝ එහා කන්දෙහි වූ මහ ගසක් ඉලක්ක කොට හීය මුදා හළහ. අනතුරුව තරුණයා දෙස බැලූ උන්වහන්සේ "ඔබේ වාරය" යයි පැවසූහ.
දුනු දිය අදිනවා තබා පාළමට පා තැබීමටවත් සමත් වූයේ තරුණයා නොවේ.

"ඔබට දුන්න පිළිබඳ මනා හික්මීමක් තියෙනවා." ආචාර්යවරයාණෝ පැවසූහ. "නමුත් ඔබට හීය මුදා හරින සිත පිළිබඳ හික්මීමක් නැහැ."
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඇත්තටම ආදරේනම්...

භික්ෂූන්වහන්සේලා විසිනමක් හා භික්ෂූණීන් වහන්සේනමක් එක් සෙන් ආචාර්යවරයෙක් යටතේ ඉගෙණුම ලබමින් සිටියහ. තරුණ භික්ෂූන් කීපනමක්ම සුරූපී තරුණ භික්ෂුණිය කෙරෙහි පෙමින් බැඳුනහ. එක් භික්ෂුවක් ඇයට පෙම් හසුනක් ලියමින් තනිව ඈ මුණ ගැසීමට අවස්ථාව ඉල්ලා සිටියේය.

පසු දින දහවල් ආචාර්යවරයා ශිෂ්‍යයන්හට දේශනය අවසන් කළ විගස භික්ෂූණීන් වහන්සේ නැගී සිටියහ.
"කෝ මට ලියුම් ලිව්ව එක්කෙනා? මට ඇත්තටම ආදරේනම් දැන් මෙතනදි ඇවිල්ල මාව බදා ගන්න."

හිසවත් ඔසොවා බැලුවේ එකදු සිසුවෙකු නොවේ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඒක ඇරිල යාවි.

භාවනාව ඉගෙන ගැනීම ආරම්භ කළ එක් සිසුවෙක් ගුරුතුමාණන් හමුවට පැමිණියේ සිය ගැටළු ඉදිරිපත් කිරීමටය.
"මට කොහෙත්ම හිත එකඟ කරගන්න බැහැ. භාවනාවට ඉඳ ගත්තු ගමන් නිදිමත වෙනවා. විනාඩි පහක් එක තැන ඉන්න බෑ, කකුල් කැඩෙන්න තරම් රිදෙනවා. හිත හැම තැනම දුවනවා. මගෙ භාවනාවනම් අන්තිම සවුත්තුයි."

"ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.

එය පිළිගත් ශිෂ්‍යයා සතියකට පසු ගුරුතුමාණන් හමුවට ගියේ ඉමහත් ප්‍රීතියෙනි.
"මගේ භාවනාව ඉතාම හොඳින් කෙරෙනවා; මට හරි සන්තෝසයි. සිත ඉක්මණින් සමාධිගත වෙනවා. මට හරිම සැනසුමක්, සාමකාමී බවක් දැනෙනවා. භාවනාව සත්තකින්ම ඉතාම හොඳයි."

"ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
එල කතා ටික.

අර හොරා ජපානේ හිටිය හින්ද හොඳයි. අරාබියේ හිටිය නං ..
:sorry:

හැදෙන්න මිනිහෙක් ඉතුරු වෙන්න එපැයි.:rolleyes:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
භාවනාව ඉගෙන ගැනීම ආරම්භ කළ එක් සිසුවෙක් ගුරුතුමාණන් හමුවට පැමිණියේ සිය ගැටළු ඉදිරිපත් කිරීමටය.
"මට කොහෙත්ම හිත එකඟ කරගන්න බැහැ. භාවනාවට ඉඳ ගත්තු ගමන් නිදිමත වෙනවා. විනාඩි පහක් එක තැන ඉන්න බෑ, කකුල් කැඩෙන්න තරම් රිදෙනවා. හිත හැම තැනම දුවනවා. මගෙ භාවනාවනම් අන්තිම සවුත්තුයි."

"ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.

එය පිළිගත් ශිෂ්‍යයා සතියකට පසු ගුරුතුමාණන් හමුවට ගියේ ඉමහත් ප්‍රීතියෙනි.
"මගේ භාවනාව ඉතාම හොඳින් කෙරෙනවා; මට හරි සන්තෝසයි. සිත ඉක්මණින් සමාධිගත වෙනවා. මට හරිම සැනසුමක්, සාමකාමී බවක් දැනෙනවා. භාවනාව සත්තකින්ම ඉතාම හොඳයි."

"ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.

