ඔය ටික ලියන්න මට දවස් දෙකක් ගියා, වැඩ කරන අස්සේ තමයි ලිව්වේ, සමහර වෙලාවට ඔෆිස් ඇරිලා ගෙදර යනකොට මතක් වෙන කවි පද මම phone එකේ msg එකක් විදියට type කරලා draft එකේ save කරගන්නවා, කොහොම කොහොම හරි අන්තිමට කවි 50ක් විතර ලියවෙලා මම දන්නේම නැතුව. ඕක ඇත්ත සීන් එකක් නම් නෙමෙයි, හිතලා ලියපු සීන් එකක්.
ඇත්තටම මම හිතුවට වැඩිය මේ කවි ටික හොද ඇති කියලා ඔයාලගේ කමෙන්ට්ස් දැක්කමයි මට හිතෙනවා, ගොඩක් වෙලාවට මට හිතුනා මේ කවි ටික අපේ අඩ්මින් කොලුවා දකලා මල පැනලා කරලා දායිද කියලා, ඔයාලට ගොඩක් ස්තුතියි මාව දිරිමත් කලාට, පුළුවන් වෙච්ච වෙලාවක මම අපහු මේ වගේ කවි සෙට් එකක් ලියන්නම්.