එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සෙන් ආචාර්යවරයා හමුවට පැමිණියේ සෙන් දහම පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමටය.
ආචාර්යවරයා ඔහුට තේ බීමට ආරාධනා කළේය. තේ පැන් සාදන තුරු මහාචාර්යවරයා තමා අදහන ආගම ගැන, සෙන් දහම ගැන, සියලු ආගම් ගැන, ආදී විවිධ දේ පිළිබඳව ඔහුගේ දැනුම ප්‍රදර්ශනය කරන්නට විය. ආගම් පිළිබඳව විවිධ මත පළ කරන්නට විය. ඔහුට සවන් දෙමින්ම සෙන් ආචාර්යවරයා තේ පැන් වත් කිරීම පිණිස කෝප්පයක් මේසය මත තැබීය. අනතුරුව තේ පෝච්චියෙන් එයට තේ වත් කරන ලදී. තේ කෝප්පය ගැට්ට තෙක් පිරිණි. නමුත් ආචාර්යවරයා තවමත් තේ වත් කරයි. කෝප්පය උතුරා වත් කරන තේ ඉවත යන්නට විය.
"ඔබ මොකද කරන්නෙ?" මහාචාර්යතුමා විමසීය. "කෝප්පෙ පිරිලයි තියෙන්නෙ. තවත් තේවලට ඉඩක් නැහැ; තේ නිකං අහක යනව."
"ඔව්." සෙන් ආචාර්යවරයා පැවසීය. "ඔබේ හිසත් මේ වගෙයි. පිරිලයි තියෙන්නෙ එක එක දේවලින්. ඒකෙ සෙන් ඉගෙන ගන්න ඉඩ නැහැ."
එක් මිනිසකුගේ තරුණ බිරිඳ රෝගාතුර වී මරණාසන්න වූවාය.
මං ඔයාට හරිම ආදරෙයි. ඔයා අත්හැරල යන්න බෑ. ඔයත් මාව අතහැරල වෙන ගෑනියක් ගාවට යන්න එපා. ඔයා ගියොත් මං අවතාරයක් වෙලා දස වද පමුණුවනවා "යි පවසමින් ඇය අවසන් හුස්ම හෙළුවාය.
තුන් මසක් යනතුරු තරුණ සැමියාට බිරිඳගේ වදන් මතක තිබුණේය.
ටික කලකට පසු ඔහුට සුරුපී ලලනාවක් මුණගැසුණාය. ඇය සමග ආදරයෙන් වෙළුණු හෙතෙම ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු විය.
එදිනම රාත්‍රිභාගයෙහි අවතාරය ඔහු සොයා ආවේය. පොරොන්දු කඩ කිරීම ගැන අවතාරය ඔහුට දෝෂාරෝපණය කළේය. එපමණක් නොව ඔහු කරන හැම දෙයම දැනගැනීමට තරම් අවතාරය දක්ෂ වූයේය.
ඔහු පෙම්වතියට තෑග්ගක් දුන් විට රාත්‍රියට පැමිණෙන අවාතරය එහි සියලු විස්තර ඔහුට කියයි. ඇතැම් විට ඔවුන් අතර හුවමාරු වන ප්‍රේම සංවාද පවා ඔහු වෙත නැවත ඉදිරිපත් කරයි.
මේ නිසා ඔහුට බලවත් අසහනයක් ඇති විය. රාත්‍රි නිදාගැනීම අසීරු විය. අවසන ඔහුගේ මිතුරෙක් සෙන් හිමි නමක් හමුවීමට යන ලෙස අවවාද කළේය. විඳ දරා ගත නොහැකි තැන තරුණ සැමියා සෙන් හිමි නමකට සිය දුක් ගැනවිල්ල කියා සිටියේය.
"ඔබ කියන කරන හැම දේම ඔබේ පැරණි බිරිඳගෙන් අවතාරයට පේනවා. ඇය හරිම දක්ෂ අවතාරයක් වෙලා. ඇත්තෙන්ම ඒ වගේ අවතාරයකට ඔබ ප්‍රශංසා කරන්න ඕනෑ. ලබන වතාවෙ අවතාරය ආවහම අවතාරය එක්ක පොඩි ඔට්ටුවක් අල්ලන්න. අවතාරයට කියන්න කිසි දෙයක් අවතාරයට හංගන්න ඔබට බැරි බව. ඒ වගේම ඔබ අහන එක ප්‍රශ්නයකට උත්තර දෙන්න අවතාරය කැමැති නම් විවාහ පොරොන්දුව කඩලා සදහටම අවිවාහකව ඉන්න බවත් කියන්න යෑයි සෙන් හිමි පැවැසීය.
"මොකක්ද, මං අහන ප්රශ්නය?"
"මෙන්න මේකයි, ඔබ කළ යුත්තේ සෝයා බෝංචි අහුරක් ගන්න. අවතාරයට කියන්න, ඔබේ අතේ බෝංචි ඇට කීයක් තියනවද කියල හරියටම කියන්න කියල. ඇයට කියන්න බැරි වුණොත් තේරුම්ගන්න ඒ අවතාරය ඔබ හිතින් මවාගත්ත එකක් බව."
එදින රාත්‍රිභාගයෙහි අවතාරය පැමිණියේය."ඔබ සේරම දේවල් දන්න කෙනෙක්." යෑයි තරුණ සැමියා අවතාරය වර්ණනා කළේය.
"සත්තකින්ම මම දන්නවා සේරම. මම දන්නවා ඔබ අද සෙන් හාමුදුරු නමක් සොයාගෙන ගිය බවත්" යයි අවතාරය පිළිතුරු දුන්නේය.
එවිට තරුණ සැමියා අවතාරයෙන් මෙසේ ඇසීය.
