සෙබළුන්ගේ_කුරුටු_ගී.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18378449 said:
    You must spread some Reputation around before giving it to maxboysl again.

    passe welawaka denan :D

    මට රේප් එපා මචං. කීයටවත් මම රේප් ගණන් නෙමයි මේක දැම්මේ. මේ දුක් විදපු මිනිසුන් වෙනුවෙන් මොනා හරි කියපන්. :) උබලා ඒ කියන දෙය හිතන සිතුවිල්ල කවද හරි ඒ මිනිසුන්ට යහපතක් කරයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කා‍ටද රනියට?

    උබ හොරා කියල හිතන මිනිහට කියපන්. උබට උබ හොර කියල හිතෙනවනම් උබටම කියගනින්. මම හොර කියල හිතෙනවනම් මට කියපන්:):)
     

    waligamaya

    Well-known member
  • රණවිරුවොත් මෙහෙම කියද්දී අද අපේ උන් කියන්නේ :(:(:(


    කුංජන්
    උඹ මැරුණොත් අපේ ඈයෝ
    හිනා වේවි හරි සතුටින්
    අපි මැරුණොත් උඹලගෙ අය
    උඩ පැන පැන සතුටු වේවි
    උඹත් නොමැරි අපිත් නොමැරි
    අපි දෙගොල්ලො හිනාවෙන්නේ
    කවදද කුංජන්??
    (කුංජන් යනු කොටි සාමාජිකයෙකි)

    මේක ලියපු එකෙනා NGO කාරයෙක් විජාතික ඔත්තු කාරයෙක්.
    මේකේ ඉනේ කීබෝර්ඩ් එකෙන් මොරාල් එක නග්ගන ජාතික විඉර සෙබළු
    නට මේක ලොකු නින්දාවක්
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හොරා කියල හිතන මිනිහට කියපන්. උබට උබ හොර කියල හිතෙනවනම් උබටම කියගනින්. මම හොර කියල හිතෙනවනම් මට කියපන්:):)

    ඒක හරි හතරබීරි කතාවක්නෙ.?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කන්න හරි හමන් දෙයක් නැතිව. බොන්න හරි හමන් දෙයක් නැතිව. දවල් රැ නැතිව උබල කරපු මෙහෙවර නිසා තමා අපි අද මේ සතුටින් ඉන්නේ. උබල තමා අපේ ජතියී විරයෝ.

    උබලව මෙලොවට ජාතක කරපු. හදපු වඩපු අය ජීවමාන දෙවිවරු. බොහොමත්ම පින් ලැබේවා........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ දින තවම මට මතකයි
    කිසිදින අමතක නොම වෙයි
    සොයුරගෙ ලේ මිහිතලෙ වැටුණා මතකයි
    තුන් සිංහලයේ ලේ දැන් කුපිතයි
    මා සිතුවෙ ඔබ මගෙ සොයුරන් විලසයි
    තේරුණෙ මට සොයුරගෙ විලාපය ඇසුණු විටමයි
    ඇසකට දෙඇසද අතකට දෙඅතද
    වෛරය කිසිදින නිම නොමවෙයි
    මියගිය විට සොල්දාවෙකුන් බිහිවෙයි
    තව සිය දහස් ගණනක් රට වෙනුවෙන්
    රට වෙනුවෙන් දිවි පුදනා සොල්දාදුවා නැහැ කිසිදින තනිවන්නේ
    යළි යලී උපදියි මරණය පරදයි නැගිටියි යළි ඔබ මළවුන්ගෙන්
    රට වෙනුවෙන් ජීවය පුදන්න මව්පෙම සැමදා ඔබ හද රැදුනේ
    මව් පෙව් ලේ කිරි වල ණය ගෙව්වේ
    අභිමානය ඔබ වෙයි හැඟුමන් පැතුමන් සිතුමන් සැම ඔබ බිලි දුන්නේ
    ඒ හදතුල ඇතිවන ජීවයෙ ගින්දර කිසිදින අනිකෙකු නොම දන්නේ
    සතුරන් පරදයි ජීවිත සුරකියි ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ
    රෝස මලක් පුදන්නද පරවින් දකීවි මවගේ කඳුළැල් නොවැටෙන්නේ
    ඒ ජීවය උතුම්ය ආත්මය උතුම්ය ජීවිය රකිනා දෙවියන් එය දන්නේ
    යම් දින අප සිනහව ඔබ හට උපහාර අප සැම දින ඔබ සමගින්නේ

