මාර සින් එක තමයි.
ගායන ශිල්පී සේනක බටගොඩ ට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු අද (02) වාරණයක් නියෝගයක් නිකුත් කළා. අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය නිර්මාණය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම් දී තිබුණා. ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබුවා.