සේයා ඝාතකයාට මරණ දඬුවම

monson

Well-known member
  • May 7, 2007
    25,594
    28,537
    113
    සේයා ඝාතකයාට මරණ දඬුවම

    කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය දූෂණය කර මරාදැමීමේ සිද්ධියට අත්අඩංගුවටගෙන සිටි අයි.පී. සමන් ජයලත් නමැත්තාට වසර 60 සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම වී තිබෙනවා.


    කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 25 වැනිදා සිට අඛණ්ඩව විභාගයට ගැනුනා.


    පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය පැහැර ගැනීමට ලක් වූ අතර 13 වැනිදා ඇගේ මළ සිරුර සොයා ගැනුනා. ඒ නිවස ආසන්නයේ තිබූ ඇල මාර්ගයක් අසල තිබියදීයි.


    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු කොටදෙණියාව පොලිසිය විසින් පළමුව අත්අඩංගුවට ගැනුනා.


    කෙසේ වෙතත් ඔවුන්ගේ ඩී.එන්.ඒ වාර්තා නොගැලපීම නිසා ඔක්තෝබර් මස 3 වැනිදා ඔවුන් එම නඩුවෙන් නිදහස් කෙරුණා.


    - http://nethfm.com/article/100187