අනිත්‍යයි සියලු දේ..අටලෝ දහමේ කම්පා නොවී ඉන්න ඕනි
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අනිත්‍යයි සියලු දේ..අටලෝ දහමේ කම්පා නොවී ඉන්න ඕනි
ඔව්, නැත්නම් ආයිත් සැරයක් භාවනාව කරගන්න බැරි වුණාම ශෝක කරනවා, ඇයි මේ කියල. නමුත් වෙනස් වෙන එක තමයි ස්වභාවය. :yes: ඒවා ඇති සැටියෙන් පිළිඅරගෙන හිතේ සාමය ඇති කරගන්න ඕනෙ.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔව්, නැත්නම් ආයිත් සැරයක් භාවනාව කරගන්න බැරි වුණාම ශෝක කරනවා, ඇයි මේ කියල. නමුත් වෙනස් වෙන එක තමයි ස්වභාවය. :yes: ඒවා ඇති සැටියෙන් පිළිඅරගෙන හිතේ සාමය ඇති කරගන්න ඕනෙ.


:yes::yes:
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වගුරු මාවතක දී හමු වූ යුවතිය

    වගුරු මාවතක දී හමු වූ යුවතිය.

    එක්‌ දිනෙක ටැන්සාන් සහ එකීඩෝ යන දෙනම වගුරු බිම් සහිත මාවතකින් ගමනක්‌ ගියහ. තොරතෝන්චියක්‌ නැතිව ඇදහැලුණු මුරුගසන් වරුසාවකින් මාවත දෝර ගොස්‌ තිබිණ.

    වංගුවක්‌ අසලදී මඩගොහොරුවකින් එතෙර වී ගත නොහී බලා හුන්, සේද කිමෝනාවකින් සැරසුණු සුරූපී යුවතියක්‌ ඔවුන්ට මුණගැසුණාය.

    ටැන්සාන් එක්‌වරම,

    "එන්න දරුවා"යි පවසමින් දැතීන්ම ඇය ඔසවා මඩ ගොහොරුවෙන් එහා පැත්තෙහි තැබීය.

    එකීඩෝ එදින පන්සලට ගිය පසු රෑ බෝ වනතුරුම ටැන්සාන් සමඟ වචනයකුදු කතා නොකෙළේය. විඳ දරා ගත නොහැකිම තැන ටැන්සාන්ට අවලාද නැගීය.

    "අපි හාමුදුරුවරු. අපට ගෑනුන් ළඟට යැම ඔබින්නේ නෑ. විශේෂයෙන් ලස්‌සන ලමිස්‌සියන් ළඟට, ඒක හරිම භයානක වැඩක්‌. තමුන්නාන්සේ එකවරම අර ලමිස්‌සී දෑතින්ම උස්‌සාගත්තනෙ?"

    ටැන්සාන් ශාන්ත ස්‌වරයෙන් පිළිතුරු දුන්නේය.

    "ඒ කෙල්ල මං එතැන දාලයි ආවෙ. තමුන්නාන්සෙ ඒකිව තාමත් උස්‌සාගෙනද ඉන්නෙ?"
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එළිමහනේ පෙම් කරන්න

    එළිමහනේ පෙම් කරන්න

    එක්‌ සෙන් ඇදුරුපාණ කෙනෙකුන් වෙත ‌සඟන විසි නමක්‌ ද, එෂූන් නමැති මෙහෙණින් වහන්සේ නමක්‌ ද බවුම් වැඩුමෙහි නියෑලී සිටියහ. එෂුන් මෙහෙණින් වහන්සේ මුඬු කළ හිසින්, කසාවත් හැඳ පෙරව සිටිය ද කාන්තිමත් ගණරන්රුවක්‌ සෙයින් උපන් රූ සපුවෙන් දිදුළුණාහ.

    ස්‌වාමීන් වහන්සේලා කීපනමක්‌ ඇයට රහසින් පෙම් කළහ. දිනක්‌ එක්‌ සඟනමක්‌ ඇයට පෙම්පතක්‌ ලියා හොර රහසේ තමා මුණගැසෙන ලෙස අයෑද සිටියේ ය. එෂුන් කිසිදු පිළිතුරක්‌ නොලීවාය.

    පසුදිනෙක අලුයම් වේලෙහි භාවනා පන්තිය නිමා වූ පසු ගුරුතුමා අබියස බහුමානව සීරුවෙන් සිය අසුනින් නැඟී සිටි එෂුන්, තමාට පෙම් හසුන ලියූ සඟනම ඇමතුවාය.

    "වහා එන්න. සත්තකින්ම මුළු හදින්ම ආදරේ නම් වහා" විත් මා සිපවැළඳගන්න".