    ආලය කරන්න සෙනෙහස ලබන්න සිතුවිලි නැගෙනවා හද පතුලේ
    මේ ජීවිතෙ විදින්න කාලය ගෙවන්න පෙම්බස් දොඩන්න අප දන්නේ
    අඳුරු රාත්‍රිය පාලුයි සවස සිටියෙ තනිවයි සිටියා මුර කර සතුරන්ගේ
    ඒ ශක්තිය මිතුදම හදතුල සැමදින නැත මුදලට රට පාවන්නේ
    රැකගනිමී මගෙ රට ලක්මව් නාමෙන් මගෙ මව හට මා ගෞරව වී
    දිවි පුදමී ඔබ හට ආදර මව්නී රැකගනිමී ඔබ දිවි වුව දී
    නැත කැළලක් තැවුමක් පසුබැස්මක් හිත් අවුලක් එය මා හොදින් දනී
    එක ජීවයක් බිලි ගන්නෙ තව ජීවිත දහසක් රකින්න
    රටේ සාමය රකින එය දෙවියන් දනී
    සිතෙ රැදුනා විලාප ඇසුනා මිලාන හඬවල් මහ රෑ ඡායා ඇදී
    හිත බිඳුනා මා හද නැගුණා ශක්තිය හදතුල මා පෙරට යමී
    යම් දිනයක හිරු පායයි හීනය අවසානයි
    පෙරට තැබූ පය නොගනිමු සතුරට බිය වැදී
    නැත වෙනසක් පෙර මෙන් සටන් වදිමු එක මෙන්
    දුටුගැමුනු විජයබාහු තවමත් මෙ අපී
    තුන් සිංහලයද තුන් හමුදාවද නැත වෙනසක් යමු මුළු හදින් බැඳී
    නැතිවුණු සෙබළු නාමෙන් පරදමු දේශ ප්‍රේමෙන්
    බිය නැතිවුනු පුතු බලා සිටී

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තල් අරණට සඳ ඇවිදින් අහසෙ දිලෙනකොට
    මගේ දුවේ මට මැවෙන්නෙ ඔයාගේ සිනහව
    නිවාඩුවට කල් තියෙනව ගෙදර එන්න තව
    අම්මා එක්ක මඟ බල බල ඉන්න එපා නුඹ

    මේ රැය අඳුරුයි පාළුයි නෙත නිදි නෑ මගේ
    මගේ දුවේ නුඹ නම් ඇති අම්මගෙ උණුසුමේ
    නුඹේ සුවඳ විදගන්නට ඉවසුම් නෑ සිතේ
    ඉඟිල්ලිලා එන්න හිතයි තුරුළට මට නුඹේ

    නුඹට හෙටක් හදන්න අද රුදුරු සටන් බිමේ
    දුක් විඳින්නෙ නුඹ හින්දයි මගේ පුංචි දුවේ
    මගෙ ඇස් දෙක පියවුනොතින් මේ රුදු සටනෙදී
    අම්මා එක්ක හොඳට ඉඳින් මගේ පුංචි දුවේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තල් ගස් සෙවනේ යුධ බිම මායිම
    බංකරයේ අද තනියෙන්
    යුධවැද කතරේ ඔබ මගෙ ආදර
    කුමරිය සිහිවෙයි සැනෙකින්
    මගෙ රට නිඹඳේ රැකගතහොත් අද
    හෙට ඔබ මගෙමයි සෙනෙහෙන්
    ඔබ මගෙමයි සෙනෙහෙන්


     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රණවිරුවොත් මෙහෙම කියද්දී අද අපේ උන් කියන්නේ :(:(:(


    කුංජන්
    උඹ මැරුණොත් අපේ ඈයෝ
    හිනා වේවි හරි සතුටින්
    අපි මැරුණොත් උඹලගෙ අය
    උඩ පැන පැන සතුටු වේවි
    උඹත් නොමැරි අපිත් නොමැරි
    අපි දෙගොල්ලො හිනාවෙන්නේ
    කවදද කුංජන්??
    (කුංජන් යනු කොටි සාමාජිකයෙකි)

    යුද්ධේ ඇත්තට කරපු මිනිස්සු මිසක් ඉන්ටනෙට් එකෙන් කොටි මරපු කීබෝඩ් වීරයෝ ඒකෙ අමාරුව දන්නේ නෑනේ බං

    :rofl:

    මේක ලියපු එකෙනා NGO කාරයෙක් විජාතික ඔත්තු කාරයෙක්.
    මේකේ ඉනේ කීබෝර්ඩ් එකෙන් මොරාල් එක නග්ගන ජාතික විඉර සෙබළු
    නට මේක ලොකු නින්දාවක්

    :P
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Meeka magee maama uthure lindaka liyala tiyenawa dekapu kawiyak. Ihala niladhhareenta tiyena boru selakillata gahapu siraa kawiyak.

    උඩ වතුර තරු වලට
    මැද වතුර පටි වලට
    මඩ වතුර පොඩි අපිට
    කොටි ගහල මදි තොපිට