"හොඳයි ඔබ ඔක්කෝම දන්නවා. ඒ නිසා මට කියන්න, මගේ අතේ බෝංචි ඇට කීයක් තියෙනවද කියලා"
මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අවතාරයක් ඉතුරු නොවීය.
සෙන් ආචාර්යවරයා හමුවට ආ ශිෂ්‍යයා සිය ප්රශ්නය ඉදිරිපත් කළේය.
"ගුරුතුමනි, මගේ තරහ පාලනය කරන්න බැහැ. මට ඕනෙ මේ තරහව නැති කරගෙන සුවපත් වෙන්න."
"මට පෙන්නන්න පුලුවන්ද ඔබේ තරහ කොයි වගේද කියල?"
"ඒක ඉතින් දැන් මේ මොහොතෙ පෙන්නන්න බැහැ."
"එතකොට? කොයි වෙලාවටද තරහ එන්නෙ?"
"එහෙම කියන්න බැහැ. බලාපොරොත්තුවකින් තොරව, හිටි හැටියෙම තමයි තරහ එන්නෙ. මමවත් දන්නෙ නෑ."
"එහෙමනම් මට පේන්නෙ ඔය කියන තරහව ඔබේ ස්වභාවයට පිටස්තර දෙයක් වෙන්න ඕනෙ." ආචාර්යවරයාණෝ පැවසූහ. "මොකද, ඒක ඔබේ දෙයක්නම් ඔබට හිතුණ වෙලාවක ඇති කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. උපදිනකොට තිබුණ වෙන්න ඕනෙ. පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරල බලන්න."
එල කතා ටික.
අර හොරා ජපානේ හිටිය හින්ද හොඳයි. අරාබියේ හිටිය නං ..![]()
සෙන් ආචාර්යවරයා හමුවට ආ ශිෂ්‍යයා සිය ප්රශ්නය ඉදිරිපත් කළේය.
"ගුරුතුමනි, මගේ තරහ පාලනය කරන්න බැහැ. මට ඕනෙ මේ තරහව නැති කරගෙන සුවපත් වෙන්න."
"මට පෙන්නන්න පුලුවන්ද ඔබේ තරහ කොයි වගේද කියල?"
"ඒක ඉතින් දැන් මේ මොහොතෙ පෙන්නන්න බැහැ."
"එතකොට? කොයි වෙලාවටද තරහ එන්නෙ?"
"එහෙම කියන්න බැහැ. බලාපොරොත්තුවකින් තොරව, හිටි හැටියෙම තමයි තරහ එන්නෙ. මමවත් දන්නෙ නෑ."
"එහෙමනම් මට පේන්නෙ ඔය කියන තරහව ඔබේ ස්වභාවයට පිටස්තර දෙයක් වෙන්න ඕනෙ." ආචාර්යවරයාණෝ පැවසූහ. "මොකද, ඒක ඔබේ දෙයක්නම් ඔබට හිතුණ වෙලාවක ඇති කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. උපදිනකොට තිබුණ වෙන්න ඕනෙ. පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරල බලන්න."
Originally Posted by ex-muslim Ahmed View Post
එල කතා ටික.
අර හොරා ජපානේ හිටිය හින්ද හොඳයි. අරාබියේ හිටිය නං ..
ඇය් උයා දන්නැද්ද? අරාබීයෙ හොරු නෑලුනෙ...

එල කතා ටික.
අර හොරා ජපානේ හිටිය හින්ද හොඳයි. අරාබියේ හිටිය නං ..![]()

භාවනාව ඉගෙන ගැනීම ආරම්භ කළ එක් සිසුවෙක් ගුරුතුමාණන් හමුවට පැමිණියේ සිය ගැටළු ඉදිරිපත් කිරීමටය.
"මට කොහෙත්ම හිත එකඟ කරගන්න බැහැ. භාවනාවට ඉඳ ගත්තු ගමන් නිදිමත වෙනවා. විනාඩි පහක් එක තැන ඉන්න බෑ, කකුල් කැඩෙන්න තරම් රිදෙනවා. හිත හැම තැනම දුවනවා. මගෙ භාවනාවනම් අන්තිම සවුත්තුයි."
"ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.
එය පිළිගත් ශිෂ්‍යයා සතියකට පසු ගුරුතුමාණන් හමුවට ගියේ ඉමහත් ප්‍රීතියෙනි.
"මගේ භාවනාව ඉතාම හොඳින් කෙරෙනවා; මට හරි සන්තෝසයි. සිත ඉක්මණින් සමාධිගත වෙනවා. මට හරිම සැනසුමක්, සාමකාමී බවක් දැනෙනවා. භාවනාව සත්තකින්ම ඉතාම හොඳයි."
"ආ, ඒක ඇරිල යාවි." ගුරුතුමාණෝ විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්හ.
ඔව්, නැත්නම් ආයිත් සැරයක් භාවනාව කරගන්න බැරි වුණාම ශෝක කරනවා, ඇයි මේ කියල. නමුත් වෙනස් වෙන එක තමයි ස්වභාවය.අනිත්‍යයි සියලු දේ..අටලෝ දහමේ කම්පා නොවී ඉන්න ඕනි
ඒවා ඇති සැටියෙන් පිළිඅරගෙන හිතේ සාමය ඇති කරගන්න ඕනෙ.ඔව්, නැත්නම් ආයිත් සැරයක් භාවනාව කරගන්න බැරි වුණාම ශෝක කරනවා, ඇයි මේ කියල. නමුත් වෙනස් වෙන එක තමයි ස්වභාවය.ඒවා ඇති සැටියෙන් පිළිඅරගෙන හිතේ සාමය ඇති කරගන්න ඕනෙ.

