සොදුරිය මට නොකියාම ගියා.......

bemylover

Member
Jul 16, 2007
3,395
88
0
Home_ToWN_vIilAgE
සොදුරිය මට නොකියාම ගියා.......

සොදුරිය මට නොකියාම ගියා.......

දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්තයව හමුවෙන්න තරුණයෙක් අවා.දන්නා විදියට දුම්රියපලක ස්තානාදිපාහි කෙනෙක්. මේ කෙනා ගීයක පද පේලි ලියපු කඩදාසියක් සනත් නන්දසිරි මහත්තයට දීලා කියනවා "මහත්තයෝ මේ මන් ලියන අන්තිම සින්දුව..මම අයෙත් සින්දු ලියන්නේ නැහැ.පුළුවන් කමක් තියෙනවනම් ඕක කියන්න." කියල.....සනත් නන්දසිරි මහත්තය එක හොදින් කියවල අහනවා "ඇයි මේ වගේ දෙයක් ලියන්න හේතුව කියල....පිලුතුර වෙන්නේ "ඕක මගේ ඇත්ත අත්දැකීම්" කියල විතරයි....

මේ තරුණය දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට ආදරේ කරන්නවා....මොන ප්‍රශ්නේ අවත ජීවිතේ එකිනෙකාගෙන් වෙන් වෙන්න මෙයාල ගිවිස ගන්නවා.....නමුත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් ලැබෙන්නේ නැහැ....කොටින්ම කිව්වොත් දෙමව්පියන්ගේ බලපෑම නිසා පෙම්වතියට මේ සම්බන්දෙ නවත්වන්න සිද්ද වෙනවා....

නමුත් ප්‍රේමයේ නාමයෙන් ඇය විසින් දුන්නු පොරොන්දු කඩ කරන්න වෙන එක යට දරාගන්න බැහැ. අන්තිම ප්‍රතිපලය වෙන්නේ තමා විසින්ම මේ පොලෝ තලයේ ජීවත් වෙන්න තියෙන අයිතිය තමා විසින්ම උදුරා ගන්න එක....ඔව් තරුණිය දිවි නසාගන්නවා....

මේ පෙම්වතා මේ කිසිම දෙයක් දන්නේ නැහැ...ඇත්තටම ඔහුත් තරුණියගේ ගෙදර සමග සම්බන්දයක් තිබිල නැහැ....නමුත් හදිසියේම තරුණියගේ තාත්ත මොහුට වහාම එන්න කියල පණිවිඩයක් එවනවා...තරුණයා ගොඩක් සතුටු වෙනවා මොකද මෙය හිතන්නේ කාලයක් තිබුන විරෝදකන් ඉවාවෙලා තමන්ට කැමැත්ත දෙන්න තමයි කියල....ඇත ගේ ඉස්සරහ සුදු කොඩි...තරුණයට මතක් වෙනවා පෙම්වතියගේ ආච්චි ගොඩක් වයසයි කියල....මෙය ගෙදරට ගොඩ වෙන්නේ පෙම්වතියගේ මෘත දේහයට ගව්රව කරන්න.....එත් ඔහු දකින්නේ ඔහු මේ තරම් ආදරය කල තම පෙම්වතිය එහි සිටිනා බව....


ඒ වෙලාවේ ඔහුගේ සිතට දැනුන ගී සමුදය තමයි මේ විදියට ගීතවත් වෙන්නේ....


එදා මේද තුර කදුලට විවර උන..
දැස් පියන්පත් කව්ළු වසා...

ලයේ ගලා ගිය ස්‌නෙහයේ සුව
සිනා පිරු රත් දෙතොල පියා....

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදිමාලි පාට පොවා.
දාත ලයේ බද අවසන් ගමනට
සොදුරිය මට නිකියාම ගියා.....

දැස්‌ කව්ළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කව්රුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්....

ඈතව යන්නට සමුගෙන කව්රුත්
ඔබේ මුව දොවතත් සුවද පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවදයි
ඇත් නොවෙමි ඒ සුවදින්.....

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැදී
අදර ලෝකය හෙටත් තියේ....

එත් ඉතින් දැන් සොදුරියේ ඔබේ නෙත...
අයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවස එක හිත ඇත්තන්
වී අපි ඉපදෙම එකට ප්‍රියේ.....


ආදරයට ආදරය කරන්න....​
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ආදරයට ආදරය කරන්න....
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
  • Like
Reactions: bemylover

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මළසිරුර දිහා බලාගෙන
ආදරවන්තයා අසරණවෙලා

කාත් කව්රුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්....

කියල කියන ොටස හරිම සංේදයි මටනම්...!!!
ස්තූතියි ස.. +රෙප්
 
  • Like
Reactions: bemylover

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මළසිරුර දිහා බලාගෙන
    ආදරවන්තයා අසරණවෙලා

    කාත් කව්රුවත් වෙතත් හිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්....
    කියල කියන කොටස හරිම සංවේදීයි


    රෙප් 24 වලින් පසුව:cool:
     

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    මළසිරුර දිහා බලාගෙන
    ආදරවන්තයා අසරණවෙලා

    කාත් කව්රුවත් වෙතත් හිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්....

    කියල කියන ොටස හරිම සංේදයි මටනම්...!!!
    ස්තූතියි ස.. +රෙප්

    :yes::yes::yes::yes:
     

    Nohim Ys

    Well-known member
  • මළසිරුර දිහා බලාගෙන
    ආදරවන්තයා අසරණවෙලා

    කාත් කව්රුවත් වෙතත් හිතයි මට
    පාත් වෙන්න ඔය මුවට උඩින්....

    කියල කියන ොටස හරිම සංේදයි මටනම්...!!!
    ස්තූතියි ස.. +රෙප්

    :yes::yes::yes::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: