සොයුර එච්.ඒ

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එච්. ඒ. පෙරේරා
Ha_perera-1.jpg


ප්‍රවීණ රංගණ ශිල්පී එච්. ඒ. පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගියේ දරුණු පිළිකා රෝගයක් හේතුවෙන් වන අතර මිය යන විට 58 වැනි වියේ පසු විය.


1974 වර්ෂයේදී වීදි නාට්‍ය ශිල්පියකු ලෙස රංගනයට පිවිසි එච්. ඒ. පෙරේරා මහතා රංගන ශිල්පියකු, සංගීතඥයකු ඇතුළු අංශ කීපයකින්ම දශක තුනක පමණ කාලයක් තිස්සේ කටයුතු කැර ඇත.

වෙඩික්කාරයෝ, සෙක්කුව, ජුලියස් සීසර්, මාවතේ අපි, හිට්ලර්, වරෙන්තු, උක්දඬු ගින්න ඇතුළු වේදිකා නාට්‍ය ගණනකට රංගනයෙන් දායක වූ ඒ මහතා යශෝරාවය, කඩ ඉම, බුමුතුරුණු, සිටුවරයෝ, සූරිය දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑම් කැර තිබේ.

දූ දරුවෝ ටෙලි නාට්‍යයේ "ඩයස් මහත්තයා" චරිතය ඔහු රඟ පෑ අප සිත් තුල සදා අමරණීය චරිතයන්ගෙන් එකකි...

"මුතු කිරිල්ලී" ඔහු මෑතකදී දායක වු තවත් ජනප්‍රිය රැල්ලේ ටෙලි නාට්‍යයකි...

මෙවන් සැබෑ මිනිසුන්ගේ වියෝව අපේ කලාකෙතට කිසිදා පුරවා ගත නොහැකි විසල් හිඩැසකි.....

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට ඉතා උසස් සමාජ මෙහෙවරක් කල ප්‍රතිභාපුර්ණ රංඟවේදියාණෙනි ඔබට සුබ රාත්‍රියක්!!!....
 
Last edited:

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඩයස් මහත්තයා ලොකු කුඩා සැම සිත් තුල තවත් කාලයක් පවතිනවා ඇති...

එච්.ඒ. කලාකරුවාණනී ඔබට නිවන් සුව පතමු.
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ඔහු මා හැමදාමත් ප්‍රිය කල ජීවයෙන් යුතු වූ රංගන ශිල්පියෙක්. අව්‍යාජ සිතක් තිබූ මනුස්සයෙක්. ඔබ කිව්වා සේම මෙවැනි ජීවයෙන් යුතු කලා කරුවන්ගේ නික්ම යාම ලොකු හිඩැසක්. ඒත් මෙයයි සොබා දහම. ඔහුට හොඳ තැනකටම යන්න ලැබේවා! රොන් සහෝදරයා ඔබට ස්තූතියි!
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
සත්තකින්ම හොද නලුවෙක්.
මම පොඩි දවස් වල බලපු ටෙලි නාට්ටිත් මතකයි මට.
එහෙම මතක තියෙන්නෙ නලුවා හොද නිසානෙ.
 

nwnbs

Member
තවත් එක් වටිනා චරිතයක් අපෙන් සමු අරන්...
ඔහුගේ නමින් අමතනවාට වඩා "දූ දරුවෝ" නාට්‍යයේ "ඩයස්" නමින් තමයි මම තාමත් ඔහුව හඳුන්වන්නේ... j2l සහෝදරයා කිව්ව වගේ බොහොම නිහතමානී චරිතයක් ඔහු...
එච්. ඒ. පෙරේරා මහත්මයාණෙනි... ඔබට නිවන් සුව...!!!
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
චරිතාන්ග නළුවෙක් කියන්න මොහුට වඩා උදාහරණ කොහෙන්ද ?
මට තාමත් මතකයි දූදරුවො ටෙලි නාට්‍යයේ ඩයස් මාමා ලෙසින් ඔහු අප සිත්වල තැබුන මතකය...
වටිනා මනුස්සයෙක්....හිතහොද මිනිහෙක් සමු අරන්.....සදහටම...

ඔබට නිවන් සුව ලැබේවා !
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඉතාම අපූරුවට ඔහුට ලැබුණ ඕනෑම චරිතයකට සමවැදෙන්නට ඔහුට හැකි වූ බව අපට ඔහුගේ රංගනයන් දිහා බැලුවහම පේනවා. මෙවන් අපූරු මිනිසුන් මිය යෑම සමාජයට විශාල පාඩුවක්. ඒත් අපි කාටත් වගේ ඔවුන්ටත් මරණය පොදුයි.