සේතුසමුද්‍රමි ව්‍යාපෘතිය ඒකමතිකව සම්මතයි 😢😢😢

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    2d605748-ea23-40f2-a640-81a994b44ad6-jpeg.194488
    සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම අවශ්‍ය සහාය ලබා දීමට සුදානම් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කරනවා. මෙම යෝජනාව සඳහා බී.ජේ.පි පක්ෂය ඇතුළු සියලුම පක්ෂ සහාය ලබා දී තිබෙනවා.

    ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ ආර්ථිකය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බව එම්.කේ ස්ටාලින් පවසනවා.
    ඇතැම් බලවේග තවත් සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට ගන්නා උත්සාහය ඉන්දියාවේ සංවර්ධනයට බාධාවක් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරන ලද යෝජනාවේ සඳහන්.

    සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොගැඹුරු සමුද්‍ර සන්ධියේ නාවික මාර්ගයක් නිර්මාණය කිරීමට යෝජිත ව්‍යාපෘතියක්. මෙමගින් ඉන්දීය අර්ධද්වීපය වටා අඛණ්ඩව යා හැකි මුහුදු මාර්ගයක් නිර්මාණය වන අතර එම නැව් මාර්ගය භාවිත කරන නැව් වලට ශ්‍රී ලංකාව වටා යාමට අවශ්‍යතාවයක් මතුවන්නේ නැහැ.
     

    Attachments

    • 2D605748-EA23-40F2-A640-81A994B44AD6.jpeg
      2D605748-EA23-40F2-A640-81A994B44AD6.jpeg
      292.3 KB · Views: 1,767

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එකෝමත් එක රටක නුගත් නාකි පොන්නයො තමන්ගෙ ගේ ගාව එයාපෝට් හදාගත්තා, වරායවල් හදාගත්තා. හදපු ඒවට තහන්ගෙ නමත් දාගත්තා. රට බංකොලොත් කරලා දැම්මා. කොයි රටේද කියල දන්නවද? @2osama @iphonebaba @erozan @nicjosh83
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මේ පාර නම් ජවිපෙ තමා, රටට විපතක් වෙනකොට නාකි ටික සද්ද නැ
    JVP මොනවද කරන්න යන්නේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය නවත්වන්න ද යන්නේ 🤣
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    eka ehema practical project ekak nwe neda? adata unath dakunu indiawe warayawal walata wei pirenawa lu neda
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,661
    3,028
    113
    රජය සම්මත කරාට මිනිස්සු ඕක කරන්න ඉඩ දෙයිද කියල හිතන්න අමාරුයි
     
    • Like
    Reactions: Enthiran and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලොකු නැව් දාන්න බෑනෙ. canal එක ගැබුරට හාරන්න වෙනව. වැලි පිරෙන්න ගත්තම නඩත්තුවට පට්ට වියදම් යයිනෙ.
    චීන්නු ඕකට බකට් පෙරලයි හම්බන්තොට වරාය නිසා.