බොන්න දන්නෙ නැති උන්, ඒ කියන්නෙ ඒ බීම තමා ජීවිතේ අවසාන බීම වගේ බොන උන්, මෙලො රහක් නැති උන් එක්ක බොන උන්, තමන්ගෙ ලිමිට් එක දන්නෙ නැතුව බොන උන් තමා ඔහොම කියවන්නෙ.අරක්කු බීම නවත්තලාම දාපු උන් ඉන්නවද. මම නම් දැන් බොන්නෙම නැති තරම්. කිසිම තේරුමක් ජොලියක් නැති වැඩක්. මිනිස්සු වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ බොන නිසා. ලිමිට් එකට බොනවා, කාල බීලා ජොලියේ ඉන්න ඕනේ කතා බයිලා බන්. ලෙඩ වලට ලොකුම හේතුවක් ඕක. පොඩ්ඩක් වැඩි උනාම 95% චාටර්. ලගදි යාලුවෙක් මැරුණා බෑන්ක් මැනජෙර් කෙනෙක් වයස නෑ වැඩිය. බීලම අක්මාව දියවෙලා. ඊට කලින් මූ බොන නිසාම නෝනා ළමයා අරන් මූව දාල ගියා. බොන එකේ ජොලිය තියෙන්නේ බොන්න සෙට් වෙන ටිකෙයි බයිට් එනම් මනම් ප්ලේස් සෙට් කරගන්න එකේ විතරයි. බොන්න අරන් විනාඩි 20ක් වගේ ෂෝයි ෆීලින්ග් එකක් තිබ්බට එතනින් එහාට නෑ.
ඊයෙත් මීටින් එකක් ඉවර වෙලා යාලුවෙක් එක්ක ogf එක උඩ තියෙන british pub එකට ගිහින් බීලා ආවෙ.