සොෆ්ට්ලොජික්, Burger King ලංකාවට ගෙනෙයි

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    සොෆ්ට්ලොජික්, Burger King ලංකාවට ගෙනෙයි

    Softlogic gets Burger King franchise

    Burger King සන්නාමය යටතේ අවන්හල් ජාලයක් ආරම්භ කිරීමට සොෆ්ට්ලොජික් සමාගම් සමූහය ගිවිසුමකට එළඹ තිබේ.

    සොෆ්ට්ලොජික් විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Soflogic Restaurants (Pvt) Ltd නැමති සමූහයට පූර්ණ අනුබද්ධ සමාගමක් මගින් මෙම අවන්හල් තවත් නොබෝ දිනකින්ම විවෘත කරන බවයි.

    මෙම අවන්හල් ආරම්භ කිරීමට සමාගම ගිවිසුමකට එළඹ තිබෙන්නේ සිංගප්පූරුවේ BK AsiaPac සමාගම සමග වන අතර එය ඇමරිකාව පදනම් කරගත් Burger King Worldwide සමාගමට අනුබද්ධ සමාගමකි.

    BK AsiaPac සමාගම විසින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු කිරීමට සහාය දෙනු ඇතැයි සඳහන්ය.


    Vimasuma
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    18846_01868976-photo-logo-burger-king.png
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    අඩේ එල එල. එහෙනම් ලංකවෙදිත් එලකිරි බර්ගර් එකක් කන්න පුලුවන්