මචං.. උඹ ප්‍රෝග්‍රැමිං ගැන මුකුත්ම දන්නේ නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න යන්න එපා. එහෙම කලොත් උඹට ප්‍රෝග්‍රැමින් එපා වෙයි. උඹ ඉස්සරහට ප්‍රෝග්‍රැමින් පැත්තෙන් career එකක් අරන් යන්න අදහසක් නැත්නම් VB.net හොඳයි. ඒක ලේසියි. අනෙක windows Applications නියමෙටම හදතෑකි. දිගටම ප්‍රෝග්‍රැමින් කරන්න අදහසක් තියේනම් java හරි C# හරි කරපන්. ඒවා නම් ටිකක් අමාරුයි. ඒත් උඹ VB කලොත් C# අල්ලගන්න ලේසියි. දෙකම දුවන්නේ එක platform එකේ.
ඩික්ෂනරියක් හදනවා නම් අනිවා ඩේටාබේස් මැනේජ්මන්ට් ගැනත් ඉගෙන ගන්න වෙනවා. මොකද වචනෙන් වචනෙට තේරුම ගබඩා කරන්න ඕනේ නිසා. අළුතෙන් වචන ඇඩ් කරන්නත් එතකොට පුළුවන්. නැත්නම් කෝඩිං එකෙන්ම විතරක් කරන්නත් පුළුවන්. හැබැයි කෝඩ්ං පේලි ලක්ෂයක්වත් ලියන්න වෙයි. ඊට වඩා ඉක්මන් සහ ලේසියි ඩේටාබේස් වැඩේ. VB.net වලට නම් Accsess ඩේටාබේස් වුනත් ඇති. මතක විදියට මධුර එකෙත් තිබ්බේ පාස්වර්ඩ් දාපු Access ඩේටාබේස් එකක්. කොහොම වුනත් DBMS කරනවා නම් SQL ඉගෙන ගන්නම ඕනේ...
මේවත් බලපන්...
http://www.vb6.us/guides/visual-basic-6-beginners-guide
http://sinhala-vb6.weebly.com/35083535349735123530-35123535351735353520-lessons.html
http://samanbandaraherath.blogspot.com/p/11-ict-01.html
http://gihangeblog.blogspot.com/2010/03/vb-part-01-microsoft-visual-basic-60.html
http://119sinhala.blogspot.com/search/label/Visual Basic
ජයවේවා... ඉගෙනගෙන හොඳ ප්‍රෝග්‍රැමර් කෙනෙක් වේවා !!!
Chathuranga Perera | චතුරංග පෙරේරා
Lead Graphic Designer / Writer,
Roo Pariganaka ICT magazine,
SoftImage Publications.
Pannipitiya, Sri Lanka.
http://chathucn.blogspot.com/
Elakiri. Good answer.. Mama kiwwath kiyanne oya tikama Thama. Programming igena ganna onenanm mulinma C/C++ languages igenagena patannawanam wada hodai.
Web site ekak oya wage hadannanam godak igena ganna wenawa. Eka Programming walin tikak ehata giya deyak. Mulinma Basic igena ganna. Passe apita kiyanna. We will help you.


