මට පොඩි සීන් එකක් මතක් වුණා. මම අවුරුදු කීපෙකට ඉස්සල්ලා පෝය දවසක සිල් ගන්න ගියා. වාඩි වෙන්න ලැබුණෙ ටිකක් වයසක උපාසකඅම්මලා ටිකක් ළඟ. ඉතින් හාමුදුරුවො මොනාද මොනාද කියවල සාදු කාරයක් දෙන්න කියල නැගිටල යන්න ගියා. එතන හිටපු උපාසකඅම්මලා කියනවා මට ඇහුණා "අනේ ෂෝක් බණ පොඩ්ඩ. මම නම් ආස අර නිකන් විහිළු බණ අහන්න" කියල කිව්වා. එපා වුණා මට.
(අපේ නෑදෑ කට්ටියක් එක්ක සිල් ගන්න ගියේ දිගන පැත්තෙ පන්සලක්.)